News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
23

ඉතාලි බස් ස්ටෑන්ඩ් එකේදී නම්බුව නැති කලා කියන නිමේෂ් හොඳ කෙනෙක් – ගෙදර ප්‍රශ්න නිසා ඔහු ඉඳලා තියෙන්නෙ මානසික ආතතියෙන්. අළුත්ම හෙලිදරව්ව මෙන්න…

1599 Views


ඉතාලි බස් ස්ටෑන්ඩ් එකේදී නම්බුව නැති කලා කියන නිමේෂ් හොඳ කෙනෙක් – ගෙදර ප්‍රශ්න නිසා ඔහු ඉඳලා තියෙන්නෙ මානසික ආතතියෙන්. අළුත්ම හෙලිදරව්ව මෙන්න…

පසුගිය 20 වෙනිදා උදේ ඉතාලියේ වෙරෝනා නගරයේ කලහකාරී විදිහට හැසිරුණ ශ්‍රී ලාංකිකයාගේ තොරතුරු දැන් අනාවරණය වෙමින් තියෙනවා. ඔහුගේ නම් නිමේෂ් රුද්‍රිගු , වයස අවුරුදු 18ක්. ඔහුගේ ගම වෙන්නේ කොච්චිකඩේ (මිගමුව). ඔහු යම් කිසි මානසික ආතතියකින් පෙලෙනවා කියලා දැනට කරපු පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියනවා. ඔහුගේ ගෙදර තිබුන ප්‍රශ්න නිසා කාලයක ඉඳලා මේ තරුණයා මානසිකව පිඩා විඳිමින් හිටියා කියලා තමයි ඔහුගේ මිත්‍රයන් කියන්නේ. මේ ගැටුමට මුල් වෙලා තියෙන්නේ මිතුරන් අතර සිදු වුන විහිළු කිරීමක ප්‍රථිපලයක්. මොහු වෙරෝනා නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොළ අසල තමයි මේ ගැටුම ඇති වෙලා තියෙන්නේ, මේ නිසා ගැටුම නවත්තන්න පොලිසිය කැඳවීමටත් සිදු වුනා.

ඔහු වායු රයිපලයක් අනික් තරුණයාගේ ඔලුවට එල්ල කරලා තියෙනවා. පොලිසිය කියන්නේ ඒක ජිවිත හානි ගෙන දෙන ගිනි අවියක් නොවුනත් යම් තුවාල සිදු කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. මොහු අධ්‍යාපනය හොදින් හදාරා තියෙනවා. රැකියාවක් කරත් දැනට මාස කීපයකට කලින් රැකියාව අහිමිවෙලා තියෙනවා. වෙරෝනා නගරයේ ශ්‍රී ලාංකිකයින් කියන්නේ මොහු යහපත් පුද්ගලයෙක් බවත්, පාසල් යන කාලයේදී පවා අමතර රැකියාවල් කරලා තමන්ගේ දෙමාපියන්ට බරක් නොවී ජිවත් වුන කෙනෙක් කියලා.

මේ තරුණයාගේ ඇති විශේෂම කරුණ වෙන්නේ මොහු ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් විම. සිංගප්පුරුවේ සංචාරයකට ඉතාලි කණ්ඩායම එක්කත් ක්‍රීඩා කරලා තියෙනවා. ඊට පස්සේ ලසිත් මාලිංග යටතේ ක්‍රීඩා පුහුණුවීම් පවා සිදු කරලා තියෙනවා. ඔහුගේ ගෙදර තියෙන ප්‍රශ්න නිසා ක්‍රිකට් ක්‍රීඩාව නවත්තලා. ඉතින් දැනට මාස කිහිපයක ඉඳලා මානසික ආතතියෙන් හිටපු නිසා මිතුරන් වෛද්‍යවරයෙකු වෙත ගෙන යන්න උත්සහ කලත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කරලා.

සිද්ධියට සම්බන්ධ නිමේෂ් ලබන මාසේ 10 වෙනිදා වෙනකන් බන්ධනාගාර ගතකරන්න එරට පොලිසිය කටයුතු කරලා. ගොඩක් දුරට නඩු විභාගයෙන් පස්සේ අවුරුදු දෙකකට විතර සිරගත වෙයි කියල තමයි පොලිසියෙන් කියන්නේ. මේ දවස්වල දවස්වල යුරෝපයේ දැඩි නීති රැසක් තියෙන නිසා ත්‍රස්ත විරෝධී හේතුවක් කියලා තමයි මේ සිද්ධියට පොලිසිය කටයුතු කරලා තියෙන්නේ.

මේ තියෙන්නෙ ඒ අවස්ථාවේ ගත්ත VIDEO එකක්…

https://youtu.be/8Myiq6Yv5FQ


News Articles
Latest Videos
Most Popular Post