News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
25

සාම්ප්‍රදායික නාලිකා පරාජය කරමින්, ශ්‍රී ලංකා පාකිස්ථාන ක්‍රිකට් තරඟාවලියේ රූපවාහිනී විකාශන අයිතිය හිමිකරගත් නාලිකාව මෙන්න – Exclusive

9012 Views


සාම්ප්‍රදායික නාලිකා පරාජය කරමින්, ශ්‍රී ලංකා පාකිස්ථාන ක්‍රිකට් තරඟාවලියේ රූපවාහිනී විකාශන අයිතිය හිමිකරගත් නාලිකාව මෙන්න – Exclusive

ශ්‍රී ලංකා පාකිස්ථාන ක්‍රිකට් තරඟාවලියේ සජීවී රුපවාහිනී විකාශන අයිතිය තමන් සතු කරගන්න ලංකාවේ ටෙලිවිෂන් නාලිකා අතර පහුගිය දවස් වල ලොකු තරඟයක් තිබුනා. හැබැයි ඒ සුපිරි මාධ්‍ය තරඟයෙන් සම්ප්‍රදායික රුපවාහිනී නාලිකා අහිබවමින් සියත TV ජය ගත්තා. ඒ අනුව මේ මාසේ 28 වනදා සිට ලබන මාසේ 29 වනදා දක්වා පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 යි 20 තරඟාවලිය සදහා ලංකාවේ නිල රූපවාහිනි විකාශක විදියට සියත TV කටයුතු කරනවා. ඊට අදාළ ගිවිසුමට මීට සුලු මොහොතකට කලින් අත්සන් තැබුණා.

ශ්‍රී ලංකා, පකිස්ථාන තරගාවලියට ටෙස්ට් තරග 02 ක් එක්දින තරග 05 ක් වගේම විස්සයි විස්ස තරග 03 කුත් ඇතුළත්. පළමු ටෙස්ට් තරගය ලබන 28 වන බ්‍රහස්පතින්දා ලංකාවේ වේලාවෙන් පෙරවරු 11.30 ට ආරම්භ වෙනවා. ඒ අබුඩාබිි නුවර ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී. ඒ තරගය සජීිවීව ගෙන එන්න මේ වෙද්දී සියත TV සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.

2014 වසරේ බංගලාදේශයේ පැවැත්වුන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන් විදුලි විකාශක විදියට කටයුතු කලේ සියත FM. එහිදී ශ්‍රී ලංකාව පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දිනා ගන්නත් සමත් වුනා.

එහෙනම් ලෑස්ති වෙන්න, සැප්තැම්බර් 28 වෙනිදා ඉඳලා සියත TV ඔස්සේ ශ්‍රී ලංකා පාකිස්ථාන ක්‍රිකට් තරගාවලියේ සජීවී උණුසුම සුපැහැදිලි දසුන් වලින් අත්විදින්න.

 

SONY සමාගම සහ සියත TV අතර ගිවිසුම අත්සන් කළ අවස්ථාව

 


News Articles
Latest Videos
Most Popular Post