ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කොච්චර වැටුනත් ආන්දෝලනාත්මක පුවත් මවන එක නම් අඩු වෙලා නෑ. තරග පාවාදීම ගැන දැන් ලංකාවේ ක්‍රිකට් වල ගොඩාක් කතා වෙනවා. ඒ පළමු පෙළ තරග වලදී පානදුර කණ්ඩායම හා කළුතර කණ්ඩායම අතර තරගය පාවා දුන් බවට පරීක්ෂණයකින් ඔප්පු වුන නිසා. ඒ පරීක්ෂණය ගැන විවිධ ගැටළු ඇති වුනත් අන්තිමේදී ක්‍රීඩකයෝ දෙන්නෙක්ටම අවුරුදු 2 ක් ක්‍රිකට් නවත්තන්න වුනා.
අලුත්ම ආරංචිය තමයි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ටත් තරග පාවා දීම ගැන පරීක්ෂණයක් කරන්න යනවා. හැබැයි මේ පරීක්ෂණය කරන්න කියලා ඉල්ලන්නෙත් ක්‍රීඩකයන්මයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 40 දෙනෙකුගේ අත්සනින් එක්ක ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දීලා තියෙන්නෙ.
මේ පරීක්ෂණය ඉල්ලන්න හේතුව වෙලා තියෙන්නෙ හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයකු හා තේරීම් කමිටු සාමාජිකයකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ළගදි මාධ්‍යට කියපු ප්‍රකාශයක්. ඔහු කියලා තිබ්බේ ශ්‍රී ලංකා කණ්ඩායම අස්වාභාවික ලෙස තරග පරදින බවත්, සමහර තරග වල ගත්ත තීරණ ක්‍රීඩාගාරයෙන් පිටත ඉන්න පුද්ගලයන්ගේ බලපෑම මත සිද්ධ වුනා කියලා. ඒ වුනාට ඒ පුද්ගලයෝ කවුද කියලා නම් ඔහු කිව්වේ නෑ.
කොහොම වුනත් ක්‍රීඩකයෝ නම් කියන්නෙ ඒ චෝදනා බොරු කියලා. ඒ නිසා තමයි මේ ගැන පරීක්ෂණයක් කරලා සත්‍ය හෙළි කරන්න කියලා ඔවුන් කියන්නෙ. ඒ වෙනුවෙන් සියලුම ක්‍රීඩකයෝ සම්පුර්ණ සහය දෙනවා කියලත් ඔවුන් කියනවා. ක්‍රීඩකයන් අත්සන් කරපු ලියුම ක්‍රිකට් ආයතනයට ලැබුනා කියලා ඔවුන් තහවුරු කරා.
එක එක අය තැන් තැන් වල කරන චෝදනා වලට සද්ද නැතුව ඉන්නවට වඩා මේ විදියට ඒවා බොරුවක් කියලා ඔප්පු කරලා පෙන්නන එක නම් හොද දෙයක්.