News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
23

ගොඩාක් ලග්න වලට මිශ්‍රඵල තියෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

1423 Views


ගොඩාක් ලග්න වලට මිශ්‍රඵල තියෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 23 සෙනසුරාදා

රාහු කාලය: පෙ.ව 09.01 සිට 10.31

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නැගෙනහිර

 

මේෂ ලග්නය

ඔබට උසස් අන්දමේ හිතවතුන් මුණ ගැසීම තුලින් ඔවුන්ගේ සම්මානලාභී තත්වයකට පත් වීමට ඉඩකඩ තියෙනවා. අතමිට මුදල් ගැවසෙනවා. පවුලේ අඹුසැමියන් අතර හිතවත්ව සංයෝගයක් ඇතිවන නිසා දරුවන් තුලින් සමගිය සමාදානය ඇතිවන දිනයක්. මංගල ගමන් බිමන් වැඩි වන අතර සහෝදරයෙකුගේ හෝ ඥාතියෙකුගේ කටයුතු ඉහලින් කිරීමට ඔබ පෙළඹේවි.

ජය වර්ණය: රතු පැහැය                   ජය අංකය: 02

වෘෂභ ලග්නය

උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බවක් ඇති දිනයක් වුවත් විටෙක ගමන් බිමන් අධික වීම තුලින් ඔබගේ බලා ශක්තිය බාධා වීම් ඇතිවීම තුලින්ද ඔබට අද දවස අක්‍රමත්ව ගත කිරීමට සිදු වෙනවා. කරගෙන ආ වැඩ කටයුතු බාධා වීමට ඉඩ තිබෙනවා. නිදහස භුක්ති විදීමට ගොස් ඔබගේ කටයුතු බාධා කර ගන්නවට වඩා එය උද්යෝගිමත්ව කර ගැනීමෙන් ඔබට යහපතක් උදා වෙනවා. ඥාතීන් සහෝදරයන් අතර හොදහිත පැතිරෙන අතර ඔවුන්ගේ සහයෝගය ලැබෙන දිනයක්.

ජය වර්ණය: නිල් පැහැය                   ජය අංකය: 02

මිථුන ලග්නය

තරමක බාධක චිත්ත පිඩා මතු වීමට ඉඩ තිබෙනවා. කරගෙන ආ වැඩ කටයුතු වෙනස් කිරීමට හෝ වෙනස්ම වැඩ කටයුත්තකට දායක වීමට සිදුවන දිනයක්. යාන්ත්‍රික කාර්මික වැඩ තුලින් යහපත් වෙනවා. ගෙදර දොර අගහිඟ කමක් නොදැනෙන්නට කටයුතු කිරීමට ඔබට හැකියාව තිබෙන අතර ඔවුන්ගේ හිත දිනා ගැනීමට හැකි වෙනවා. දරුවෙකු වෙනුවෙන් වෙහෙසීමට හෝ අධ්‍යාපනය විශේෂත්වයකින් කිරීමට පෙළඹෙන දිනයක්.

ජය වර්ණය: කහ පැහැය                   ජය අංකය: 02

 

කටක ලග්නය

ගෙයක් දොරක් සෑදීමක් හෝ එවැනි දේකට ඔබට යොමු වීමට හෝ එහි මුලික අදියර පටන් ගැනීමට සිතා සිටිනවා නම් එවැනි දේකට යොමු වීම තුලින් සාර්ථක වෙනවා. අධ්‍යාපනික ගමන් බිමන් විදේශ ගත වීම් ආදී දේවල් වලට නැඹුරු වෙනවා. ඥාතියෙකුගේ හෝ හිතවතෙකුගේ උත්සව අවස්ථාවකට සහභාගී වීමක් හෝ පුණ්‍ය කර්මයකට සහභාගී වීමට සිදු වෙනවා. හිතවතුන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා දිනයක්. ඔබ ගන්නා තීන්දු තීරණ මත ඔබගේ ගෞරවය රැකෙනු ඇති බැවින් බුද්ධිමත් තීරණ ගන්න.    

