News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
28

කිරුළ අහිමිවුන දිමුත් එක්ක නායක චන්දිමාල් වැඩ පෙන්නයි. අද ලංකාවේ නම්බුව නූලෙන් බේරුණ හැටි මෙන්න.

4755 Views


කිරුළ අහිමිවුන දිමුත් එක්ක නායක චන්දිමාල් වැඩ පෙන්නයි. අද ලංකාවේ නම්බුව නූලෙන් බේරුණ හැටි මෙන්න.

ශ්‍රී ලංකාව දරුණු පරාජයන් වැලකට පස්සෙ ඩුබායි වලට ගියේ ජයග්‍රහණයේ ක්ෂේම භූමියක් හොයාගෙන. ඒ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ටෙස්ට් තරඟාවලියට. පහුගිය කාලයේ කාසියේ වාසියවත් හරියට දිනා ගන්න බැරි වුන ලංකාවට අද තරඟයේ කාසියේ වාසිය හිමි වුනා.

චන්දිමාල්ගේ පළමුවෙන්ම පන්දුවට පහරදෙන තීරණයත් එක්ක ආරම්භක පිතිකරුවන් විදියට පිටියට ආවේ දිමුත් සහ කෞෂාල්. පලවෙනි කඩුල්ල විදියට කෞෂාල් සිල්වා ලකුණු 12 කට දැවී ගියා. හැබැයි අද ඔහු ලකුණු 2000 සීමාව පහු කරන්න සමත් වුනා. අවුරුදු එකහාමාරකට පස්සේ කණ්ඩායමට ආපු තිරිමාන්න ලකුණු ලබා ගන්නත් කලින්ම ක්‍රීඩාගාරයට හරවලා යවන්න පාකිස්තාන පන්දු යවන්නන් සමත්වුනා. අද ලංකාවේ ගැලවුම්කාරයා වුන දිමුත් කරුණාරත්න ලකුණු 93 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුලත් වුනා. දිමුත් එක්ක පිටියේ එක්වුන නායක චන්දිමාල් ලකුණු 100 ක සබඳතාවක් ගොඩනැගුවා. අද දවසට තරඟය නතර කරද්දී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 60 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 42 ක් ලබාගෙන ඉන්නවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2 ක් දවා ගන්න යසීර් ෂාහ් ට පුළුවන් වුනා. හසන් අලී කඩුලු 1 යි. කොහොම වුනත් අද දවසේ තරඟය නතර කරද්දී වැඩි වාසි ලබා ගන්න ලංකාවට පුළුවන් වුනා. අද දවසට තරඟය නතර කරද්දී ලංකාව කඩුලු 4 ට ලකුණු 227 ක් ලබා ගත්තා. හෙට තරඟයේ දෙවෙනි දවස. අපි බලමු ලංකාවට පළවෙනි ඉනිමට කියක් ලබා ගන්න පුළුවන් වෙයිද කියලා. ඒ ලකුණු ගණන අනුව තමයි ලංකාවේ ජය පරාජය තීරණය වෙන්නෙ.

 


News Articles
Latest Videos
Most Popular Post