News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
28

අත්‍යාවශ්‍ය ආහාර වර්ග 15 ක මිල පහළට.

2152 Views


අත්‍යාවශ්‍ය ආහාර වර්ග 15 ක මිල පහළට.

සාමාන්‍යයෙන් ඉස්සර මැච් කියන්නෙ ආණ්ඩුවට හොද අවස්තාවක්. මොකද ජනතාව මැච් පිස්සුවෙන් ඉන්නකොට ආණ්ඩුවට පුළුවන් බඩුවල මිල ඉහල දාන්න. හැබැයි අද වෙලා තියෙන්නෙ ඒකේ අනිත් පැත්ත. ශ්‍රී ලංකා, පාකිස්තාන මැච් එක අස්සෙ අත්‍යවශ්‍ය ආහාර කිහිපයක මිල අඩු කරලා තියෙනවා. මේ විදියට සතොසින් අලෙවි කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 15 ක මිල අද ඉදන් අඩු කරලා තියෙනවා. ඒ, ජනාධිපතිතුමා ඊයේ ලබාදුන් උපදෙස් මත.

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය නිකුත් කරපු නිවේදනයේ තියෙන්නෙ, සහල් වර්ග 07 ක සහ ආහාර ද්‍රව්‍ය 08 ක මිල ගණන් මෙලෙස අඩු කරලා තියෙනවා කියලයි. රුපියල් 80 කට වෙළදපොලේ විකුණන නාඩු කිලෝවක් සතොසේ අලෙවි කරන්නෙ රුපියල් 74 කට. සුදු කැකුලූ රුපියල් 65 කටත්, සම්බා රුපියල් 84 කටත්, රතු කැකුලූ රුපියල් 75 කටත්, රතු නාඩු රුපියල් 80 කටත්, සුදු කැකුලූ සම්බා රුපියල් 90 කටත් අලෙවි කරනවා. හාල් මැස්සන් කිලෝවක මිල රුපියල් 525 දක්වා අඩු කරලා තියෙනවා. වෙළදපොලේ රුපියල් 168 කට අලෙවි කරන බී ලුණු කිලෝවක් සතොසින් රුපියල් 125 කටත්, රුපියල් 198 ක්ව තිබ්බ දේශීය අර්තාපල් 130 කටත් ලබා ගන්න පුළුවන්. රුපියල් 149 කට තිබ්බ ටින් මාලූ ග්‍රෑම් 400 රුපියල් 130 කට අඩුවෙලා තියෙනවා. සීනි කිලෝවක් රුපියල් 107 ක් දක්වා අඩු කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post