සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ගේ ඇගේ උපන් ලප තියෙනවා. ගොඩක් ගැහැණු ළමයින්ට මේ උපන් ලප නිසා අමුතු ලස්සනක් එනවා. කාන්තාවන්ගේ උපන් ලප තියෙන තැන අනුව ඒ කාන්තාවගේ ගතිගුණ කියන්න පුලුවන් කියලයි නාරි දේහ විද්‍යාවේ කියන්නෙ. මේ තියෙන්නෙ කාන්තාවන්ගේ උපන් ලප තියෙන ස්ථානය අනුව ඇයගේ ගතිගුණ. බලන්නකෝ ඔබේ පෙම්වතියගේත් මේ තැන්වල උපන් ලප තියේද කියලා.
නිකටේ උපන් ලපයක් තියේනම් ඒ කාන්තාවට ලස්සන වගේම සරාගී බවක් ඇති කරනවා.
දකුණු නාසයට බර වෙලා කම්මුලේ පිහිටලා තියෙන උපන් ලපය තමන්ගේ ස්වාමියාගෙන් ඈත්වීමක් වගේම පලවෙනි විවාහය අසාර්ථක වෙන බවක් තමයි පෙන්නුම් කරන්නෙ.
නාසය මැද උපන් ලපයක් තියෙන කාන්තාව ධනවත් කාන්තාවක් වෙනවා.
තොලේ තියෙන උපන් ලපය සරාගී හැගුම් ඇති කරනවා.
ඇහි පිහාටුවේ උපන් ලපයක් තියේ නම් ඒ කාන්තාවට හොද දුර දක්නා බවක් තියෙනවා.
හිසේ තියෙන උපන් ලපයෙන් දැනුමෙන්, ශක්තියෙන් වගේම හොද කථිකත්වයෙන් පිරුණු කාන්තාවක් වෙනවා.
බෙල්ලේ පිටිපස්සේ උපන් ලපයක් තියෙන කාන්තාව අනිත් අයගේ ගොඩක් උදව් කරන කෙනෙක්.
පපුව මැද තියෙන උපන් ලපයෙන් අනුකම්පා සහගත බවක් වගේම අනිත් අයට හිතවත් බවක් පෙන්නුම් කරනවා.
කාන්තාවකගේ වම් පියයුරේ උපන් ලපයක් තියේ නම් ඇයට වාසනාවන්ත පුත්තු ලැබෙනවා.
දකුණු පියයුරේ උපන් ලපයක් තියේනම් ඒ කාන්තාවට වාසනාවන්ත දියණියන් ලැබෙනවා.
උදරයේ දකුණු පැත්තේ රතු පාට උපන් ලපයක් තියේ නම් ඇය ඉතාම වාසනාවන්ත කාන්තාවක් වෙනවා.
උදරයේ වම පැත්තෙ උපන් ලපයක් තියේ නම් ඒ කාන්තාව ස්වාමියාට ගොඩක් ආදරය කරන කෙනෙක්.
කාන්තාවකගේ යටි බඩේ විසිරුනු උපන් ලප තියේ නම් ලස්සන රූපයක් තියෙන, වාසනාවන්ත, අනුන්ගේ හිත කියවන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම ඇයට පුරුෂයන් වශී කර ගන්නත් ඔවුන්ගේ උදව් ලබා ගන්නත් දක්ෂයි.