News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
21

ලෝකයම හඬවපු රෝහින්ග්‍යා සරණාගතයින්ගේ චායාරූප බොරු ඒවා…

1842 Views


ලෝකයම හඬවපු රෝහින්ග්‍යා සරණාගතයින්ගේ චායාරූප බොරු ඒවා…

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ඉන්න බහුතරය බෞද්ධ ආගමේ අය. ඉතින් එහෙ ඉන්න මුස්ලිම් අය අතරේ දීර්ඝ කාලයක් පුරාවට තියෙන මුල් බැස ගත් අවිශ්වාස සහ විරෝධය තමයි රෝහින්ග්‍යා ගැටුම් වලට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. මේ ප්‍රාන්තයේ තියෙන ප්‍රචණ්ඩ ක්‍රියා වල තත්වය මේ වෙනකොට උග්‍ර වෙලා තියෙනවා. ඒ නිසා සටන් පවතින ප්‍රදේශ කියලා පෙන්නලා එක එක විදිහේ Photos මේ වෙද්දී සමාජ ජාලා වල හුවමාරු වෙනවා. ඒ වගේම රෝහින්ග්‍යා සරණාගත ප්‍රශ්නයට ලෝකේ වටේටම රටවල් වලට උග්‍ර බලපෑමක් කරන්නත්, මේ Photos වලට පුළුවන්කමක් වෙලා තියෙනවා.

මේ විදිහට රෝහින්ග්‍යා අර්බුදය හා සම්බන්ධ සටහනක් එක්ක Photos වගයක් තුර්කියේ නියෝජ්‍ය අගමැති මෙහෙමට් ශිම්ෂෙක් පසුගිය අගෝස්තු 29 වෙනිදා එයාගේ Twitter Account එකේ දාලා තිබුනා. මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව දියත් කර ඇති “වාර්ගික ශුද්ධය” අවසන් කිරීමට කටයුතු කරන්න කියලා ඔහු සිය Twitter පණිවුඩය හරහා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලලා තිබුනා. ඒ Twitter පණිවුඩය 1,600 වාරයක් ආපහු හුවමාරු (Retweet) වෙලා තිබුන අතර තවත් 1,200 දෙනෙකු ඊට කැමැත්ත (Like) පළ කරලා තිබුනා. එත් එක්කම Twitter පණිවුඩයේ තිබුන Photos වල ඇත්ත ගැන විවේචන එල්ල වෙන්න පටන්ගත්තා.ඊට දවස් තුනකට පස්සේ නියෝජ්‍ය අගමැති මෙහෙමට් ශිම්ෂෙක් ඒ සටහන සිය Twitter ගිණුමෙන් මකලා දාලා තිබුනා.

වතුරේ පාවෙන මළසිරුරු දැක්වෙන පළවෙනි Photo එකේ සුල මුල හොයාගන්න එක ටිකක් අමාරු වැඩක් වුනත්, ඒ Photo එක 2008 අවුරුද්දේ හටගත් නාගීස් කුණාටුවෙන් මරණයට පත් පුද්ගලයන්ගේ Photo කියලා සමහර මියන්මාර ජාතිකයෝ එය අභියෝගයට ලක් කළා. තවත් සමහරෙක් කිව්වේ ඒ Photo මියන්මාරයේ හටගත් ගංවතුරකට හසු වූ පුද්ගලයන්ගේ මළසිරුරු බව. කොහොම වුනත් ඒ Photo වෙබ් අඩවි කිහිපයක පසුගිය අවුරුද්දේදී පලවෙලා තිබුනා.ඒ අනුව ඒ Photo රඛයින් ප්‍රාන්තයේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා හා සම්බන්ධ නෑ කියලා පෙනෙන්නට තිබෙනවා.

ගසකට තබා ගැට ගහලා තියෙන පුද්ගලයෙකුගේ මෘත දේහය ඉදිරියේ හඬා වැලපෙන කාන්තාවක දෙවෙනි Photo එකෙන් දැක්වෙනවා. ඒක 2003 අවුරුද්දේ ජුනි මාසයේ දී ඉන්දුනීසියාවේ අචේ ප්‍රදේශයේ දී රොයිටර් පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙක් ගත්ත ඒවා. සිය මවගේ මළ සිරුර ඉදිරියේ හඬා වැලපෙන බිලිඳුන් දෙදෙනෙකු දැක්වෙන Photo එක අරගෙන තියෙන්නේ 1994 ජුලි මාසයේ දී රුවන්ඩාවේදී. හතරවෙනි Photo එකේ මුලක් අගක් හොයා ගන්න එක ටිකක් අමාරු වැඩක් වුනත් නේපාලයේ හටගත් ජල ගැලීම් හමුවේ විපතට පත්වුන යට ආධාර ඉල්ලලා පළ කළ වෙබ් පිටුවක ඒක දැකගන්න පුළුවන් වුනා. ඊට ප්‍රතිචාර දක්වා අදහස් පළ කර (Comment) ඇති පිරිස සියයකට අධිකයි.

කුඩා දරුවෙකු වෙත ගිනි අවියක් එල්ල කර සිටින ආකාරය දැක්වෙන පළමු Photo එක 2017 මාර්තු මාසයේ යේමනයේ සමාජ ජාල තුළ පළ වූ ඡායාරූපයක්. මේ අතරේ මියන්මාරයේ බෞද්ධ ප්‍රජාව ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇති ආකාරය කියලා Facebook එකේ Photos විසිදහකට වඩා වාරයක් Share වෙලා තිබුනා.

මේ අතර මියන්මාරයේ පිටුවහල් කරන රෝහින්ග්‍යා මුස්ලිම් “අන්තවාදීන්” තවත් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන ආවා කියලා Video වගයක් Facebook එකේ තියෙනවා. ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා රජය විසින් පහසුම් සපයනු ලබන බවත් ඒ Video එකේ දැක්වෙනවා. මේ Video එක පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් (Share) කරගෙන තියෙනවා. නාවික හමුදා නිලධාරියෙක් විසින් එය පටිගත කර සමාජ මාධ්‍ය වෙත එක් කර ඇති බවත් Video එකේ දැක්වෙනවා.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ අවසාන වරට රෝහින්ග්‍යා සරණාගතයන් කණ්ඩායමක් නාවික හමුදා භාරයට ගනු ලැබුවේ අප්‍රේල් 30 වෙනිදා බව. ඒ වගේම පොදුවේ ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වන ඕනෑම ආකාරයක කණ්ඩායම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නෞකා ස්ථානගත කර ඇති බවත් කියනවා. ඒ විදිහට පැමිණෙන කණ්ඩායමක් අත්අඩංගුවට පත් වුනාට පස්සේ ශ්‍රී ලංකා පොලිසිය වෙත භාර දෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව කියනවා. ඒ අනුව Facebook එකේ Share වෙන මේ Video එකත් බොරු ප්‍රචාරයක්.


News Articles
Latest Videos
Most Popular Post