News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
21

“ලංකාවේ ක්‍රීඩකයෝ මෙහෙම සල්ලි එපා කියයිද? කෝලි කොච්චර හොඳ කෙනෙක්ද?” කියමින් ලංකාවම Status දාද්දි විරාත් කෝලිගේ ඇත්ත ස්වරුපය ඉන්දියාව හෙළි කරයි.

4793 Views


“ලංකාවේ ක්‍රීඩකයෝ මෙහෙම සල්ලි එපා කියයිද? කෝලි කොච්චර හොඳ කෙනෙක්ද?” කියමින් ලංකාවම Status දාද්දි විරාත් කෝලිගේ ඇත්ත ස්වරුපය ඉන්දියාව හෙළි කරයි.

වීරත් කෝලි, කාලයක් ලංකාවේ ප්‍රේක්ෂකයෝන්ට නයාට අඳු කොළ වගේ. හැබැයි එකට දැන්. ලංකාවේ ක්‍රීඩකයන්ට වඩා කොලිට ලංකාවේ ප්‍රේක්ෂකයෝ ආදරය කරනවා. ඒකට ලොකුම හේතුවක් වුනේ පහුගිය දවස්වල Facebook එකේ පැතිරුණ කටකතාවක්. සිසිල් බිම දැන්වීමක රඟපාන්න කෝලි ප්‍රතික්ෂේප කරලා. ඒ කෝටි ගණනක කොන්ත්‍රාක්තුවකට පයින් ගහලා.

“මම ශරීරයට අහිතක ඒ බිම වර්ගය බොන්නේ නෑ. ඉතිං මම කොහොමද තව කෙනෙක්ට බොන්න පොලබවන්නේ ඒ නිසයි මම මේ වෙළඳ දැන්වීමට බෑ කිව්වෙ.” කෝලි නම් කිව්වේ එහෙමයි. ඔය කතාව අහලා තමයි අපේ කට්ටිය ෆෝම් වුනේ. කෝලි මරු, බය නැතුව කොන්ද කෙලින් තියාගෙන කෝටි ගානකට පයින් ගැහුවා, අපේ ක්‍රීඩකයෝ නම් ඔහොම කරයිද, ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ Facebook එකේ කතා කරේ ඔහොමයි. හැබැයි ඉතිං අපි දැන් මේ කියන කතාව අහුවට පස්සෙ නම් එහෙම කතා කරපු අයට ලැජ්ජා හිතෙයිද දන්නෙ නෑ.

කෝලි මේ වගේ සිසිල් බිම වර්ගයක වෙළඳ දැන්වීම් වලට පෙනී ඉන්න පටන් ගත්තෙ මීට අවුරුදු 6 කට කලින්. කෝලිට මේ වැඩ වලින් කෝටි ගණනක් හම්බවුනා. ඒ ගිවිසුම පහුගිය දවසක ඉවර වුනා. ඊට පස්සේ ඒ ගිවිසුමම ආයෙත් අලුත් කරන්න යද්දී තමයි කෝලි මේ බිම වර්ගය ශරීරයට අහිතකරයි කියලා තමයි කිව්වෙ. පහුගිය අවුරුදු 6 ක කාලේදී මේ බිම වර්ගයේ තිබ්බ අහිතකර බව පෙනුනේ නැද්ද? දැන් ඉන්දියාවට තියෙන්නෙ එහෙම ප්‍රශ්නයක්.


News Articles
Latest Videos
Most Popular Post