S.W.R.D. බණ්ඩාරනායක මහත්මයා කියන්නේ ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිවරයෙක් වගේම උදාර ජන නායකයෙක්. අදට එතුමා ඝාතනය කරලා අවුරුදු 59 ක්. එතුමා ඝාතනය කලේ 1959 සැප්තැම්බර් 26 වෙනිදා. එත් අපි මේ කියන්න යන්නේ ඒ ගැන විස්තරයක් නම් නෙමෙයි. මෙතුමාගේ සහ එම ආර්යාව වන සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පුනුරුප්පත්ති කතාවක් ගැන. මේ කතාව කියන්නේ ලංකාවේ ප්‍රවීණ ජෝතිර්වේදියෙක් මෙන්ම ඉතා ප්‍රසිද්ධ පරිපාලන ආයතනයක රැකියාවක් කරන මහින්ද ඉලුක්පිටිය මහතා.
ඔහු කියන විදිහට දිවංගත S.W.R.D. බණ්ඩාරනායක මහත්මයා කියන්නේ සිංහලේ අන්තිම රජතුමා වුන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ නැවත ඉපදීමක්. ඒ වගේම රාජසිංහ රජතුමාගේ බිසව වන රංගඅම්මාල් දේවිය කියන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය. ඒ වගේම මද්දුම බණ්ඩාර කුමාරයා තමයි අනුර බණ්ඩාරනායක.
බැලු බැල්මට ඔබට මේ කතාව ප්‍රෙහේලිකාවක් වගේ නේද? ඒ වුනත් එයාලගේ කේන්දර වල තියෙන උපන් වෙලාව, ලග්නය, උපන් නැකත, දශාව යන දේවල් වල එක සමානකම් නිසා මෙහෙම වෙනවා කියල තමයි මහින්ද ඉලුක්පිටිය මහතා කියන්නේ. ජෝතිශ්‍ය ගැන විශ්වාස කරන හැමෝම මේ ගැන විමසලා බලන්න ඕන කාරණයක් වෙනවා කියල මහින්ද මහත්තය වැඩිදුරටත් කියනවා.
අපි මුලින්ම ඉදිරිපත් කරන්නේ ලංකාවේ අන්තිම රජතුමා වුන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සහ S.W.R.D. බණ්ඩාරනායක මහත්මයගේ හඳහන් වල තියෙන දේවල්.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කේන්දරය
උපන් දිනය: 1780 ජනවාරි 02
දිනය හා වෙලාව: ඉරිදා උදේ 09:44
නැකත: විසා නැකත හතරවන පාදය
ලග්නය: කුම්භ
දශාව: බ්‍රහස්පති අවු.0 මාස 07 යි

S.W.R.D. බණ්ඩාරනායක මහත්මයගේ කේන්දරය
උපන් දිනය: 1899 ජනවාරි 08
දිනය හා වෙලාව: ඉරිදා උදේ 09:48
නැකත: විසා නැකත හතරවන පාදය
ලග්නය: කුම්භ
දශාව: බ්‍රහස්පති අවු.0 මාස 08 යි
අපි මීළඟට ඉදිරිපත් කරන්නේ ලංකාවේ අන්තිම රජතුමා වුන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ බිරිඳ වන රංග අම්මාල් දේවියගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ හඳහන් වල තියෙන දේවල්.

රංග අම්මාල් දේවියගේ කේන්දරය
උපන් දිනය: 1797 අප්‍රේල් 17
දිනය හා වෙලාව: සඳුදා සවස 04:15
නැකත: සිත නැකත ප්‍රථම පාදය
ලග්නය: කන්‍යා
දශාව: කුජ මහා දශාව අවු.06 මාස 02 යි

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කේන්දරය
උපන් දිනය: 1916 ජනවාරි 17
දිනය හා වෙලාව: සඳුදා සවස 04:21
නැකත: සිත නැකත ප්‍රථම පාදය
ලග්නය: කන්‍යා
දශාව: කුජ මහා දශාව අවු.06 මාස 02 යි
අවසාන ලෙස අපි දිරිපත් කරන්නේ ඇහැලේපොල මද්දුමබණ්ඩාර කුමරුගේ සහ අනුර බණ්ඩාරනායක මහතාගේ හඳහන් වල තියෙන දේවල්.

