News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
25

ලග්න දෙකකට කොණ්ද හා තුනටිය ආශ්‍රිත රෝග ඇති විය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

1842 Views


ලග්න දෙකකට කොණ්ද හා තුනටිය ආශ්‍රිත රෝග ඇති විය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 25 සඳුදා

රාහු කාලය: පෙ.ව 07.29 සිට 09.00

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: වයඹ

 

 

මේෂ ලග්නය

බාධා කම්කටොලු ඇති විය හැකි දිනයක්. උද්වේගකර අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වෙනවා. කේන්ති සහගත සිතුවිලි වර්ධනය වෙනවා. ඉවසිලිවන්ත ස්වභාවකින් කටයුතු කිරීම අතිශය වැදගත්. කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ව වගේම අනවශ්‍ය වියදම්කාර ස්වභාව හේතු කරගෙන මානසික අසහනකාරී තත්ව ඇති කරනවා. චිත්ත පිඩා ඇතිවන වටපිටාවන් වලට ඔබට මුහුණ දෙන්න සිදු වේවි. කෙටි ගමන් බිමන් කිහිපයක්ම යෙදෙනවා. අධ්‍යාපනික කටයුතු දියුණු කර ගැනීමේ හැකියාව පවතිනවා. තරගකාරි කටයුතු වලින් නම් යම් ජයග්‍රහණයක් අත් කර ගන්න පුළුවන්.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 03

 

වෘෂභ ලග්නය

ගෘහාශ්‍රිත කටයුතු පිලිබදව වැඩි අවධානයක් යොමුවන දිනයක්. හවුල් ව්‍යාපාර ආදී කටයුතු පිලිබදවත් උනන්දුවෙන් කටයුතු කිරීමේ ස්වාභාවත් පෙන්නුම් කරලා තියෙනවා. විවාහ ජීවිතය ආශ්‍රිත කටයුතු අලුත් ව්‍යාපෘති සම්බන්ධ කටයුතු වලට පුංචි පුංචි බාධා පැන නගිනවා. ඒනිසා කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. බොහෝ දුරට හිතලා බලලා ගන්න තීන්දු තීරණ පවා හදිසියේ වෙනස් කිරීමට සිදු වෙනවා. කෙටි ගමන් බිමන් කීපයක්ම යෙදෙනවා. යාලුහිතමිත්‍ර කම් පිලිබදව හා යාන වාහන ගමන් බිමන් වලින් අර්බුධකාරී තත්ව ඇති වෙනවා. පපුව ආශ්‍රිත රෝග තත්ව සෙම් සහිත රෝග තත්ව වලින් දෛනික කටයුතු වලට බාධා එල්ල වෙනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය                       ජය අංකය: 08

 

මිථුන ලග්නය

ඔබ සුරතල් සතුන් ඇති කරන කෙනෙක්නම් වෙනදට වඩා ඒ සතුන් පිලිබදව අවධානයක් යොමු කරන්න. කොහොම වුනත් සතුන්ගෙන් ඔබටත් හිංසා පිඩා ඇතිවීමේ ඉඩකඩක් පවතින නිසා කල්පනාකාරී වීමත් වඩාත් වැදගත් වෙනවා. නිසි වෙලාවට ආහාර නොගැනීම නිසා ඇතිවන රෝග තත්ව වලින් පිඩා විදීමට සිදු වෙනවා. සහෝදර ඥාතීන් සමග කරන ගණුදෙනු කිරීම් වලින් යම් සහනයක් අපේක්ෂා කරන්න පුළුවන්. වියදම් අධික වීමේ ස්වභාවයක් පවතිනවා. කෙටි ගමන් බිමන් යෙදෙනවා. වචන භාවිතා කිරීම හේතු කරගෙන යම් පාඩු සිදු විය හැකියි. ඉවසිලිවන්ත ස්වභාවය මිත්‍ර ලීලාවෙන් කටයුතු කිරීමෙන් වඩා යහපතක් උදා වේවි.

