News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
22

ලෝක විනාශය වලක්වන්න Nasa මෙහෙයුමක්…

1638 Views


ලෝක විනාශය වලක්වන්න Nasa මෙහෙයුමක්…

අපේ පෘථිවිය වටේ අභ්‍යවකාශයේ ග‍්‍රාහක විශාල ගණනක් කක්ෂගතව තියෙන නිසා ග‍්‍රාහක ගැටුමක් වෙන්න අවධානමක් පෘථිවියට තියෙනවා. අනාගතයේ ඇතිවෙන්න පුළුවන්. මේ වගේ අනතුරුවලින් පෘථිවිය ආරක්ෂා කරගන්න එක තමයි මේ මෙහෙයුමේ අරමුණ.

අභ්‍යවකාශ යානාවන රැසක් ග‍්‍රාහක 300 ක් වෙත ගිහින් ඒවා පරීක්ෂා කරලා බලන්න තමයි සූදානම. සූර්ය බලයෙන් බලගැන්වෙන අභ්‍යවකාශ යානා 50ක් මේ මෙහෙයුමට එක වෙනවා. ඒ යානා වලට ග‍්‍රාහක වල ඡායාරූප ගන්නත් පුළුවන්. ඒවගේ සංයුතිය පිළිබඳ දත්ත එක් රැස් කරගන්නත් පුළුවන්. මේ යානා බලගැන්වෙන්නේ ඊ- සෙල්ස් (e-cells) තාක්ෂණය මගින්. ඉන්ධන විදිහට භාවිතා කරන්නෙ ඉරෙන් නිකුත් කරන ආරෝපිත අංශු.

මෙම නැනෝ චන්ද්‍රිකා වල ඇති සෙන්ටිමීටර 4ක් විතර දිග දුරේක්ෂයෙන් ග‍්‍රාහක වල මතුපිට ඉහල ගුණාත්මක බවකින් යුතු ඡුායාරූප ගන්නත් පුළුවන්. ඒ වගේම ග‍්‍රාහක පිලිබඳ සියලු දත්ත රැස් කරනවා. ඒ ග‍්‍රාහක වල ආවාට සහ දූවිලි තියෙන්නෙ කෙහේද කියලත් ඒ යානාවට පරික්ෂා කරන්න පුළුවන්. ආයෙත් පෘථිවියට එන්න කලින් ග‍්‍රාහක 6 ක තොරතුරු එක්රැස් කරගන්න ඒ චන්ද්‍රිකාවකට පුළුවන්.

නාසා ආයතනය මේ වෙනකොට ඒ වගේ අනතුරු දායක ග‍්‍රාහක 1400 ක් විතර ලුහු බඳිමින් ඉන්නවිා. අනාගතයේදී ඒවා අනිවාර්යෙන්ම පෘථිවිය එක්ක ගැටෙනවා. ඒකට කොච්චර කල් ගතවෙයිද කියන්න නාසා ආයතනය දැන් හොයනවා.

සැතපුම් 600 ක දුරක ඉදන් ග‍්‍රාහක ඉලක්ක කරන්න මෙම නැනෝ චන්ද්‍රිකා වලට පුළුවන්. ඒ වගේම අධොරක්ත කිරණ භවිතා කරලා ග‍්‍රාහක වල ඛණිජ සංයුතිය පරික්ෂා කරන්නත් පුළුවන්.

ඒ චන්ද්‍රිකා වලින් එක්රැස් කරන්න බලාපොරොත්තු වෙන තොරතුරු තමයි මේ.

ග‍්‍රාහකයන් එකිනෙකා ගැටීමට අවධානමක් තියෙනවද?
එහෙම නම් ඒවා මොනවද?
ඒ ග්‍රාහක වල ප‍්‍රමාණය හා හැඩය
මතුපිට ආවාට සහදූවිලි තියෙද?
චන්ද්‍රයින් ඉන්නවද?
ග‍්‍රාහක මතුපිට රසායනික සංයුතියේ තොරතුරු


News Articles
Latest Videos
Most Popular Post