News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
19

අද ඔබට ජනප්‍රියත්වය ලැබෙන දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1693 Views


අද ඔබට ජනප්‍රියත්වය ලැබෙන දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 19 අඟහරුවාදා

රාහු කාලය: ප.ව 03.00 සිට 04.30

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: බස්නාහිර

 

මේෂ ලග්නය

ඔබගේ ඉගෙනීම කලා කටයුතු තුල දියුණුවට පත් වෙන්න තියෙන දිනයක්. ගෙදරදොර දියුණුවක් ඇතිකර ගන්න පුළුවන්. මවගේ සහයෝගය ඔබට ලබන්න පුළුවන්. ගුරු වෘත්තියේ හා රාජ්‍ය සේවයේ යෙදී සිටින ඔබට අද හිත සතුට දනවන බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරගන්න පුළුවන් දිනයක්. ඔබගේ උත්සාහයන් ඔබට සාර්ථක කරගන්න පුළුවන්.

ජය වර්ණය: සුදුපැහැය                  ජය අංකය: 04

 

වෘෂභ ලග්නය

ඔබගේ ඉඩකඩම් දේපල වල දියුණුවක් ඇතිකර ගැනීමට ඔබ උත්සාහයෙන් කටයුතු කල යුතුයි. එසේ වුනොත් ඔබට අනිවාර්යෙන්ම අද දිනයේ ගෙදර දොර දියුණුව තුල ඔබට පැහැදිලි ජයක් ලබන්න පුළුවන් වෙනවා. ඔබ ලියන මුද්‍රණ ක්ෂේත්‍රය තුල රැදී සිටිනවානම් අද ඔබගේ උත්සාහයන් සාර්ථක වී ඔබට ජය සතුට ලබන්න පුළුවන් දිනයක්. සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර ඔබට ලබන්න පුළුවන්. අසල්වැසියන් ඔබට උපකාර කරනවා. පිය පක්ෂයේ නෑයන්ගේ මිත්‍රත්වය ඔබට ලබන්න පුළුවන්. හැබැයි ඒ සියලු දේ ඔබ තුල පවතින උනන්දුව තුල ඔබට ප්‍රථිපල කරා ලගා වෙන්න පුළුවන්.

ජය වර්ණය: සුදු පැහැය                  ජය අංකය: 03

මිථුන ලග්නය

ඔබගේ ශක්තියෙන් තමාගේ උත්සාහයෙන් ඔබ අද වැඩ කටයුතු කලොත් පැහැදිලිව අද දිනය තුල ඔබ ගන්නා සියලු උත්සාහයන් ඔබට සාර්ථක කර ගැනීමට හැකියාව ශක්තිය ධෛර්ය පවතිනවා. විශේෂයෙන්ම ලියන මුද්‍රණ විද්‍යුත් අංශ වල සිටින අයට බොහෝ ජයග්‍රහණ ලබා ගත හැකියි. සහෝදරයන් අතර ඔබ බලවත් කෙනෙක් බවට පත් වෙනවා. පුරුෂ වීර්යයෙන් හා අවංකකමින් කටයුතු කිරිමින් ඔබට ගෙදරදොර දියුණුවක් ලබා ගැනීමේ වාසනාවක් තියෙනවා. ඔබගේ කතාව අවශ්‍ය තැනදී අවශ්‍ය විදියට ඔබ යොදා ගත්තොත් ධනය උපයා ගැනීමට හැකියි.

ජය වර්ණය: තැඹිලි පැහැය                       ජය අංකය: 03

 

කටක ලග්නය

ඔබගේ පසුම්බිය සල්ලිවලින් පිරෙන්න තියෙන දිනයක්. ඔබගේ වචනය භාවිතා කරන්න. අද ඔබ කාගෙන් හරි බලවත් කෙනෙක්ගෙන් ණයක් ඉල්ලුවොත් එය ලැබෙනවා. ඔබ දැනටමත් බැංකුවක් සමග ගනුදෙනු කරනවානම් යම්කිසි කටයුත්තක් සදහා ණය මුදලක් ලබා ගැනීමට අද පැහැදිලිව ඔබට ලැබෙනවා. ගෘහ හා විවාහ ජීවිතය තුල සතුට ඔබ සිතන පතන ආකාරයෙන් ලැබෙනවා. ඔබට කටට රහට ලැබෙනවා. ඔබගේ උත්සාහය තුල ඔබගේ පවුල වෙනුවෙන් ඔබ යම්කිසි කටයුත්තක නිරත වුනොත් එහි සාර්ථකත්වය ලබා ඔබට ගෞරවයකට පත් වෙන්නත් පුළුවන්. කෙටි ගමන් බිමන් සාර්ථක වෙනවා. ඔබගේ සහෝදරයන් අසල්වාසීන් සමග කරන කටයුතු වලින් ඔබට යම්කිසි පැහැදිලි ප්‍රථිපලයක් ලබා ගැනීමට ඉඩකඩ ඇති කරනවා.

