විරාත් කෝලි කැන්ගරුවන්ගෙන් මට්ටු වෙද්දී ඉන්දියාවට ඔටුණු දෙකක අයිතිය.
5139 Views
ලංකාවට යන එන මං නැති කරලා ගිය ඉන්දියාව දැන් කැන්ගරුවන්ටත් යන එන මං නැති කරන්න පටන් අරං. පිට පිටම ලබාගත් 9 වැනි එක්දින ජයග්‍රහණය සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියානුවන් පරදවා කඩුලු 5 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම ජයත් එක්ක තරග දෙකක් ඉතිරිව තිබියදීම 3-0 ත් ලෙසින් එක්දින තරගාවලිය ජයගැනීමටද ඉන්දියානුවෝ සමත් වුනා.
ඉන්දිය දඟ පන්දු යවන්නන් හමුවේ කැන්ගරු පිතිකරුවන් අමාරුවේ වැටුණු නිසා ඒරන් ෆින්ච් නැවතත් ඕස්ට්‍රේලියානු පිලට කැඳවූවා. තමන්ගේ ආගමනය සාර්ථක කරගත් ෆින්ච් ලකුණු 124 ක් ලබා ගත්තා. කොහොම වුනත් 50 නිමාවන විට ඕස්ට්‍රේලියානුවන කඩුලු 6 කට 293 ක් විතරයි ලබා ගත්තේ.
පිළිතුරු ඉනිම ඇරඹු ඉන්දියාව පන්දු 13ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කයට ලඟා වුනා. පිතිකරු ලයිස්තුවේ උසස්වීමක් ලැබුණු හර්දික් පාණ්ඩ්‍යා තේරීම් කමිටුව නිවැරදි යයි සනාථ කළේ පන්දු 72 කින් ලබාගත් ප්‍රහාරාත්මක ලකුණු 78 කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 5 කින් සහ ඇදහිය නොහැකි හයේ පහර 4 ක් ඇතුලත් වුනා.
ඉන්දීය පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් සිවුදෙනාගෙන් තිදෙනකුම ලකුණු 70 ඉක්මවා ලබාගත් අතර ඊට අඩුවෙන් ලබාගත්තේ විරාට් කෝලි විතරයි.
මෙම ජයත් සමගින් නැවත වරක් එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ මුදුන් හිණිපෙතටම නැගගත් ඉන්දීය කණ්ඩායම මේ වන විට ටෙස්ට් සහ එක්දින තරග දෙකේදීම අංක එකේ රැඳී සිටිනවා.