මේ කාලේ හැමෝම ඉන්නේ Online ලෝකෙක. තේරෙන භාෂාවෙන් කියනවනම් කොහේ බැලුවත් කාත් එක්ක හරි Chat කර කර ඉන්න ප්‍රමාණය වැඩි වෙලා. මෙන්න මේ නිසා තව තව Chat පහසුකම දෙන්න අලුතින්ම Facebook වලට එක්වෙන නව අංගයක් ගැන ආරංචියක් අපිට ලැබුනා. ඒ තමයි අපි හැමෝම චැට් කරන්න ගන්න WhatsApp. ඉතින් මේ චැට් App එක Facebook App එකට එකතුකරන්න ෆේස්බුක් සමාගම තීරණය කරලා තියනවා.
කොහොම වුනත් මේ වෙනකොට WhatsApp එක Facebook එකේ තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ. ඒ වුනත් මේ වෙනකොට Facebook එකේ තියෙන Instagram Icon එක හරහා ඔබේ Instagram Account එකට Log වෙන්න පුළුවන්. ඒ විදිහටම මේ WhatsApp Button එකත් ළඟදීම Facebook App එකට එයි කියලා ලොකු විශ්වාසයක් තියනවා. එතකොට ඔබට Facebook එකෙන් ලොග් වෙලා WhatsApp පහසුකම ලබාගන්නත් පුළුවන් වෙනවා.
සමහරවිට ඔබට ඔබේ Mobile Number එක Facebook එකේ Verify කරන එක අනිවාර්ය වෙන්නත් පුළුවන්. මොකද WhatsApp පහසුකම ලබාගන්න අපි අනිවාර්යෙන්ම Mobile Number එකක් දෙන්නම ඕන. සමහරවිට මේක නිසා Fake Profile හදන එක අඩු කරගන්න ක්‍රමයක් විදිහට මේ Update එක පාවිච්චි කරනවා වෙන්නත් පුළුවන්. හොඳයි නේද සකර්බර්ග් අයියගේ ටිකිරි මොලේ?