ජය වර්ණය: රන්වන් පැහැය                     ජය අංකය: 07

 

කටක ලග්නය

අධ්‍යාපනික කටයුතු වලට පුංචි පුංචි බාධාකාරී තත්ව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. තමන්ගේ දු දරුවන්ට වෙනදට වඩා සැලකිලිමත් වන්න සිදු වෙනවා. තමන්ගේ දුදරුවන්ගේ ආරක්ෂාව පිලිබදව සිතා කටයුතු කරන්න. අනවශ්‍ය වියදම්කාරී ස්වභාව ඇති වෙනවා. වචන භාවිතා කිරීමේ නොදැනුවත්කම නිසා තරමක ආර්ථික පිඩා ඇති වෙනවා. ගිවිසුම් වලට එළඹීමට එතරම් යෝග්‍ය නොවේ. තරමක සැගවුණු දෝෂ සහගත තත්ව ඇතිවිය හැකියි. ගමන් බිමන් යාම් වලින් කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇතිවිය හැකි වෙනවා. අදහස් උදහස් වලට තමන්ගේ නම්‍යශීලිත්වයක් නොමැති වීම හේතු කරගෙන තරමක කේන්ති සහගත සිතුවිලි ඇති වෙනවා. අන් අය සමග මතභේද ඇතිවන නිසා කල්පනාකාරී වන්න.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 09

 

සිංහ ලග්නය

නිවාස ආශ්‍රිත කටයුතු වලට වෙනදට වඩා වැඩි සැලකිල්ලක් දක්වන්න සිදු වෙනවා. අනවශ්‍ය බාධා කම්කටොලු ඇති වෙනවා වගේම මව්පස ඥාතීන් සමග මතභේද ඇති වෙනවා. මව්පස ඥාතීන්ට ලෙඩරෝග ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. පපුව ආශ්‍රිත රෝග තත්ව සෙම් සහිත රෝග තත්ව ඇති වීමේ අවධානමක් පවතින නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. බෙහෙත් හේත් නිවැරදි වෙලාවට පාවිච්චි කරන්න. කලාකාමී කටයුතු සන්නිවේදනය හා මිශ්‍ර වුණු කටයුතු වලින් යම් සහනශීලි තත්වයක් ඇතිවිය හැකියි. පාද ආශ්‍රිත රෝගී තත්ව දණහිස ආශ්‍රිත රෝග හන්දිගත රෝග තත්ව වලින් සුළු සුළු පිඩා ඇති වෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 09

 

කන්‍යා ලග්නය

පපුව ආශ්‍රිත රෝග තත්ව ඇතිවිය හැකියි. පරිපාලනමය කටයුතු වලට නම් අද දවස තරමක් යෝග්‍යයි. සෙම් සහිත රෝග වලින් වගේම චිත්ත පිඩා මානසික අසහනකාරී තත්ව වලින් පුංචි පුංචි බාධා ඇතිවිය හැකියි. අධ්‍යාපනික කටයුතු වලට පොත්පත් ආශ්‍රිත කටයුතු වලට දැනුම භාවිතා කරන කටයුතු වලට යෝග්‍ය දිනයක්. සංචාරක කටයුතු කළමනාකරණය මිශ්‍ර වෙලා කරන කටයුතු ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලට යම් සහනයක් උදා කරගත හැකියි.

ජය වර්ණය: ලා රතු පැහැය                        ජය අංකය: 02

 

තුලා ලග්නය

තමන්ගේ කාර්මික ඥානය දියුණු වීම සන්නිවේදන ශක්තිය දියුණු කර ගැනීම අද දවසේ ඉතා පහසුවෙන් කල හැකියි. පරිණතභාවයෙන් ගණුදෙනු කරන නිසා නොහො කටයුතු සාර්ථක වෙනවා. පාද ආශ්‍රිත රෝග තත්ව ඇති වීමේ ඉඩකඩ පවතිනවා. දණහිස ආශ්‍රිත ආබධ ඇතිවිය හැකියි. අවලාද අපහාස උපහාස වලින් තරමක් කල්පනාකාරී වන්න. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වල නිරත වෙලා ඉන්න අය පොදු මහජනතාව සමග ගනුදෙනු කිරීමේදී තමන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන්න. ගෘහාශ්‍රිත කටයුතු වල දියුණුවත් ව්‍යාපාර කටයුතු වලින් ධන ලාභත් වෘත්තීය කටයුතු වල සහනයක් ඇති වෙනවා.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය             ජය අංකය: 08