ජය වර්ණය: ලා නිල් පැහැය               ජය අංකය: 02

 

සිංහ ලග්නය

උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බවකින් යුතුව කටයුතු කරන ඔබ අලුත් අදහස් මතුවන අතර කරගෙන යන්නා වූ වැඩ කටයුතු සාර්ථකව නිමා කර ගැනීමට හැකියාවක් තිබෙනවා. උසස් අධ්‍යාපනයක් කෙරේ යොමුවන ඔබ අද ඒ ගැන මදක් සිතා බලා කටයුතු කිරීම වටිනවා. එයින් ඔබට අවශ්‍ය දේ අවශ්‍ය විටදී කර ගැනීමට අවස්ථාව ලැබෙන අතර විදේශගත වීම් තුලින් හෝ විදේශ අධ්‍යාපනයක් තුලින් ඔබට ජයග්‍රහණයක් ලැබෙන්න පුළුවන්. ඒවගේම ඥාතීන් උදෙසා උසස් ප්‍රභූන් ගේ ගෞරවය ලැබෙනවා. ලැබීම අතින් යහපත් වෙනවා.

ජය වර්ණය: දම් පැහැය                   ජය අංකය: 05

කන්‍යා ලග්නය

හුදෙක් ඔබ කරගෙන ආ වැඩ කටයුතු වෙනස් මගකට යොමු වීමක් තුලින් ගමන් බිමන් වැඩි වීම තුලින් වෙනසක් බලාපොරොත්තු විය හැකියි. දරුවෙකු වෙනුවෙන් කරගෙන යන්නා වූ අධ්‍යාපනික කටයුතු තුලින් වෙනසක් සිදු කිරීමට ඔබට සාර්ථකත්වය ලැබෙනවා. දරුවන්ගේ කටයුතු වැඩියෙන් කරාවි. ක්ෂණික තීරණ ඉක්මන් තීරණ ගන්නා ඔබ තරමක් දුරට බුද්ධිමත්ව කතාවෙන් ප්‍රවේසම් විය යුතුයි. ලැබීම අතින් යහපත්.

ජය වර්ණය: නිල් පැහැය                   ජය අංකය: 05

 

තුලා ලග්නය

බුද්ධිය සාධාරණත්වය හා භාග්‍ය හිමිකර ගනිමින් අද දවස ඔබට සාර්ථක දවසක් බවට පත් වෙනවා. ලැබීම අතින් යහපත්වන අතර සතුරන් මිතුරු වෙසින් ඔබ ලගට පැමිණේවි. සියලු දෙන එකමුතුව කරන කටයුතු සාර්ථක වන අතර ඔවුන් ගෞරවයට පාත්‍ර වෙනවා. විදේශ වලින් ලැබීම ඇතිවන අතර උසස් වීම් ලැබිය හැකියි. ගන්නා වූ තීන්දු තීරණ සාර්ථක වන අතර නිදහස භුක්ති විදිමටද හැකියාව තියෙනවා. පවුලේ සමගියට ඉතාම සුභදායකයි.

ජය වර්ණය: ලා නිල් පැහැය             ජය අංකය: 06

 

වෘශ්චික ලග්නය

 

ලැබීම ඇති දිනයක්. අලුත් අදහස් අලුත් දේවල් ක්‍රියාත්මක කිරීමත් ඒවගේම භාහිර අයගේ හොද හිත දිනා ගැනීමටද ඔබ පෙළඹෙනවා. ඔබ අද කරන කටයුතු තීරණාත්මකව කරාවි. ඒවගේම සතුරන් මිතුරු කරගැනීමට ඔබට හැකියාව තියෙනවා. උසස් අයෙකුගේ ලැබීම ඇතිවන අතර ගෙදර දොර වටපිටාව සාර්ථකත්වය ලබනවා. ඥාතීන් අතර හොද හිත පැතිරීම ඔවුන්ගේ සුවදුක් විචාරීම තුලින් ඔවුන්ගේද ගෞරවයට පාත්‍ර වෙනවා. හවස් යාමයේ දුර බැහැර ගමන් යෙදෙනවා.

