News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

දිගම සාරි පොටේ ගිනස් වාර්තාව අවලංගු වෙයි – හේතුව මෙන්න.

3205 Views


දිගම සාරි පොටේ ගිනස් වාර්තාව අවලංගු වෙයි – හේතුව මෙන්න.

මේ ටිකේ ලංකාවම හිටියේ මනාලියකගේ සාරි පොටේ එල්ලිලා. ඉස්කෝලේ ළමයි සාරි පොට උස්සන්න ගත්ත එක වැරදියි කියලයි හැමෝම කිවුවේ. හැබැයි ඒ අතර ටික දෙනෙක් කිවුවේ ඒකෙ ඇති වැරද්දක් නැහැ කියලයි.

කොහොම වුනත් මේ ප්‍රශ්නේ ගැන ගිනස් වාර්තා පොතටත් ආරංචි වුණා. ඒ නිසා මේ වාර්තාව ගිනස් කමිටුවෙන් අවලංගු කරන්න තීරණය කරලා. ඒකට හේතුව විදිහට එයාල කියන්නේ නීති රීති කඩ කරපු කිසිම වාර්තාවකට අනුමැතිය ලබා දෙන්නේ නැහැ කියලා. ලංකාවේ ආයතන කිහිපයක් මේ සම්බන්ධව නීතියෙන් කටයුතු කරන්න ඉදරිපත් වෙලා තියෙනවා වගේම වාර්තාවකුත් හදලා. ඒ නිසා අදාළ වාර්තාව ගැන මේ වෙනකොට අයදුම්පතක් ගිනස් කමිටුවට ලැබිලා තියෙනවා කියලත් ගිනස් කමිටුවෙන් තහවුරු කළා. මේ ඔක්කොම හේතු ගැන සැලකිලිමත් වුන ගිනස් කමිටුව කියන්නේ තියන්න ගියපු වාර්තාව අවලංගු ගිනස් වාර්තාවක් කියලයි.

ඉතින් තවදුරටත් මේ දිගම සාරි පොට  ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ නෑ. අන්තිමට අපට කියන්න තියෙන්නේ ඔබ මොන විදිහකට හරි ලෝක වාර්තාවක් තියන්න යනවනම්, ඒකෙන් වටේ පිටේ අයට කරදරයක් වෙනවා කියල ගිනස් කමිටුවට පැමිණිල්ලක් ගියොත් ඒක තවදුරටත් ලෝක වාර්තාවක් වෙන්නේ නම් නෑ.


News Articles
Latest Videos
Most Popular Post