මේ වෙද්දී ආන්දෝලනාත්මක Post එකක් බුකිය පුරාම Share වෙනවා. ඉතින් අපිට හිතුනා ඒ ගැන ඔබටත් කියන්න. මේ කාටවත් අපහාස කරන්න නෙවෙයි, කියවලා හිනාවෙලා පොඩ්ඩක් ලේ පිරිසිඳු කරගන්න.
වික්ටර්ට දවසම වුනත් නවත්තන්නේ නැතුව ගහන්ඩ පුලුවන්. මුල් දවස්වල මමත් පුදුම වුනා, එයාට කොහෙන්ද මෙච්චර ශක්තියක් කියලා. එයා ගොඩක්ම කැමතී මාව ඔඩක්කුවෛ් තියාගෙන ගහන්ඩ. ගහන්ඩ පටන් ගත්තහම එයා වෙනම ලෝකෙක අතරමන් වෙනවා. මම නම් හිතන්නේ වික්ටර් වගේ කෙනෙකු මට ලැබුනු එක මගේ වාසනාවක් කියලා.
ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගහනවා, ගහනවා කියාගන, මියුසික් වීඩියෝවල ස්ත්‍රී නිමිත්ත පෙන්නගෙන දගලන මල්ලි කෙනෙක් මේ ඊයේ පෙරේදා “ප” පෙන්නගෙන දගලනවා මමත් දැක්කා. හැබැයි මම ඒ මියුසික් වීඩියෝව බැලුවේ හන්සමාලි ගේ නිමිත්ත පෙන්නයි කියලා හිතාගෙන, එත් එයා සොසේජස් මිරික, මිරික කෙසෙල් ගෙඩියක් විතරයි ලෙවකෑවේ. මාව හොඳටම ඩිසපොයින්ට් වුනා. ඊට පස්සෙයි මට තේරුනේ හන්සමාලිට මරිකන්ඩයි, ලෙවකන්ඩයි විතරයි දන්නේ රගපාන්ඩ දන්නේ නෑ කියන එක.
සංස්කෘතියට ගහන මල්ලිට කියන්ඩ තියන්නේ මෙච්චරයි, “ඔයා සංස්කෘතියට ගහන එක පොඩ්ඩක් පැත්තකින් තියලා, පුලුවන්නම් මාව ඔඩොක්කුවේ තියාගෙන පැය කාලක් ගහල පෙන්නන්ඩ, ඔයා ඇත්තටම හොඳ ගැහිලි කාරයෙක් කියලා අන්න එතකොට මම පිලිගන්නම්, මම විතරක් නෙවෙයි රටම පිලිගනී” ඔයාට පුලුවන් මාව අතගාලා බලන්ඩ විතරයි, එත් ගහන්ඩ බෑ”. මොකද දන්නවාද ඔයා පොඩි එකෙක් තවම. ඔය පාර අයිනේ වැටිලා තියන ටින් බෙලෙක්ක වලට ගැහුවට ඔයා ගැහිලි කාරයෙක් වෙන්නේ නෑ මල්ලි. පුලුවන්නම් මං වගේ කෙනෙකුට ගහලා පෙන්නන්ඩ.
මීට,
වික්ටර්ගේ සිතාරය.?
සංකල්පනය: එරින් ප්‍රනාන්දු