News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
21

Facebook දන් දෙයි.

1546 Views


Facebook දන් දෙයි.

මේ වෙද්දී ලෝකේ වැඩිම දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න, පාවිච්චි කරන Web Site එකක් තමයි Facebook කියන්නේ. ඉතින් මේ Facebook එකෙන් එක එක කාලෙදී එක එක විදිහේ සමාජ සත්කාර කරනවා. මේ සමාජ සත්කාර වලට එයාලා පාවිච්චි කරන්නේ ආයතනය වාර්ෂිකව හමබකරන සල්ලි වලින් කොටසක්. ඒ වගේම තමයි Facebook එකේ අයිතිකාරයා වන මාර්ක් සකර්බර්ග් මේ වගේ වැඩ වලට ගොඩක් ප්‍රසිද්ධයි.

ඉතින් මෙයාලගේ අලුත්ම සමාජ සත්කාරය තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි මෙක්සිකෝවේ සිදුවූ භූ කම්පනයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර දෙන්න Facebook ආයතනය ඉදිරිපත් වෙලා. මේ අනතුරෙන් පුද්ගලයින් 250 කට ආසන්න පිරිසක් මිය ගිය අතර තුවාල ලැබූ පුද්ගලයින් ගණන 700 ක් ඉක්ම වන බව තමයි මෙක්සිකෝවෙන් වාර්තා වෙන්නේ. මේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිසුන් 21 දෙනෙකු මරණයට පත් වීම ගැන තමයි Facebook ආයතනයේ වැඩි අවධානය යොමුවෙලා තියෙන්නේ. ඒ නිසා මෙක්සිකෝවේ සේවයේ කරන රතු කුරුස සංවිධානයේ කටයුතු සාර්ථක කරගන්න සහ විපතට පත් ජනතාවට පිහිටවිඉමට තමයි මේ සල්ලි දෙන්නේ.ඉතින් මේ විදිහට ලබා දෙන්න Facebook ආයතනය තීරණය කරලා තියෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියනයක්. ඉතින් සල්ලිකාර Facebook එකෙන් දෙන මේ ගැන Facebook එකට පොඩි ගානක් වුනත්, අසරණ වුන අයට නම් මහා මෙරක් ගානට මේ වෙලාවේ වටිනවා.


News Articles
Latest Videos
Most Popular Post