අද 2017 සැප්තැම්බර් මාසයේ 30 සෙනසුරාදා
රාහු කාලය: පෙ.ව 09.00 සිට10.30
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: නැගෙනහිර
මේෂ ලග්නය

ව්‍යාපාරයක් ඇරඹීම හෝ එවැනි දේකින් යහපතක් ලැබීමක් ඇති වෙනවා. ඒ වගේම පොළොව සම්බන්ධ වැඩ කටයුතු කරන්නන්ට යහපත්වන දිනයක්. ඔබ ගමන් බිමන් යාමේදී තරමක් දුරට හිතවතුන් සමග කතා බහ කිරීමේදි ප්‍රවේසම් විය යුතුයි. නැතිනම් ඔබට තරමක් සිත් තැවුල් මතුවිය හැකියි.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 02
වෘෂභ ලග්නය

මෙතෙක් තිබු අවහිර බාධා වලට තරමක් වැටකඩොලු ඇතිවීම නිසා ඔබට ඉදිරියට යාමේ හැකියාවක් තියෙනවා. අලුත් වැඩ කීපයක් පටන් ගැනීමට ඔබ යුහුසුළුවන අතර ව්‍යාපාරික තත්වයක් හෝ ලාභ සම්බන්ධයෙන් වෙහෙසන දිනයක්. ඒ වගේම නිශ්චල චංචල දේපල සම්බන්ධයෙන් වැඩිපුර ඔබ සිත යොමු කරන දිනයක්. එයින් ඔබට වාසියක් මිස අවාසියක් සිදු වන්නේ නැහැ. ඔබට ජයග්‍රහණ කීපයක් ලබා ගත හැකියි. අලුත් අලුත් අය ගෙදරට පැමිණෙන විනෝද ජනක ක්‍රීඩා හෝ පුන්‍යකර්ම කීපයක් කර ගැනීමේ අභිලාශයක් පවතිනවා.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 05
මිථුන ලග්නය

සිතට සහනයක් ගතට සැනසීමක් ඇතිවන දිනයක්. ඒ වගේම අධ්‍යාපනය ලබන්නා වූ දෙයකින් ඔබට ජයග්‍රහණ කීපයක් අත් වෙනවා. නමුත් තරමක් දුරට හවස් යාමයේදී ඔබ දුර බැහැර ගමන් වැනි දේවල් වලට ඔබ සම්බන්ධ වෙනවා නම් රථ වාහන පදවන්නේ නම් තරමක් දුරට ප්‍රවේසම් වෙන්න. ජල පිඩා ඇති බැවින් වර්ෂාවෙන් තෙමීමෙන් හෝ ජල ආශ්‍රිත කටයුතු කිරීමේදී ප්‍රවේසම් විය යුතුයි. ඒ වගේම ඔබට අධ්‍යාපනික ගමනක් හේතුවෙන් සිතට සහනයක් නැගේවි. ආගමික සිද්ධස්ථාන වලට හෝ වන්දනා ගමන් වලට යොමු වෙනවා.
ජය වර්ණය: තද කොළ පැහැය ජය අංකය: 05
කටක ලග්නය

ඔබට ඉක්මන් ගමන් වැඩ අධික වීම් ඇති වෙනවා. ඒ වගේම බාහිර අයගේ කටයුතු ඔබ මතට පැටවීම නිසා වැඩ කටයුතු බොහොමයක් කර ගැනීමටත් විවේකය අඩු වීමටත් හේතු පවතිනවා. කලක් කරගෙන ගිය ව්‍යාපාරයක් හෝ රැකියාවක් වෙනස් කිරීමට සිතා ගැනීමද ඒ වගේම වෙනස් ආකාරයේ කටයුතු වලට යොමු වීමටද සිදු වෙනවා. මංගල්‍යමය ගමන් බිමන් වැඩි වෙනවා. අධ්‍යාපනික හෝ ආගමික සිද්ධස්ථාන වලින් කටයුතු කිරීමට යුහුසුළු වන දිනයක්. එවැනි දෙකින් සාර්ථක ප්‍රථිපල නෙලා ගත හැකියි. ගෙදර දොර ආගමික පරිසරයකින් සිටීමට ඉඩ තිබෙන දිනයක්.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 05
සිංහ ලග්නය

මංගල්‍යමය ගමන් බිමන් වැඩි වෙනවා. ඒ වගේම ගෙදර දොර සියලු දෙනා එකමුතුවන කටයුතු කීපයක් කර ගැනීමටත් දුර බැහැර ගමන් බිමන් හෝ ආගමික පසුතලයකට යොමු වීමටත් පුණ්‍යකාමී සිතුවිලි ඇති වීමටත් අද දිනය තුලදී හැකියාවක් පවතිනවා. ඔබට ඔබගේ හිතවතුන් උදෙසා අද කාලය මිඩංගු කරන්න සිදු වෙනවා. යමක් කරන්නට කලින් සිතා බලන ගති ඇති නිසාම ඔබ අද දිනයේදී පෙරහුරුවකට යෙදීමටද ඉඩ තිබෙන දිනයක්. අලුත් අදහස් මතු වේවි. ඒ වගේම අධ්‍යාපනික අංශයේ කටයුතු සුභවාදී වෙනවා.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 04
කන්‍යා ලග්නය

යහපත් කටයුතු කීපයක් කර ගැනීමටද දුරදිග සිතා බලා කටයුතු කිරීමද තුලින් ඔබගේ දියුණුව ඇති වන දිනයක්. අලුත් අදහස් මතු වේවි. අලුතෙන් යමක් එකතු කරගන්න ජීවිතය ගැට ගහගන්න හැකියාවක් පවතිනවා. ව්‍යාපාරික තත්වය සුභවාදී වන අතර දරුවන්ට ඥාතීන්ට උසස් ලෙස සංග්‍රහ කිරීමට අවස්ථාවක් තියෙනවා. සිතට සහනයක් ගතට සැනසීමක් ලැබෙන ආගම දහමට නැඹුරු වන දිනයක්.
ජය වර්ණය: තද කොළ පැහැය ජය අංකය: 05
තුලා ලග්නය