ජය වර්ණය: තැඹිලි පැහැය                        ජය අංකය: 02

 

සිංහ ලග්නය

ඔබ අද පොලවේ පය ගහලා තමාගේ මනස තුල තියෙන බුද්ධිය තමාට ඕන ආකාරයෙන් එකතු කරගෙන අන් අය තුල ගෞරවයකට පත් වෙන්න පුළුවන් දිනයක්. ඔබ කිසි කෙනෙකුගේ උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වෙන්නැතුව සිය උත්සාහය තුලින් තම දියුණුව කරා ගමන් කරන්න යන්න අධිෂ්ඨාන කරන පුද්ගලයෙක්. හැබැයි සිත මනස චංචල වෙනවා. අද බොහෝ විට ඔබ අන් අයට ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ගෘහ හා විවාහ ජීවිතය තුල සතුට ප්‍රීතිය ලබන්න පුළුවන් දිනයක්.

ජය වර්ණය: තැඹිලිපැහැය                         ජය අංකය:  01

 

කන්‍යා ලග්නය

තමාගේ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමේදි තමාට ගෞරවයක් ලබා ගැනීමට උත්සහ කිරීමේදී ඒ සදහා ප්‍රමාද වෙන්න තියෙන දිනයක්. ඔබට ඔබගේ ගැටළු තිබියදී ඔබ අන් අයගේ ගැටළු ඔබගේ කරමත පින්නාගෙන දුකට පත්වන දිනයක්. එසේ වුනොත් ඔබ බලාපොරොත්තු වන දියුණුව අපේක්ෂිත මට්ටමින් ඔබට නොලැබී යාමට ඉඩකඩ තියෙනවා. ඔබගේ කතාවේ දක්ෂතාවය මුවහත් කර ගත්තොත් ඔබට අන් අයගෙන් වාචික ප්‍රශංසාවක් ලැබෙන්න සුදුසු වෙනවා. ඒ තුලම ඔබට යම්කිසි වචනය කතාබහ මුල්කොට ගෙන ආදායම් ඉපයීමට හැකියාවක් වාසනාවක් ඔබ තුල පවතිනවා. අවබෝධයෙන් යුතුව කලට වෙලාවට තමාගේ නමට ගෞරවයක් පැමිණෙන ලෙස අප්‍රමාදීව ඔබ ක්‍රියාත්මක විය යුතුයි.

ජය වර්ණය: සුදු පැහැය                  ජය අංකය: 01

 

තුලා ලග්නය

අද ඔබ හරි පහසුවෙන් තම මිතුරන් අතින් රැවටෙන්න තියෙන දිනයක්. මිතුරු ඇසුර මුල් කරගෙන ඔබ වැරදි මාර්ග වලට යන්න ඉඩ තියෙනවා. ඔබට ලැබිය යුතු ආදායම් නොලැබී යන්න පුළුවන්. ඔබ අතේ තියෙන මුදල් නිකරුණේ නාස්ති වී යන්න පුළුවන්. ඔබගේ අලසකම එපා වීම දිනයේ දෛනික වැඩ කටයුතු කල් දැමීම නිසා ඒවගේ දේවල් වලට ඔබට මුහුණ පාන්නට සිදු වෙනවා. එසේ වුනොත් ඔබ අස්ථාන චෝදනා ලබන්න පුළුවන්. ඒනිසා දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ ඔබේ ප්‍රතිරූපය නමට ගෞරවයක් ලැබෙන පරිදි අප්‍රමාදීව කටයුතු කල යුතුයි. තමාම නිවැරදි තීරණ අරගෙන අවබෝධයෙන් ක්‍රියාත්මකවන්න.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 01

 

වෘශ්චික ලග්නය

 

අද ඔබගේ වෘත්තීය තුල ඔබ ජනප්‍රියතාවයට පත් වෙන්න පුළුවන්. ඔබ වගකීම් දැරීමේදී අන් අය අබිභවා සමාජය තුල මිතුරන් අතරේ කැපී පෙනෙන්න තියෙන දිනයක්. ඔබට හොදින්ම ආදායම් ලබන්න තියෙන දිනයක්. සමාජීය වගකීම් දැරීමට හොදම දිනයක්. වැඩිමහල් සහෝදර ආශ්‍රයෙන් ඔබට සතුටක් ලැබෙනවා. ඒනිසා වෘත්තීය කටයුතු සාර්ථක කරගෙන ඔබගේ ආදායම් මාර්ගත් දියුණුවට පත්කර ගනිමින් ඉදිරියට ගමන් කරන්න පුළුවන් දිනයක්. ඔබ සතු නායකත්වය මිත්‍රශීලි ලෙස ක්‍රියාවේ යොදවන්න.

