News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
19

අත්භූත කරත්ත රෝදයක් කළුතර අහසේ පාවෙයි.

1532 Views


අත්භූත කරත්ත රෝදයක් කළුතර අහසේ පාවෙයි.

යුද්දේ කාලේ ඔලුවට උඩින් කාක්කෙක් ගියත් බය වුන අතීතයක් තමයි අපිට තියෙන්නෙ. කොයි වෙලේ කොටින්ගේ කුරුම්බැට්ටි මැෂිමක් උඩින් ඇවිත් බෝම්බ දායිද කියල ෂුවර් එකක් තිබ්බෙ නෑ. ඒ නිසා තාමත් සමහරු පහළින් හෙලිකොප්ටර් යද්දී බයයි. පහුගිය දවස් වල කළුතර අහසේත් රවුම් ගැහුව අමුතු හෙලිකොප්ටරයක් නිසා මිනිස්සු හිටියෙ කලබල වෙලා.

ලොකු කරත්ත රෝදයක් එල්ල ගෙන හෙලිකොප්ටරයක් පහළින්ම පියඹනවා කියලා තමයි ආරංචිය ආවේ. හොයලා බැලින්නම් වැඩේ ඇත්ත. ඇත්තටම මේ හෙලිකොප්ටරය මොකක්ද කියලා හොයලා බැලුව තමයි දැන ගත්තේ පොලව යට තියෙන මිනිරන් හොයන හෙලිකොප්ටරයක් කියලා. ලොකු කරත්ත රෝදයක් වගේ තියෙන්නෙ භූගත මිනිරන් හොයන්න භාවිතා කරන රේඩාර් උපකරණය.

නිලධාරින් හරියට මිනිස්සුන්ව දැනුවත් නොකර නිසා තමයි මේ කලබලය ඇති වෙලා තියෙන්නෙ. ගිනි පෙරෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බය වෙන එකේ මේ හෙලිකොපටරයට මිනිස්සු බය වුන එක සාධාරණයි.


News Articles
Latest Videos
Most Popular Post