ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස අද. අද තරඟය පටන් ගනිද්දි ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 227 ක් ලබා ගෙන හිටියා. කාලයකට පස්සෙ සාර්ථක පිතිහරඹයක් ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් බලා ගන්න පුළුවන් වුණා.
අද දවසෙත් පිටියේ එක්වුන චන්දිමාල් සහ දික්වැල්ල ලකුණු 134 ක් සම්බදතාවක් ගොඩනැගුවා. වේගවත් පිතිහරඹයක නිරතවුන දික්වැල්ල ලකුණු 83 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 9 ක් සහ එක හයේ පහරක් ඇතුලත් වුනා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරපු චන්දිමාල් ශ්‍රී ලංකාවේ ඉනිමේ කොදු නාරටිය වුනා. ඒ ඔහු නොදැවී ලකුණු 155 ක් ලබා ගෙන. ඔහුගේ ඉනිමට හතරේ පහර 14 ක් ඇතුලත් වුනා. චන්දි අද වාර්තා කරේ ඔහුගේ 9 වෙනි ටෙස්ට් ශතකය. කොහොම වුනත් චන්දිට මේ ලකුණු 155 ලබා ගන්න පන්දු 372 ක් වැය වුනා. ඊයේ දිමුත්ටත් ලකුණු 93 ලබා ගන්න පන්දු 205 ක් අවශ්‍ය වුනා. හෙමින් පන්දුවට පහර දුන්න හේතුව ඇහුවම දිමුත් කිව්වේ මේ තණතිල්ල වේග පන්දු යවන්නන්ට වාසිදායක නිසා දුර්වල පන්දු තෝරාගෙන ලකුණු රැස්කරා කියලයි. දිල්රුවන් පෙරේරා ලකුණු 33 යි.
ලංකාව පළවෙනි ඉනිමේ සියලු දෙනාම දැවී ලබා ගත්තේ ලකුණු 419 යි. කොම වුනත් ලංකාවේ ඉලක්කය වෙලා තිබ්බෙ ලකුණු 300 – 350 ත් වගේ ගණනක්. ඒ නිසා මේ ලබා ගත්ත ලකුණු 419 ලංකාවට හොද තරඟයක් දෙන්න උදව් වේවි. යසීර් ෂා සහ මොහොමඩ් අමිර් ලංකාවේ කඩුලු 3 බැගින් දවා ගත්තා. හසන් අලී කඩුලු 2 යි.
ලකුණු 419 ක දැවැන්ත ඉලක්කයක් හඹාගෙන යන්න පාකිස්ථානය පිතිකරුවන් පිටියට ආවා. අද දවසේ තරඟය නතර කරන විට කිසිවෙකුත් නොදැවී ලකුණු 64 ක් ලබාගන්න පාකිස්ථාන ආරම්භක පිතිකරුවෝ සමත් වුනා. හෙට තරඟයේ තුන්වෙනි දවස. අපි පන්දු යවන්නන්ට පාකිස්ථාන පිතිකරුවන්ව මෙල්ල කරගන්න පුළුවන් වෙයිද කියලා.