News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

ක්‍රිකට් වලටත් Red Card – හෙට සිට ක්‍රිකට් වලට එකතුවෙන අමුතු නිතිරීති මෙන්න.

2917 Views


ක්‍රිකට් වලටත් Red Card – හෙට සිට ක්‍රිකට් වලට එකතුවෙන අමුතු නිතිරීති මෙන්න.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණය ආරක්ෂා කර ගන්න වගේම ක්‍රීඩාවේ පහසුව වෙනුවෙන් කාලෙන් කාලෙට අලුත්ම නීති රීති ගේනවා. ඒ වගේ අලුත්ම නීතිරීති කිහිපයක් ICC ය ප්‍රකාශ කරා. හෙට ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවෙත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එක්ක මේ නීතිරීති ක්‍රියාත්මක වෙනවා. මේ තියෙන්නෙ ක්‍රිකට් වලට අලුතෙන්ම ආපු නීතිරීති.

1. ටෙස්ට් ක්‍රිකට් වලදී එක කණ්ඩායමකට ආදේශක හයක් කරන්න පුළුවන්.(කලින් තිබුනේ ආදේශක හතරක් විතරයි)

2. ක්‍රිකට් පිත්තේ අනුමත පළලේ සහ දිගේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. ඒ වුනාට ඉර මුදුනේ ඝණකම 40mm ට වැඩි වෙන්න බෑ, ඒ වගේම පිත්තේ ඝණකම ඕනෑම ස්ථානයක 67mm ට නොඉක්මවන්න ඕන. නව රෙගුලාසි පිත්ත මැනලා බලන්නත් විනිසුරුවන්ට බලතල තියෙනවා.

3. කඩුල්ල බිඳ දැම්මට පස්සෙ කඩුලු රකින ක්‍රීඩකයන් සහ පිතිකරුවන්ට තුවාල වෙන එක වළක්වන්න අයි.සී.සී. බේල්ස් ටේප් කරන්න ICC යෙන් බාධාවක් වෙන්නේ නෑ. සත්කාරක රටේ කැමැත්තට එක කරන්න පුළුවන්.

4. ටෙස්ට් ක්‍රිකට් වලදී, කඩුල්ලක් බිඳ වැටුනට පස්සෙ අනිත් ක්‍රීඩකයාට පිටියට එන්න විනාඩි 3 ක කාලයක් ලැබෙනවා. (කලින් ලැබුනේ විනාඩි 2 ක් විතරයි.)

5. ක්‍රීඩකයකු විනය විරෝධී විදියට හැසිරෙනවා නම් විනිසුරුට ඔහුව පිටියෙන් ඉවත් කරන්න බලතල ලැබෙනවා. හරියට පාපන්දු ක්‍රීඩාවේ Red Card වගේ.

6. කඩුලු දෙකක් අතර දුවද්දී පිත්ත තණ තිල්ලේ ස්පර්ශ වෙලා නොතිබ්බත් ක්‍රීස් එකෙන් ඇතුලේ පිත්ත තිබුනොත් ඒක නොදැවී යාමක් විදියට සටහන් වෙනවා.

7. පිතිකරුවෙකුගේ හෙල්මට් එකේ පන්දුව වැදිලා ආවත් ඔහුව දුවද්දී දවා ගන්න, ස්ටම්ප් කරන්න පන්දුව රැකගෙන හරි දවා ගන්න පුළුවන්.

8. යම් අවස්තාවක LBW දැවී යාමක්, නොදැවී යාමක් විදියට විනිසුරු සටහන් කරාට පස්සෙ ඔහුගේ තීරණයට අභියෝග කරමින් review එකක් ගන්නවා නම්, ඒ අවස්ථාවේදී ” umpire’s call” අවස්ථාවක් ඇවිත් විනිසුරුගේ තීරණය නිවැරදි වුනොත්, ඒ අවස්ථාවේ review ලබාගත් කණ්ඩායමට තමන්ගේ review අවස්තාව අවලංගු කරන්නේ නෑ, ඔවුන්ට දිගටම review එක වලංගු වෙනවා.

මේ තියෙන්නේ ICC යෙන් ඒ ගැන නිතුත් කල නිල Video එක…

https://twitter.com/ICC/status/912602656627216384


News Articles
Latest Videos
Most Popular Post