News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
30

වාර්තා රැසක් තබමින් චන්දිමාල් මහේලවත් පසුකරයි. සංගක්කාර සුභපතයි.

10072 Views


වාර්තා රැසක් තබමින් චන්දිමාල් මහේලවත් පසුකරයි. සංගක්කාර සුභපතයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ පළවෙනි ඉනිමට ලංකාව ලකුණු 419 ක් ගත්තා. ඒ ලකුණු වලින් වැඩිම බරපැනක් දැරුවේ නායක චන්දිමාල්. ඔහු නොදැවී ලකුණු 155 ක් ගත්තා.

ඊයේ චන්දිමාල්ගේ ඉනිම ගැන ගොඩක් අය කතා කරා. හොද නායකයෙක්ගේ ලක්ෂණ වගේම පරිණත ක්‍රීඩකයෙක්ගේ ලක්ෂණ චන්දි පෙන්නුවා කියලයි ක්‍රිකට් විචාරකයෝ කිවුවේ. ඊයේ ඉනිමේදී චන්දිමාල් වාර්තා කිහිපයක්ම අලුත් කරන්නත් සමත් වුනා. ඒ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ටෙස්ට් පිතිකරුවෙක් වුන මහේල ජයවර්ධනවත් අභිබවා යමින්. මේ තියෙන්නෙ චන්දිමාල් ඊයේ අලුත් කරපු වාර්තා ටික.

* අංක 4 හරි ඊට පහළින් හරි ක්‍රීඩා කරන ලංකාවේ පිතිකරුවෙක් ශතකයක් වාර්තා කරන්න ගන්න අඩුම ඉනිම් සාමාන්‍යට හිමි වාර්තාව චන්දිමාල් අලුත් කරා. ඔහුගේ ශතක රැස් කිරීමේ ඉනිම් සාමාන්‍ය 6.2 ක්. එ් කියන්නෙ චන්දි ඉනිම්. 6.2 කට සැරයක් ශතකයක් රැස් කරනවා. සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධනගේ සමන්‍ය වෙන්නෙත් 7.4 ක්. පලමු කඩුලු 3 බිද වැටිලා තියෙන වෙලාවක පීඩනයත් එක්ක ශතකයක් වාර්තා කරන එක හිතන තරම් ලේසි නම් නෑ.

* අංක 4 හරි ඊට පහලින් හරි ක්‍රීඩා කරන ලකුණු 1000 ට වඩා ලබාගෙන තියෙන ලංකාවේ ක්‍රීඩකයෙක්ගේ දෙවෙනි වැඩිම ලකුණු සාමාන්‍ය ලබා ගන්නත් චන්දිමාල් සමත්වුනා. ඔහුගේ අංක 4 න් පහල ක්‍රීඩා කරද්දි ලකුණු සාමාන්‍ය 45.76 යි. චන්දි දෙවෙනි වෙන්නෙ මහේලට විතරයි.

* පහුගිය අවුරුදු 5 දී අංක 4 හරි ඊට පහල සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් ලබාගෙන තියෙන 4 වන වැඩිම ශතක ගණනට හිමි වාර්තාවත් චන්දිමාල් අලුත් කරා. එ් ශතක 6 ක් ලබාගෙන.

පහුගිය කාලය පුරාවටම ගොඩක් අය චන්දිමාල්ට බැන්නා. එ් ඔහු අසාර්ථකයි කියලා. ඒ වගේම ඊයේ ඔහුගේ පිතිකරණය දිහා බලලත් ගොඩක් අය කිවුවේ කොට කොට ඉන්නවා කියලයි. හැබැයි කාලයක් ආසාර්ථක වුනත් ආයිත් සුපුරුදු පිත්ත චන්දි හොයාගෙන තියෙන බව නම් ඊයේ හොඳටම පෙන්නුවා.

මේ තියෙන්නේ සංගාගෙ Twitter සුභපැතුම…


News Articles
Latest Videos
Most Popular Post