News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
25

” අනේ තාත්තේ, අපිව දාලා යන්න එපා ” කියද්දී තිරිමාන්න සහ සුරංග ලක්මාල් දරුවන්ගෙන් වෙන්වුන සංවේදී අවස්ථාව

10594 Views


” අනේ තාත්තේ, අපිව දාලා යන්න එපා ” කියද්දී තිරිමාන්න සහ සුරංග ලක්මාල් දරුවන්ගෙන් වෙන්වුන සංවේදී අවස්ථාව

පකිස්ථාන තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අරාබිය බලා පිටත් වුනා. මේ චන්දිගේ නිත්‍ය නායකත්වයෙන් ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු විදෙස් ටෙස්ට් තරඟාවලිය. ඒ වගේම ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟයත් මේ සංචාරයෙදී පැවැත්වෙනවා. ඊයේ ශ්‍රී ලංකාව මේ ගමනට පිටත් වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිබුනු ආගමික වතාවත් වලින් පස්සෙයි.

එතනට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පවුල් වල අයත් ඇවිත් හිටියා. ඉතින් ආගමික වතාවත් වලින් පස්සෙ ක්‍රීඩකයින් තමන්ගේ බිරිඳගෙන් දරුවගෙන් සමු අරන් Airport යන්න බසයට ගොඩවෙන අවස්ථාව බොහොම සංවේදී එකක් වුනා. ඒ බව මේ අවස්ථාව ආවරණය කරමින් හිටපු කැමරා කාච වලත් සටහන් වුනා. උප නායක තිරිමාන්න වගේම වේග පන්දු යවන සුරංග ලක්මාල් තමන්ගේ දරුවන්ගෙන් සමුගත්ත සංවේදී අවස්ථාව තමයි මේ ඡායාරූප වල තියෙන්නේ. පිටිය මැදදි රට වෙනුවෙන් සිංහයෝ වගේ ක්‍රීඩා කරන මේ ක්‍රීඩකයින් තමන්ගේ දරුවන්ට ආදරණීය තාත්තාකෙනෙක් බවත් මේ ඡායාරූප දකිද්දි ඔබට හිතෙයි.

ඡායාරූප : ThePapare.com


News Articles
Latest Videos
Most Popular Post