බොහෝ විට අන්‍ය අයගේ හිතවත්කම් හිතවතුන් ගෙදරට පැමිණීමක් හෝ ආගමික පසුබිමකට යොමු වීමක් දුර බැහැර ගමනක් හෝ රටින් පිට දේශාන්තර වල ඇවිදීමට හේතු සාධක පවතිනවා. මෙතෙක් කලක් ඔබට වෛර කල කෙනෙක් ලගට පැමිණීමක් හෝ හිතවත්විමකට ඉඩ තිබෙන දිනයක්. ඒ වගේම කරගෙන යන කටයුතු සාර්ථක අන්දමින් නිමා කර ගැනීමට හැකියාවක් තියෙනවා. අලුත් අලුත් අය ගෙදරට පැමිණෙනවා. ඔබගේ ධෛර්ය ශක්තිය මත නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද අද දිනයේදී යුහුසුළු වෙනවා. දරුවෙක් පිළිබද තිබු ගැටළුවක් විසදා ගැනීමට හැකියාවක් තියෙනවා.
ජය වර්ණය: තද නිල් පැහැය ජය අංකය: 03
වෘශ්චික ලග්නය

ඔබට අලුත් අදහස් අලුත් දේවල් කිරීමේ උද්‍යෝගයක් ඇති වෙනවා. ඒ වගේම මංගල්‍යමය ගමන් බිමන් වැඩි මංගල කරුණු සාර්ථකවන අතර ආගමික පසුබිමක අසරණයන්ට සරණ වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම තමන්ගේ අතමිට මුදල් විය පැහැදම් වීමටද ඉඩ තිබෙනවා. නමුත් ඔබට ලැබීම අතින්ද යහපත්වන අතර ඥාතීන් වෙනුවෙන් යමක් ඉතිරි කිරීමක් හෝ ඒවගේම ඔවුන්ගේ වැඩ කටයුතු වලට වියපහැදමක් දැරීමට ඉඩ තිබෙන දිනයක්. ඔබ සතුටින් ඒ කාරණාවල යෙදෙනවා.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 03
ධනු ලග්නය

බොහෝ විට උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බවකින් යුතුව කටයුතු කරන අතර අලුත් අලුත් අය මුණ ගැසීමක් හෝ ආගමික සිද්ධස්ථාන පසුබිම් කරගෙන කරන කටයුතු සාර්ථක වන අතර අලුත් අදහස් ඇති වෙනවා. ඥාතීන් එකමුතුව කරන ක්‍රියාවන් කීපයක් කර ගැනීමට හැකියාව ලැබෙන අතර උෂ්ණ රෝග ඇති අය අද දිනය තුලදී තරමක් දුරට ප්‍රවේසම් විය යුතුයි. යම් යම් සුළු සුළු ආපදාවන් වලට ලක්වන දිනයක්. බාහිර කටයුතු වැඩි නිසාම කාර්යබහුල වේවි.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 03
මකර ලග්නය

දුර දිග බලා කටයුතු කිරීම වටිනා දිනයක්. නැතිනම් ඔබට අවුල් සහගත තත්වයක් ඇති වේවි. මානසික පිඩා ආදිය ඇතිවන දිනයක්. ඒ වගේම අනවශ්‍ය පැටලිලි වලින් ප්‍රශ්න ගැටළු මතු වීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේසම් විය යුතුයි. ඔබට නින්දා අපහාස ඇතිවන දිනයක්. බොහෝ සෙයින් තමාගේ තත්වය ආරක්ෂා කරගෙන කටයුතු කිරීමට වග බලා ගත යුතු දිනයක්.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 03
කුම්භ ලග්නය

ඔබ අද දිනය තුලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. මංගල්‍යමය ගමන් බිමන් වැඩි වුනත් ඒවායින් ගැටළු සහගත තත්වයක් ඇති වුනත් අස්ථානගත චෝදනා නින්දා අපහාස ඇතිවිය හැකි බැවිනුත් බොහෝ විට දුරදිග බලා කටයුතු කරන්න. අනවශ්‍ය කෙනෙකුගේ කතාවක් නිසා සිත් තැවුලක් ඇති වීමට ඉඩ තිබෙනවා. ඒවගේම අනවශ්‍ය අය ඇසුරු කිරීමෙන්ද ප්‍රවේසම් විය යුතුයි. ගමන් බිමන් යාමේදී ප්‍රවේසම් විය යුතුයි. ආගමික සම්බන්ධතා ඇති අයට නම් යහපතක් උදා වේවි. ඒ වගේම පුජක පක්ෂයෙන් ආධාර උපකාර ලැබිය හැකියි.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 09
මීන ලග්නය

මෙතෙක් කලක් තිබුනා වූ ගැටළු වලට විසදුම් සොයා යමක් හෝ තමන්ගේ කටයුතු නිදහසේ තම පාඩුවේ කර ගැනීමට සිතන දිනයක්. ඒ වගේම ඥාති හිතවතුන්ගෙන් තරමක් දුරට ගැටළු මතු වේවි. නමුත් ඒවා ගණන් නොගෙන තමන්ගේ කටයුතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම බාහිර පුද්ගලයන්ගේ ඔබට ගෞරවය ලැබෙනවා. අලංකාරය සම්බන්ධයෙන් කටයුතු කරනවා.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 02
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ
දුරකථන අංකය: 011 2 50 93 86