පුද්ගලයෙකුට දෂ්ඨ කළ වරදට ඇල්ලූ සර්පයා රෝහලේදී අනුකම්පාව දිනා ගත්ත හැටි.
2908 Views
යාපනය කරෙිනගර් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුට සර්පයෙක් දෂ්ඨ කරා. ඉතින් ප්‍රදේශවාසීන් එකතු වෙලා මේ සර්පයාව අල්ලාගෙන බෝතලයකට දාල යාපනය රෝහලට ගෙනාවා. ඒ දෂ්ඨ කිරීමට ලක්වුණු පුද්ගලයත් එක්කයි.
රෝහලට ගෙනත් ටික වෙලාවකින් මේ සර්පයා පැටවූ 9 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඉතින් මේ සර්ප පැටවුන් කොළඹ ජාතික සත්ත්ව උද්‍යානය වෙත භාරදීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙන බවටත් වාර්තා වෙනවා. කොහොමවුනත් මේ පැටවූ බිහිකරපු නිසා මව් සර්පයා ගැන රෝහලේ හැමෝම අනුකම්පාවෙන් කතා කරා කියලයි ආරංචිය.
සර්පයා දෂ්ඨ කිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයා තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.