News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

ඔබට ලැබිය යුතු ගෞරවය නැති වී යාමට හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

2243 Views


ඔබට ලැබිය යුතු ගෞරවය නැති වී යාමට හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 26 අඟහරුවාදා

රාහු කාලය: ප.ව 02.29 සිට 04.29

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නැගෙනහිර

 

 

මේෂ ලග්නය

අන් අයගෙන් උදව් උපකාර ලැබීමට ප්‍රමාද වෙනවා. හවුල් කටයුතු කොටස් වෙළදපොල කටයුතු වලින් මහජනයා සමග කරන කටයුතු වලින් ඔබට ලාභදායක වන්නේ නැහැ. ගැටළු නිසා අනවබෝධය නිසා පාඩු ඇති වෙනවා. තදින් පිපාසය දැනෙන දිනයක්. හමේ වියලි ගතියක් ඇති වෙනවා. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයෙන් ජලය පානය කරන්න සැලකිලිමත් වන්න. දිනයේ දියුණුව සදහා අප්‍රමාදීව කලට වෙලාවට අන් අය සමග සහයෝගයෙන් කටයුතු කරන්න.

ජය වර්ණය: සුදු පැහැය                  ජය අංකය: 07

 

වෘෂභ ලග්නය

ගැටළු බාධක අනතුරු මුල්කර ගෙන හවුල් කටයුතු වලින් පාඩු ලබන්න සිදු වෙනවා. විවාහ යෝජනා වලට විරුද්ධවාදී කම් හේතු කරගෙන කෙරිය යුතු විවාහයන් නොකෙරෙන තත්වයට පත් වෙනවා. විශේෂයෙන්ම විවාහක ඔබ අතර අඹුසැමියන් අතර මතවාද මුල්කොට ගෙන ගැටළු ඇති කරන්න පුළුවන්. අනතුරු අනිසි චෝදනා නීති චෝදනා ඔබව සොයාගෙන එන්න පුළුවන් දිනයක් බැවින් බුද්ධිමත්ව හා අන් අය සමග සහයෝගයෙන් යුතුව කටයුතු කර සාර්ථක කර ගන්නට ඔබ උත්සුක විය යුතුයි.

ජය වර්ණය: කොළ පැහැය                         ජය අංකය: 05

 

මිථුන ලග්නය

ඔබට පවතින සියළු බාධාවන් ගැටළු බුද්ධිමත්ව කටයුතු කිරීම හේතුකර ගෙන අද දිනය ඔබට ජය ලබන්න පුළුවන්. ඉගෙනීම ක්‍රීඩා කලා කටයුතු වලින් ඔබට පැහැදිලිවම ජයක් අත් වෙනවා. රාජ්‍ය අංශ වලින් උදව් උපකාර ලැබීමේ භාග්‍ය වාසනාව හිමි වෙනවා. රාජ්‍ය අංශයේ ගුරු වෘත්තියේ යෙදී සිටින ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වෙනවා. ආදරය කරන ඔබලාට ආදරය කරන්න සුභ දිනයක්. අන් කෙනාගේ සැලකිල්ල ලැබීම හේතු කරගෙන සතුට ලගා වෙනවා. විවාහක ඔබට තම දරුවන් නිසා සතුටට පත් වෙන්න පුළුවන්.

ජය වර්ණය: සුදු පැහැය                ජය අංකය: 05

 

කටක ලග්නය

ඔබ සතු ක්‍රිඩාශීලිත්වය මිතුරුබව ලෙන්ගතුකම බුද්ධිමත්කම මුල් කරගෙන ඔබට ඉගෙනීම ක්‍රීඩා හා කලා කටයුතු වලින් ඉහල සාර්ථකත්වයක් ලැබෙනවා. ආදරවන්තයන්ට හමු වීමට ඉතාම සුදුසු දිනයක්. ආදරය තුල සතුටු වෙන්න පුළුවන්. මවගේ උදව් උපකාර තුල ඔබට ඔබගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ගෙදර දොර දියුණුව ලැබීමට හැකියාව වාසනාව තියෙනවා. කලා කටයුතු වලින් වැඩ කරන ඔබට එයින් ලාභදායක තත්වයක් ඇතිවෙනවා.

ජය වර්ණය: තැඹිලි පැහැය                        ජය අංකය: 05

 

සිංහ ලග්නය

ඔබේ සාර්ථකත්වය ඇතිකර ගන්නනම් පළමුව ඔබගේ කෝපය පාලනය කරගන්න. හදිසි තීරණ නිසා බලාපොරොත්තු කඩවෙනවා. ගෙදරත් ගෙදර සිටින අයගෙත් ඝට්ටන ඇති විය හැකියි. එම නිසා දුක තදින් දැනෙන දිනයක්.අගෞරවයකට පත්වෙන්න තියෙනවා. කෝපය පාලනය කරගෙන ඉවසීමෙන් කටයුතු කරන්න. ඉඩකඩම් දේපොළ වල දියුණුවක් ලැබිය හැකියි. උත්සාහයෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන්න.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 03

කන්‍යා ලග්නය

උත්සාහයෙන් ජය ලබන්න පුළුවන් දිනයක්. සහෝදර ආශ්‍රයෙන් අසල්වාසි ආශ්‍රයෙන් පිය පක්ෂයේ ඥාතීන්ගේ ආශ්‍රයෙන් ඔබට සතුටු වෙන්න අදායම් ලබන්න හැකි දිනයක්. වෙනදට වැඩිය කෑම වලට ප්‍රිය වෙනවා. අවංකව කටයුතු කළහොත් ගෙදර දොර දියුණුව ලැබෙයි.