ජය වර්ණය: ලා කහපැහැය                        ජය අංකය: 03

 

 

ධනු ලග්නය

ඔබ දැනටමත් උසස් ඉගෙනීමක නිරත වෙලා සිටිනවා නම් අද ඔබගේ ඒ හැකියාවන් මුල්කරගෙන ඔබ සමාජය තුල ජනප්‍රියතාවයක් ලබන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ විදෙස් ගමන් වන්දනා ගමන් සාර්ථක වෙනවා. අද ඔබ බොහෝ පිං කරන්න කැමති කෙනෙක්. මිතුරු ආශ්‍රයට කැමැත්තක් දක්වනවා. ඔබට ඔබගේ ආදායම් වැඩි කර ගන්න පුළුවන්. ජනප්‍රියතාවයක් ගෞරවයක් ලබන්න පුළුවන්. වෘත්තීය හැකියාවන් මුල්කරගෙන රැකියා කටයුතු සාර්ථක වෙනවා.

ජය වර්ණය: රතු පැහැය                ජය අංකය: 09

 

මකර ලග්නය

අද ඔබ බොහෝ ප්‍රසාදයට පත් විය යුතු දිනයක්. අඳුරු පසුබිමක් තුල ඔබගේ නොදැනුවත්කම හෝ ඕන්නැතිකම හෝ රැවටීම මුල්කරගෙන ඔබ බොහෝ ගැටළු වලට බාධා වලට ලක් වෙනවා. ඔබගේ ශාරීරික සෞඛ්‍ය පිරිහෙන්න පුළුවන් දිනයක්. මානසික ශක්තින් හීන වී යන්න පුළුවන්. දුක තදින් දැනෙන්න තියෙන දිනයක්. විශේෂයෙන්ම විවාහ ජීවිතය තුල අර්බුද මතුකරන්න පුළුවන්. ඔබගේ නින්ද සුව පහසු වෙන්නෙ නම් නෑ. මේ දිනය සාර්ථකත්වය තුල ඔබට පැමිණෙන සියලු බාධාවන්ට මුහුණ දීමට තරම් ඔබ එඩිතර විය යුතුයි. ඔබ අන් අය සමග සහයෝගයෙන් යුතුව බුද්ධිමත්ව කටයුතු කලයුතු වෙනවා. එසේ වුනොත් සාර්ථක විය හැකියි.

ජය වර්ණය: සුදු පැහැය                ජය අංකය: 05

 

කුම්භ ලග්නය

අද ඔබට ඔබගේ බුද්ධිය තුල නුවණ මුල්කොට ගෙන ඔබගේ සියලු හවුල් කටයුතු ඉතාම හොදින් සාර්ථක කරගන්න පුළුවන් දිනයක්. කොටස් වෙළදපොල කටයුතු වලින් ඔබට පැහැදිලි ලාභ ලබන්න පුළුවන්. මහජන සේවා කටයුතු වලින් ඔබ බුද්ධිමතෙක් ලෙස අන් අය අතරේ කැපී පෙනෙනවා. ඔබ අවිවාහකයෙක් නම් අද ඔබට විවාහයක් ගැන නැවත සිතන්න පුළුවන් දිනයක්. ඒ සදහා හොඳ මංගල යෝජනා ලැබෙන්න තියෙන දිනයක්. ඉගෙනීම ක්‍රිඩා කලා කටයුතු වලින් පැහැදිලි දියුණුවක් ලැබිය හැකියි. රාජ්‍ය අංශයේ උදව් උපකාර ලැබීමට අද ඔබ සුදුසු වෙනවා.

ජය වර්ණය: කොළ පැහැය                        ජය අංකය: 05

 

 

මීන ලග්නය

බොහෝ බාධක ගැටළු පසුබිමක් තුල ඔබ බුද්ධිමත් කමින් යුතුව වැඩ කටයුතු කිරීම හේතු කොට ගෙන ඔබට පැමිණෙන සියලු බාධක මග හරවා ගනිමින් දිනයේ මද්‍යස්ථ දියුණුවක් ලැබිය හැකියි. අද සතුරවත් මිතුරවත් ඔබ තුල නැති දිනයක්. ඔබට ධනය උපයා ගැනීමට හැකියාව වාසනාව තියෙනවා. මවගේ සහයෝගය ලැබෙනවා. ඉන්න ප්‍රදේශය තුල ගෞරවයක් ලැබිය හැකියි. ආදරය තුල ඔබ බලාපොරොත්තු වන ලෙන්ගතුකම සෙනෙහෙවන්තකම ඔබට ලැබෙන්න තියෙන දිනයක්.

ජය වර්ණය: සුදු පැහැය                              ජය අංකය: 05

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ස් සේනානායක

දුරකථන අංකය: 077 67 19 151


News Articles
Latest Videos
Most Popular Post