ලෝකේ ගොඩක්ම ජනප්‍රිය වුන චිත්‍ර අතරින් එකක් තමයි මොනාලිසා චිත්‍රය කියන්නේ. මේ චිත්‍රය ඇන්දේ ලියනාර්ඩෝ ඩා වින්සි. මොනාලිසා සිතුවම කියලා දැන් ලෝකේ ජනප්‍රියත්වයට පත් වුනත් ඩා වින්චි මේකට නම තියලා තියෙන්නේ පුනුරුද සාමයේ සිතුවම කියලා. මේ චිත්‍රය ඔහු ඇන්දේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ නිලධාරියකු මෙන්ම රෙදිපිළි වෙළෙන්දකුව සිටි ෆ්‍රැන්සිස්කෝ ඩෙල් ගියෝකොන්දෝගේ ඇණවුමකින් නිසා ඔහුගේ බිරිඳ වුන ලීසා ගෙරාර්දිනීගේ උඩුකය සිතුවමට නැගීමේ උවමනාව නිසා කියලා තමයි විශ්වාස කරන්නේ.
මේ චිත්‍රය ගැන ආන්දෝලනාත්මක සිදුවීමක් පහුගිය දවසක වාර්තා වුනා. ඒ තමයි නිරුවත් කාන්තාවකගේ උඩුකය දැක්වෙන අඟුරු සිත්තමක් හමුවෙලා. මේ චිත්‍රය ‘මොනා ලීසා’ (Mona Lisa ) චිත්‍රයේ මූලික දළ සටහන කියලා ප්‍රංශයේ කළා විද්වතුන් පිරිසක් හොයාගෙන තියෙනවා. මෙච්චර කාලයක් මේ අඟුරු වලින් ඇඳපු චිත්‍රයට නම තියලා තිබුනේ ‘මොනා වන්නා’ (Monna Vanna) කියලා. මේ ච්ත්‍රය මෙච්චර කාලයක් තිබිලා තියෙන්නේ පැරිස් අගනුවර උතුරු කලාපයේ පිහිටි කලාගාරයක. 1862 අවුරුද්දේ ඉඳන් අවුරුදු 150 කට අධික කාලයක් තැන්පත් කරලා තිබිලා තියෙනවා.
‘මොනා ලීසා’ චිත්‍රයේ තියෙන කාන්තා රූපයට සමාන ඉරියව්වෙන් ඇඳපු කාන්තා රුවක් තමයි මේ චිත්‍රයේ තියෙන්නේ. එත් වෙනස වෙන්නේ මේ චිත්‍රයේ නිරුවත් කාන්තා උඩු කයක් තියෙන එක. මේ නිරුවත් කාන්තා උඩුකය තියෙන චිත්‍රයේ ඩා වින්සිගේ නිර්මාණයක් හැටියට කලින් පිළිගෙන තිබුනා. එත් පැරිස් අගනුවර ‘ලූව්රේ ‘ (Louvre) කෞතුකාගාරයේ විද්‍යාඥයන් සිධු කල පරීක්ෂණ වලින් පස්සේ මේක ‘මොනා ලීසා’ සිතුවම තෙල් සායමින් නිම කිරීමට කලින් අඳින ලද එහි දළ සැකසුම කියලා දැන් හඳුනාගෙන තියෙනවා.
මෙන්න මේ හේතු 03 නිසා තමයි අලුතෙන් හොයාගත්ත චිත්‍රය මෙන්න මේ හේතු 03 නිසා තමයි අලුතෙන් හොයාගත්ත චිත්‍රය මොනා ලීසා අඳින්න කලින් ඇඳපු දළ සහටහන කියලා ඔප්පු වෙන්නේ
1) චිත්‍ර දෙකේ අත් සහ මුහුණු ඉරියව්වල සාම්‍යත්වය සමාන වීම.
2) ‘මොනා වන්නා’ සිතුවම ඩා වින්සිගේ කාලයට අයත් බව පරීක්ෂණ මගින් තහවුරුකරගෙන තිබීම.
3) මෙම සිතුවම් දෙක එකම ප්‍රමාණයකින් යුක්ත වන අතරම අත් සහ සිරුරේ ඉරියව් නිවුන් රූ දෙකක මෙන් අතිශයින් සමාන වෙනවා.