ඇහැලේපොල මද්දුමබණ්ඩාර කුමරුගේ කේන්දරය
උපන් දිනය: 1806 මාර්තු 06
දිනය හා වෙලාව: බ්‍රහස්පතින්දා රාත්‍රී 07:44
නැකත: උත්‍රපල් නැකත 3 පාදය
ලග්නය: සිංහ
දශාව: රවී මහා දශාව අවු.03 මාස 04 යි

අනුර බණ්ඩාරනායක මහතාගේ කේන්දරය
උපන් දිනය: 1949 පෙබරවාරි 15
දිනය හා වෙලාව: අඟහරුවාදා රාත්‍රී 08:02
නැකත: උත්‍රපල් නැකත 3 පාදය
ලග්නය: සිංහ
දශාව: රවී මහා දශාව අවු.03 මාස 04 යි
ඉතින් මේ හඳහන් වල සමානකකම් මේක බැලුව ගමන් ඔබට පේනවා නේද? ඒ විදිහටම මේ පවුල් දෙක අතරේ තියෙන තවත් සමානකමක් ගැන ගැන මහින්ද මහත්තයා කිව්වා. ඒ සිද්ධිය තමයි රාජසිංහ රජතුමා 1832 ජනවාරි 30 වනදා ඉන්දියාවේ වෙල්ලොර්හිදී මරණයට පත් වෙනවා. ඒ වෙනකොට මද්දුම බණ්ඩාර කුමාරයට වයස අවරුදු 09 යි. මේ විදිහටම 1959 සැප්තැම්බර් 26 දින S.W.R.D. බණ්ඩාරනායක මහතා ඝාතනය කරන විටත් අනුර බණ්ඩාරනායක මහතාගේ වයස අවුරුදු 09ක්.
මහින්ද මහත්තයා කියන්නේ මෑත කාලයේ දේශපාලකයන්ගේ සහ ප්‍රභූ පවුල් වල පුනරුප්පත්තිය එකම වක්‍රයක් විදිහට දිවයනවා කියලා. මේකට උදාහරණ විදිහට ඔහු කියන්නේ මේ වගේ කතාවක්.
1) J.R ජයවර්ධන මහත්මයා කියන්නේ රාජාධිරාජසිංහ රජතුමා
2) D.S සේනානායක මහත්මයා කියන්නේ 7 වැනි බුවනේකභාහු රජතුමා
3) රුක්මණී දෙවී කියන්නේ ඇහැලේපොල කුමාරිහාමි
4) විමලා විජයවර්ධන කියන්නේ දෝන කතිරිනා දේවිය
ඔහු මේ විදිහටම මේ දේවල් කියන්නේ ජෝතිශ්‍ය විද්‍යාවේ ගණන් ශාස්ත්‍රයට අනුව දශා ගැන බලලාලු. මේ විදිහට පරණ කේන්දර හොයාගන්න ජෝතිශ්‍ය පොත්පත් වලින් පුළුවන් කියලා ඔහු කියන්නේ.
මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ජෝතිෂ්‍ය සාධක. ඊට පරිභාහිර කිසිම සාධකයක් මෙතැන අඩංගු කරලා නෑ. ඉතින් ඉතිහාසයේ ඉඳලා අපේ රටේ ප්‍රසිද්ධ චරිත වලට හරි ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන අයට, එයාලගේ පරම්පරාවල අද ජීවත් වෙන අයට කිසම අවමානයක්, අපහාසයක් නොවෙන්න මේ ලිපිය අපි ඔබට ගෙනාවා. ඒවගේම කියන්න ඕන මෙතැනදී අපි මුලිකවම අවස්තාවක් දුන්නේ ප්‍රවීණ ජෝතිර්වේදියෙක් මෙන්ම ඉතා ප්‍රසිද්ධ පරිපාලන ආයතනයක රැකියාවක් කරන මහින්ද ඉලුක්පිටිය මහතා ගේ මත වලට. ඉතින් මේ ලිපිය ගැන ඔබේ අදහස අපට ඉදිරිපත්කරන්න ඔබට අවස්ථාව තියෙනවා.