ජය වර්ණය: දම් පැහැය                    ජය අංකය: 09

 

 

ධනු ලග්නය

ලැබීම ඇති උසස් ප්‍රභූන් ඇසුරු කිරීමට හැකියි. ඒවගේම රැකියා තත්වය උසස් කරගැනීමට විදේශගත වීම් ඇති වීමට මෙම දවස යහපත්. දරුවන්ගේ කටයුතු ඥාතීන්ගේ කටයුතු නොපිරිහෙලා ඉටු කරන ඔබ සියලු දෙනාගේම හොද හිත පතුරමින් අද දවස උදා කර ගන්නවා. අලුත් අදහස් මතුවන අතර ඕනෑම කෙනෙක්ට ඔබ හොද නරක කියා දීමට ගුරුහරුකම් දීමට සුභදායක දිනයක්. ඔබගේ තත්වය බලය ආරක්ෂා වෙනවා. ලැබීම අතින් යහපත්. තිබුනා වූ ගෙයක් දොරක් යාන වාහනයක් විකුණා ගෙන අතමිට සරු කර ගත හැකි වෙනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය             ජය අංකය: 05

 

මකර ලග්නය

බොහෝ විට බාහිර අයගේ ගැටළු තීරණ ඔබට අවැඩක් හෝ කලකිරීමක් ඇති වේවි. අලුත් අලුත් අය හෝ ගෙදර දොරට හිතවතුන් පැමිණීමත් තුලින් ඔබ කාර්යබහුල වෙනවා. කරගෙන ආ වැඩ කටයුත්තක් වෙනස් කිරීමක් ව්‍යාපාරයක් පටන් ගැනීමට ඉඩ තිබෙන නිසා එවැනි දෙකින් සාර්ථකත්වය ලැබීමට හැකි වෙනවා. හිතවතුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔබ බුද්ධිමත් තීරණ ගන්න. සුළු සුළු අවනම්බු හෝ චිත්ත පිඩා ඇති වේවි. නමුත් මංගල කටයුතු වලට සුභදායක දිනයක්. සවස් යාමයේ දුර බැහැර ගමනක් හෝ ඥාතියෙකුගේ වැඩ කටයුත්තක් කර ගැනීමට පහසු වීමට ඔබට දායක වීමට ඉඩ තිබෙනවා.

ජය වර්ණය: නිල් පැහැය                  ජය අංකය: 08

 

කුම්භ ලග්නය

ඔබ අද අන්‍යන් උදෙසා තමන් කරන රැකියාව උදෙසා තමන් ඉගෙනගත් පාසල උදෙසා යමක් කරන්නට සිතා සිටියේ නම් එය සාර්ථක වෙනවා. ඒවගේම සමාජ සේවා කටයුතු සාර්ථක අන්දමින් කර ගැනීමට හැකියාව ලැබෙනවා. රාජ්‍ය ආරක්ෂක අංශයේ හෝ එවැනි ස්ථාන වල සේවය කරන්නන්ට සුභදායක වන අතර ඔවුන්ගේ ලැබීම තුලින් අලුත් අදහස් මතු වීමක් හෝ තමාට ගෞරවය ලැබෙනවා. දේශපාලනමය අංශ වල නියැලෙන්නන්ට අද තරමක් දුරට ගැටළු ලිහාගෙන කටයුතු කිරීමට හැකියාව තියෙනවා. රාජ්‍ය සේවකයින්ට ලැබීම ඇති වෙනවා. නමුත් දුර බැහැර ගමන් වැඩ වගකීම් ඇතිවන දිනයක්.

ජය වර්ණය: සුදු පැහැය                    ජය අංකය: 03

 

මීන ලග්නය

අලුත් අදහස් අලුත් වැඩ පිළිවෙලකට දායක වීමට කලක් කරගෙන ආ කටයුතු තුලින් සාර්ථකත්වය ලැබීමට ඇති දිනයක්. කලා කටයුතු කරන්නෙක් නම් අද ඔබට එවැනි දේකට නිර්මාණයක් බිහි කිරීමට පවා හැකියාවක් තියෙනවා. නමුත් පරිබාහිර අයගේ සතුරුකම් ඊර්ශියාවන් තුලින් ඔබට තරමක් ගැටළු ඇති වෙනවා. අලුත් අලුත් අය ගෙදරට පැමිණෙන අතර ගෙදර දොර වගකීම් ඉටු කර ගැනීමටද හැකියාවක් තියෙනවා. සමාජ සේවා කටයුතු වලින් හොද හිත දිනා ගන්නවා.

ජය වර්ණය: ලා දම්  පැහැය                          ජය අංකය: 02

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ

දුරකථන අංකය:  011 2 50 93 86

 

 


News Articles
Latest Videos
Most Popular Post