News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
24

ක්‍රිකට් පාවාදීම් ගැන හොයන්න ICC කමිටුවක් ලංකාවට එයි.

1507 Views


ක්‍රිකට් පාවාදීම් ගැන හොයන්න ICC කමිටුවක් ලංකාවට එයි.

පහුගිය දවස්වල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පැරදෙන්න හේතුව ක්‍රිකට් පාවා දුන්න නිසා කියලයි දැන් ගොඩක් අය කතා වෙන්නෙ. එ් නිසා එ් ගැන පරීක්ෂණයක් තියන්න කියල පහුගිය දවසක ක්‍රිකට් ක්‍රීඩකයොම ඉල්ලා තිබුණා. මේ ගැන අද අයි.සී.සී යත් සටහනක් නිකුත් කරල තිබ්බා. අයි.සී.සී ය කියල තිබ්බෙ පහුගිය දවස්වල ඔවුන්ගේ දූෂණ මර්ධණ නිලධාරීන් ලංකාවේ සංචාරය කරා කියල.

අයි සී සී යේ සාමාන්‍යාධිකාරී අැලෙක්ස් මාර්ෂල් මහතා කිව්වෙ අයි සී සී දූෂණ මර්ධන එ්කකය හැම වෙලේම ක්‍රිකට් වල ගුණාත්මක භාවය රැක ගන්න වැඩ කරනවා කියලා. ” අපි මේ වෙනකොටත් ලංකාවේ පරීක්ෂණයක් කරනවා. එ් ගැන දැන්ම විස්තර කියන්න බෑ. කවුරු හරි ලග ලංකාවෙ ක්‍රිකට් අක්‍රමිකතා ගැන තොරතුරු තියේ නම් අපිට දෙන්න. අපි එ් සේරම ගැන හොයල බලන්න සූදානම්.” අැලෙක්ස් මහතා කිව්වෙ එහෙමයි. දැන් ඉතිං තැන් තැන්වල ක්‍රිකට් වලට චෝදනා කරන අයට කරන්න තියෙන්නෙ අයි සී සී දූෂණ මර්ධන එ්කකයට ලංකාවෙ ක්‍රිකට් අක්‍රමිකතා ගැන තොරතුරු තියේ නම් දෙන්න. මොකද ඕවා තැන් තැන වල කියනවට වඩා එ්ක ප්‍රයෝජනවත් වේවි.


News Articles
Latest Videos
Most Popular Post