News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
22

ඕස්ට්‍රේලියාවට යන්න ලේසිම ක්‍රමය මෙන්න. බෝට්ටු අනවශ්‍යයි.

4876 Views


ඕස්ට්‍රේලියාවට යන්න ලේසිම ක්‍රමය මෙන්න. බෝට්ටු අනවශ්‍යයි.

ඕස්ට්‍රේලියාවට පැනලා Job එකක් කරන්න තියෙනවනම් සල්ලි තමයි කියන එක ගොඩාක් අය විශ්වාස කරන දෙයක්. හැබැයි ඉතින් යන්න කලින් සම්පුර්ණ කරගන්න දේවල් ගොඩක් තියෙනවා වගේම ගොඩක් සල්ලිත් යන වැඩක් තමයි මේක. මේ නිසා බොහෝ අය කරන්නේ වැරදි පාරෙන් යන්න උත්සහා කරන එක. ලේසිම ක්‍රමය විදිහට කරන්නේ ජීවිතෙත් පරදුවට තියලා බෝට්ටුවෙන් එහෙ යන එක. ඒ නිසාම තවත් අය එක එක ජාවාරම් කාරයන්ගේ ගැට වලට අහුවෙලා අනාථ වෙනවා. අන්තිමේ ඒ අයට ගිහින් නවතින්න වෙන්නේ පැපුවානිව්ගිනියාවේ සරණාගත කඳවුරු වල. එහෙම එන අනවසර සංක්‍රමණිකයන්ට එහෙ රජය කරන්නේ ආපහු තමන්ගේ රටටම හරවලා එවන එක. අන්තිමට වියදම් කරපු සල්ලි ඔක්කොම ටික වතුරේ ගිහින් ණයකාරයෙකුත් වෙනවා.

ඉතින් මේ කියන්න යන්නේ හරිම විදිහට අපි කොහොමද ඔස්ටේ‍්‍රලියාවේ යන්නේ කියන කාරණේ ගැන. පහතින් කියලා තියෙන ක්‍රම ටික අනුගමනය කලොත් හරි විදිහට, එහෙමත් නැත්නම් නිත්‍යානුකුල විදිහට ඔබට ඔස්ටේ‍්‍රලියාවේ යන්න පුළුවන්.

1. ඔස්ටේ‍්‍රලියාවේ වෘත්තිය දක්ෂතා මත ලබාදෙන රැකියාවක් වෙනුවෙන් අයදුම් කිරීම. මේකට අනිවාර්ය කරුණු කිහිපයක් තියෙනවා.

1) පිළිගත් වෘත්තියක පළපුරුද්ද (එය පිළිගත් ආයතනයකින් තහවුරු කරලා තියෙන්න ඕන),
2) වයස අවුරුදු 50ට අඩු වෙන්නත් ඕන
3) ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් තියෙන්න ඕන.
4) හොඳ සෞඛ්‍ය තත්වයක් තියෙන්න ඕන.
5) අධිකරණයෙන් මොනම දේකටවත් වරදකරුවෙක් නොවෙන්න ඕන.

මේ කරුණු ටික සම්පූර්ණ නම් ඒ රටේ රජයේ නිල වෙබ් අඩවිය හරි ඔස්ටේ‍්‍රලියානු සංක‍්‍රමණිකයන් සම්භන්ධ වෙබ් අඩවි වලින් අයදුම් කරන්න පුලුවන්.

2. ස්පොන්සර්ස් (Sponsorship) හෙවත් අනුග‍්‍රාහක වීසා ලබාගැනීම.
ඥාතීයෙක් මගින් හරි ඒ රටේ ආයතනයක් මගින් අනුග‍්‍රාහකත්වය දුන්නොත් ඔබට කිසි බාධාවක් නැතුව සංක‍්‍රමණය වෙලා එහෙ Job එකක් ගන්න පුළුවන්.

3. ව්‍යාපාරික වීසා ලබාගැනීම.
ඔබ ඒ රටේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හරි ආයෝජනය කරන්න ලැස්ති නම් ඒ බව තහවුරු කරපු ගමන් ඉක්මනින් වීසා ලබාගන්න පුළුවන් වෙනවා.

4. ඔබගේ සහකරු හෝ සහකාරිය ඕස්ටේ‍්‍රිලියාවේ පුරවැසියෙකු වීම.
ඔබේ දරුවෙකු ඕස්ටේ‍්‍රලියාවේ ඉපදුනා නම්, ඒ දරුවාට පුරවැසි භාවය ලබාගන්න පුළුවන් නිසා ඒ දරුවා හරහා මව සහ පියාට ස්ථිර පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව තියෙනවා.

5. ඥාතිීන් ඕස්ටේ‍්‍රලියාවේ ඉන්නවා නම් ඔවුන් හරහා Family Visa ලබාගන්න ඕස්ටේ‍්‍රලියා රජය අවසර දෙනවා.

6. කිසියම් ව්‍යාපාරිකයෙක් හෝ ආයතනයක් ඔබට Job එකක් ලබාදෙන්න එකඟතාව පලකරලා තියෙනම් ඒක තහවුරු කරලා නීත්‍යානුකූලව ඕස්ටේ‍්‍රලියාවට පිවිසෙන්න පුලූවන්.

7. විශ‍්‍රාම කාලය ගතකරන්න ඕස්ටේ‍්‍රලියාව තෝරාගන්නවා නම් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි වෙන්න පුළුවන්. වෙනත් ඥාතීන් මේ සඳහා සම්බන්ධ කරගන්න බෑ. මොකද මේක වයසක අයට දෙන අවස්ථාවක්.

8. ශිෂ්‍ය වීසා ලබාගැනීම.
ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපන ආයතනයකට මුදල් ගෙවලා ඒ බිල්පත් සහ අනෙක් කරුණු ඉදිරිපත් කරලා තහවුරු කිරීමෙන් ඕස්ටේ‍්‍රලියාවට යන්න පුලුවන්.

9. ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීම.
ඕස්ටේ‍්‍රලියාවේ දේපලක් මිලදී අරගෙන මේ සඳහා අයදුම් කරන්න ඕන.


News Articles
Latest Videos
Most Popular Post