ජය වර්ණය: රතු පැහැය                ජය අංකය: 03

 

තුලා ලග්නය

ඔබගේ උත්සාහය තුල මුල්‍යමය වාසි ඇතිවිය හැකි කෙටි ගමන් බිමන් වලින් ප්‍රථිපල ඇති වෙනවා. ලියන විද්‍යුත් මුද්‍රිත කාර්මික අංශයෙන් සිටින ඔබට අද ඉතාම යහපත්. මුල්‍ය ක්ෂේත්‍රය තුලත් බැංකු ක්ෂේත්‍රය තුලත් අලෙවි සේවාවල සිටින ඔබට ඔබගේ උත්සාහය තුල සාර්ථක වෙන්න පුළුවන්. අසල්වැසි ආශ්‍රයට සහෝදර ආශ්‍රයට පිය පස ඥාතීන්ගේ ආශ්‍රයට ඉතාම යහපත්.

ජය වර්ණය: කොළ පැහැය                       ජය අංකය: 02

 

වෘශ්චික ලග්නය

 

කතාවේ දක්ෂතාවෙන් ඔබට ගෞරවයට පත්වෙන්න පුළුවන් ඔබට ලැබෙන සියලුම ගෞරවයන් වාචික ප්‍රශංසා  බවට පත්වෙනවා. ධනය උපයන්න පුළුවන්. ඔබගේ වචනය මුල් කොටගෙන ඔබ ගෞරවයට පත් වෙනවා. ගෘහ හා විවාහ ජීවිතය තුල සතුට ලග කරගන්න පුළුවන්. නමුත් ඔබගේ උත්සාහයන්ට අවහිර කම් ඇතිවීමෙන් ඔබට අවාසි සහගත තත්ත්ව ඇතිවෙනවා. සහෝදර අසල්වැසි පියපස නෑයින් ආශ්‍රයේදී තම හිතවත්කම් පළුදු වෙනවා. ඔබගේ සියලු ගැටළු කතව තුල ජයගෙන සාර්ථකත්වය කරා පිය නගනවා.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 02

 

 

ධනු ලග්නය

අනුන්ගේ ගැටළු ඔබේ කරගන්න ගිහින් ඔබගේ දියුණුව අඩු කරගන්නවා. ඔබට ලැබිය යුතු ගෞරවය ලබන්න ඔබ ප්‍රමාදයට පත්වෙනවා. ඔබගේ වචනය සංවර කර නොගතහොත් ඔබ අගෞරවයට පත් වෙනවා. ගෘහ හා විවාහ ජීවිතය තුල එකිනෙකා  අතර අමනාපකම් ඇති වෙනවා. දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් තමාට ගෞරවයක් ලැබෙන පරිදි ක්‍රියා කාරී වන්න.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 01

 

මකර ලග්නය

ඔබට සමාජයේ වගකීම දැරීමේදී මිතුරු ආශ්‍රයේදී ඔබට ලැබෙන්න තියෙන ප්‍රමුඛත්වයට අවහිර කම් ඇතිවීමෙන්  ඔබට දැඩි මානසික පිඩාවන්ට ලක්වීමට ඉඩ තිබෙනවා. ඔබට ලැබිය යුතු ධනය අතටම ලබා ගැනීම වෙනුවෙන් අන් අය ගැනත් සිතා වැඩකටයුතු කලයුතු වෙනවා. මානසික අතතින්ට ලක් උනත් ඔබට ඔබගේ වචනය සංවර හා බුද්ධිමත්ව ක්‍රියාත්මක කිරීම හේතු කොටගෙන ඔබට ධනය ලැබීමේ භාග්‍ය හිමිවෙනවා. ගෘහ හා විවාහ ජිවිතයට සමාදානය පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා.

ජය වර්ණය: නිල් පැහැය              ජය අංකය: 02

 

කුම්භ ලග්නය

ඔබ තුල පවතින අනවබෝධයෙන් අතපසු කිරීම් වැඩකටයුතු කල් දැමීම හා තවත් කෙනෙක් කියන විදිහට කටයුතු කරන්න ගිහින් ඔබට ලැබිය යුතු වෘත්තිය දියුණුව අඩුවෙන දිනයක්. අන් අයගේ උදවු උපකාර ලැබීමට ඔබ අපොහොසත් වෙනවා. ධනාත්මක දැක්මකින් යුතුව අවබෝධයෙන් සියලු උපදෙස් ඔබගේ වෘත්තියට ගෝචර කරගෙන ඔබ ක්‍රියාත්මක වන්න.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 09

 

මීන ලග්නය

වාසනාව ඔබ අතින් ගිලිහෙන දිනයක්. දෙවියෝ ඔබ දිහා නොබලන දිනයක්. ලැබිය යුතු දේ අත ලගට ඇවිත් නොලැබෙන දිනයක්. අද ඔබ ආගම දහමට ලැදි වෙන්නෙ නැහැ. ඔබ සතු සත්පුරුෂ ගති ගිහින් අසත්පුරුෂ ගති මතුවන දිනයක්. සහෝදරයන්ගෙන් මාමාලාගෙන් බලාපොරොත්තුවන උපකාර නොලැබී යනවා. ධනාත්මකව කටයුතු කලොත් උසස් අයගේ උදව් උපකාර ලබා ගැනීමට හැකි වෙනවා.

ජය වර්ණය: සුදු පැහැය                              ජය අංකය: 05

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ස් සේනානායක

දුරකථන අංකය: 077 67 19 151

 

 


News Articles
Latest Videos
Most Popular Post