News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
24

ක්‍රිකට් රජු සංගා, එංගලන්තයත් හඬවා ක්‍රිකට් වලට සමුදුන් හැටි…

3934 Views


ක්‍රිකට් රජු සංගා, එංගලන්තයත් හඬවා ක්‍රිකට් වලට සමුදුන් හැටි…

ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් විශිෂ්ඨ ක්‍රීඩකයෝ රැසක් ලෝකෙට බිහි කරලා තියෙනවා. කුමාර් සංගක්කාර කියන්නෙ එ් අතරින් හොදම නිර්මාණය කිව්වොත් වරදක් නෑ. හැබැයි සංගා මීට කාලෙකට කලින් ලංකාවේ ක්‍රිකට් වලට සමුදුන්නා. එ් වෙන ක්‍රීඩකයො වගේ හැකියාවේ අඩුවක් වෙලාවත් අාබාධයකට ලක් වෙලාවත් නෙවෙයි. තමන්ගෙ ක්‍රිකට් දිවියේ උපරිම දක්ෂතා අතර ඉන්නකොටම.
අවුරුදු 20 ක පළමු පෙල තරඟ වලිනුත් සංගා සමුගත්තෙ අවසන් තරඟයේදීත් ශතකයක් වාර්තා කරල කණ්ඩායමත් ජයග්‍රහණය කරලා. සංගා පළමු පෙල තරඟ 259 කට සෙල්ලම් කරලා තියෙනවා. එ් තරඟ වලදී ඔහු ලකුනු 20 862 ක් රැස් කරගෙන තියෙනවා. ඊට ශතක 64 ක් වගේම අර්ධ ශතක 86 ක් අැතුලත්. එංගලන්ත පලමුපෙල තරඟ වලත් සියලුම ප්‍රතිවාදී කණ්ඩායම් වලට එරෙහිව ශතක රැස් කරපු එකම පිතිකරුවාත් සංගා. අඩුම තරමේ එංගලන්තයේ ක්‍රීඩකයෙක්ටවත් එ් වාර්තාව තියන්න බැරි වුනා. තාමත් පහසුවෙන්ම ශතක වාර්තා කරන සංගා ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් වලින් සමු ගත්තා ඉක්මන් වැඩී කියලයි හැමෝම කියන්නෙ.

මේ තියෙන්නෙ සංගා තමන්ගෙ සමුගැනීම වෙනුවෙන් තියපු Twitter සටහන් දෙක…

 

කුමාර් සංගක්කාර රජුගේ අවසන් තරඟය කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුනේ මෙහෙමයි…

https://youtu.be/RiHfxYmgC28

මේ තියෙන්නෙ සංගා අන්තිම තරඟයෙන් පස්සෙ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයකට කියපු අදහස….


News Articles
Latest Videos
Most Popular Post