News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
18

හඳුනා නොගත් වස්තුවක් ගාල්ල මුහුදේ

1558 Views


හඳුනා නොගත් වස්තුවක් ගාල්ල මුහුදේ

පිටසක්වල යානා ගැන ගොඩක් අය කතා කරනවා. සමහරු පිටසක්වල යානා දැක්කා කියලත් කියනවා. ඒ වුනාට හැබෑවටම පිටසක්වල යානා හම්බුනා අවස්ථා නම් නෑ. හැබැයි ඊයේ පෙරේදා ගාල්ලෙන් පිටසක්වල යානාවක් හමුවෙලා තිබ්බා.

සැතපුම් නවයක් දුරින් ගාල්ල මුහුදේදී පාවෙමින් තියෙද්දී තමයි හදුනා නොගත්තු යානය ධිවරයිට හම්බෙලා තියෙන්නෙ. මාළු මිරිස් කරලක් වගේ කොලපාට මේ වස්තුව ගාල්ල පොලියට බාර දුන්නට පස්සේ තමයි ඇත්තටම මොකක්ද කියලා හදුනා ගත්තෙ. මේක නාරා ආයතනයට අයිති සී ග්ලයිඩර් (Sea Glider) කියන උපකරණයක්. දිගුකාලින සාගර දත්ත සහ තොරතුරු එකතු කරන්න තමයි මේ උපකරණය පාවිච්චි කරන්නෙ. සි ග්ලයිඩර් යානයට ස්වයංක්‍රියව ගැඹුරු මුහුදේ කිමිදිලා සැතපුම් දහස් ගණනක් එක දිගට පරීක්ෂණ කරන්න පුළුවන්.

ලෝකය පුරාම මුහුදු පර්යේෂණ ආයතන මේ උපකරණය භාවිතා කරනවා. ලංකාවේ නාරා ආයතනයත් නිතරම මේ උපකරණයෙන් පරීක්ෂණ කරනවා. ධිවර කටයුතු වලට හරි, විනෝදයට හරි මුහුදු ගිය වෙලාවක මේ වගේ දෙයක් දැක්කොත් අතපත ගාන්න යන්නවත් එක ගොඩබිමට අරන් එන්නවත් එපා. බලධාරීන්ව දැනුවත් කරලා ඉක්මනටම එතනින් මාරු වෙන්නයි තියෙන්නෙ.

 


News Articles
Latest Videos
Most Popular Post