News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
28

පාරවල් හොයාගන්න බැරුව අතරමං නොවන ලෝකයේ එකම රට ජපානය – හේතුව මෙන්න.

5000 Views


පාරවල් හොයාගන්න බැරුව අතරමං නොවන ලෝකයේ එකම රට ජපානය – හේතුව මෙන්න.

ජපානය කියන්නේ පැසිෆික් සාගරයෙන් වට උන ලස්සන දිවයිනක් ඝන නගර, අධිරාජ්ය මාලිගා, කඳුකර ජාතික වනෝද්‍යාන සහ දහස් ගණන් සිද්ධස්ථාන හා පන්සල්. උමං සහිත දුම්රිය මාර්ග මේ රටේ තියෙනවා. ජපානයේ අග නගරය වෙන්නේ ටෝකියෝ. ඒ වගේම ජපානය කියන්නේ සාප්පු සවාරි වලට ගොඩාක් ප්‍රසිද්ධ රටක්. මේ අපි කිව්වේ ජපානය ගැන ඔබ දන්න කියන වගේම ඉතා ප්‍රසිද්ධ තොරතුරු ටිකක්. එත් අපි මේ කියන්න යන්නේ ඔබ ජපානය ගැන ඔබ නොදන්න එත් දැනගතයුතුම දේවල් ටිකක්. බලන්නකෝ ඔබේ මේ දේවල් මිට කලින් දැනගෙන හිටියද කියලා.

1. ලොකේ තියෙන ආරක්ෂිතම නගරය තමයි ටෝකියෝව.

2. කිසිම කෙනෙක් ජපානයේදී පාරවල් හොයාගන්න බැරුව අතරමං වෙන්නේ නෑ. මොකද සවිස්තරාත්මක උපදෙස් ඕනෑම තැනක දැක්වෙනවා. ඒවා ජපන් බසින් වගේම ඉංග‍්‍රිසි භාෂාවෙන්ද තියෙනවා.

3. ජපන් දරුවන් උපන් දිනය සමරන්නේ එකට. නොවැම්බර් 15 වන දිනය අවුරුදු 3,5, 7 වයසැති ජපන් දරුවන්ගේ උත්සව දිනයක්. මේ දිනය හඳුන්වනේ Shichi-Go-San නමින්. මේකට හේතුව ජපානයේ ඔත්තේ සංඛ්‍යා වලට විශේෂ ස්ථානයක් තියෙනවා. ජපන් ළමුන්ගේ ජීවිත වලටත් මෙම ඔත්තේ උපන් දින විශේෂයි කියලයි සලකන්නේ.

4. ජපානේ හැමෝම උදේට ව්‍යායාම කරන්න ඕන. මේක 1928 ඉඳලම ජපානේ අය සිදු කරන දෙයක්.

5. ජපානේ වැඩ කරන අයට හැම මාසෙම අවසන් සිකුරාදා ෂෝට් ලීව් එකක් ලැබෙනවා. මේක මාසය පුරාම ඉතා වෙහෙසින් වැඩ කරන ජපන් අය වෙනුවෙන් ජපන් රජය Premium Friday නමින් වැසටහනක් හඳුන්වා දුන්නා. ඒක දැන් ජපානය පුරාම ක‍්‍රියාත්මකයි. ඒනිසා කාර්යාල සේවකයන්ට මාසයේ අවසන් සිකුරාදා පැය කීපයක් කලින් ගෙදර යන්න පුලූවන්.

6. ජපානයේ වසර දහස් ගණන් පැරණි ව්‍යාපාර තියෙනවා. වෙළෙඳ කටයුතු කරන ස්වදේශීය සමාගම් සෑහෙන්න තියෙනවා. වර්ෂ 718 දී ආරම්භ කල, පරම්පරා 46ක් මුලූල්ලේ එකම පවුලේ අය පාලනය කරන සාම්ප‍්‍රදායික හෝටලයක් ජපානයේ තියෙනවා.

7. 2014 දී ජපානයේ අඩි 45ක පමණ ගැඹුරු විශාල සිදුරක් ෆුකුඔකා නගරයේ ජනාකීර්ණ මාර්ගයක ඇති වුනා. ජපන් ඉංජිනේරුවන් පැය 48ක් ඇතුලත ඒ මාර්ගය මුලූමනින්ම නැවත සකස් කලා.

8. මාර්ගයේ නඩත්තුවක් කරන විට ඒ අසල මෝටර් රථයක් නවත්වා තිබෙනවා නම් එය පොලිතීන් කවරයකින් ආවරණය කිරීමෙන් අනතුරුවයි ඔවුන් නඩත්තුව අරඹන්නේ. ඒ වගේම අන් අයගේ ආරක්ෂාව ගැනත් ඉතාමත් සැලකිලිමත්.

9. පොඩි ඉඩකින් වැඩි ප‍්‍රයෝජන. ජපනුන් බොහෝවිට ඉදි කරන්නේ කුඩා නිවාස. නමුත් අති විශාල නිවාස වල ඇති සියලූ පහසුකම් තිබෙනවා.

10. කිසිදා ප‍්‍රමාද නොවන අධිවේගී දුම්රිය, පැය කි. මී. 200 ක පමණ වේගයෙන් ධාවනය වන දුම්රිය පවා තිබෙනවා. ඒත් ප‍්‍රමාදය නෑ.

11. ජපනුන් වරදක් වුනොත් ඒ සැනින් සමාව අරං ඒ වරද හදාගන්නවා.


News Articles
Latest Videos
Most Popular Post