 

වෘශ්චික ලග්නය

 

සෙම් සහිත රෝග වලින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් තමන්ගේ සෞඛ්‍ය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වීම වඩාත් වැදගත් වෙනවා. කෙටි ගමන් බිමන් වලින් යම් ආදායම් තත්වයක් උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. ආගමනුකුල කටයුතු වලට ඉතාමත් යෝග්‍යයි.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 09

 

 

ධනු ලග්නය

බාධා කම්කටොලු ඇතිවිය හැකියි. සැලසුම් සහගතව දවසේ කටයුතු ආරම්භ කරන්න. සෙම් සහිත රෝග වලින් පිඩාවට පත් වෙලා ඉන්න අය කල්පනාකාරී වන්න. පාද ආශ්‍රිත රෝගී තත්ව වලින් වගේම රිය ධාවනය කිරීම් වලින් හට ගන්නා බාධාකාරී තත්ව වලින් පිඩා ඇතිවිය හැකියි. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග උත්සන්න විය හැකියි. කලාකාමී කටයුතු වලට සුභයි. තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු වලින් ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන්. හැඟීම් පාලනය කර ගන්න. අන් අයගේ දෝෂ දර්ශනයට ලක් වීමට ඉඩ තිබෙනවා.

ජය වර්ණය: ලා දුඹුරු පැහැය                     ජය අංකය: 07

 

මකර ලග්නය

රෙදිපිළි ආශ්‍රිත කර්මාන්ත භුමිය සම්බන්ධ කටයුතු වලිනුත් ජයග්‍රහණ උදා කර ගත හැකියි.  කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග වලින් ඇතිවන පිඩා කාරී ස්වභාවය අවම කරගන්න. ක්‍රිඩාශීලි කටයුතු වල නිරත වෙලා ඉන්න කෙනෙක් නම් සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. විවාහ ජීවිතය ආශ්‍රිත කටයුතු වලට බාධා එල්ල වෙනවා. සෞම්‍ය සිතුවිලි වර්ධනය කරගන්න.

ජය වර්ණය: කහ පැහැය               ජය අංකය: 03

 

කුම්භ ලග්නය

රැකිරක්ෂා වෙළදාම් කටයුතු වලට පුංචි පුංචි බාධා සතුරු කුමන්ත්‍රණ ඇතිවිය හැකියි. නීතිමය ගැටලුකාරී ස්වභාව වලට මුහුණ දීමට සිදු වුනොත් කල්පනාකාරීව කටයුතු කරන්න. ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු වලට පුංචි බාධා ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 09

 

මීන ලග්නය

පෙර පින ඉස්මතු කර ගැනීමේ හැකියාව පවතිනවා. වයෝවෘද්ධ ඥාතීන්ගේ උදව් උපකාර හිමි වෙනවා. පුංචි පුංචි හිත අමනාපකම් ඇති වුනත් දවස අවසානයේදී ඒවා යටපත් වෙනවා. ක්‍රිඩාශීලි කටයුතු විනෝදකාමී කටයුතු සදහා ඔබට නිවසින් බැහැරව කටයුතු කරන්න සිදු වේවි. වෘත්තිමය කටයුතු වල යම් උසස් වීමක් සිදු කරානම් එවැනි උසස් වීම් ලබා ගන්නත් හැකියාව තියෙනවා. තරගකාරි කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි.

ජය වර්ණය: ලා කොළ පැහැය                  ජය අංකය: 02

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353

 

 


News Articles
Latest Videos
Most Popular Post