News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
24

“දරුවෝ සාරි පොට අල්ලන එක වරදක් කියලා හිතුනෙ නෑ, එයාලට හොදට කන්න බොන්න දුන්නා” – දිගම සාරි පොටේ මනාලිය කට අරීයි.

3822 Views


“දරුවෝ සාරි පොට අල්ලන එක වරදක් කියලා හිතුනෙ නෑ, එයාලට හොදට කන්න බොන්න දුන්නා” – දිගම සාරි පොටේ මනාලිය කට අරීයි.

ගිනස් වාර්තා පොතට ලංකාවෙන්ම එකතු වුන අලුත්ම වාර්තාව තමයි දිගම ඔසරි පොටක් නිර්මාණය කිරීම. මේක කෙරුවේ නුවර ප්‍රදේශයේ මනාල යුවලක් එයාලගේ Weeding එකේදී. එත් මෙතැනදී ඒ ඔසරියේ පොට අල්ලන්න පාසල් ළමුන් යොදා ගැනීම නිසා ඔවුන්ට විරුද්ධව ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් වගේම අධ්‍යාපන අමාත්‍යංශයෙනුත් මේ වෙනකොට පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ අතරේ මේකට සම්බන්ධ මනමාලිය වන සජිනි සුරවිර මහත්මිය කියන්නේ මේ වගේ කතාවක්.

” අපි තීරණය කළේ දිගම සාරි පොට සම්බන්ධයෙන් ගිනස් වාර්තාවට තබන්න මිසක් පාසල් දරුවන් අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. මංගල දිනයේදී පාසල් නිල ඇදුමින් සැරසිලා මේ සාරි පොට අල්ලගෙන ඉන්න එක වරදක් කියල මම හිතන්නේ නෑ. රටේ නම ඉදිරියට යාමේ අරමුණ සහ ගිනස් වාර්තාවට එය එක්කිරීමට දරුවන් කිහිප දෙනෙකු යොදා ගැනීම වරදක් කියලා සමාජ ජාලවලට පෙනුනාට එහිදී කිසි දරුවෙකු අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කලේ නෑ.”

ඇය වැඩි දුරටත් කිව්වේ මංගල උත්සවයේදී දරුවන් සම්බන්ධ කිරීම තමාව හැඩගැන්වු ශිල්පිනිය හා සාරිය හැඩ කළ ශිල්පියා විසින් සිදු කරපු දෙයක් කියලා. ඒ වගේම දරුවන් පිරිසට අවශ්‍ය වන ආහාර පාන නිතරම ලබා දුන්නා කියලත් ඇය කිව්වා. අව්වේ තියා ගනිමින් ළමයින්ව අපහසුතාවයට පත් කලේ නැති බවත් සමාජජාල මගීන් මෙය ඉතා අනවශ්‍ය විදිහට උලුප්පලා පෙන්නවා කියල තමයි ඇයගේ මතය වුනේ.


News Articles
Latest Videos
Most Popular Post