ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පලවෙනි ටෙස්ට් තරගයේ තුන්වෙනි දවස අද. ලකුණු 419 ක ඉලක්කයක් හඹාගෙන යන පකිස්තානය අද තරගය පටන් ගත්තෙ කිසිවෙක් නොදැවී ලකුණු 66 ක් අතැතිව.
සාර්ථක අාරම්භයක් ලබා ගත්ත මාසෝඩ් සහ සමී අස්ලාම් පළවෙනි කඩුල්ලට ලකුණු 114 ක සබදතාවක් ගොඩනැගුවා. මසෝඩ් ලකුණු 59 යි. සමී ලකුණු 51 යි. ඔවුන් දෙන්නාගෙන් පස්සෙ පිටියේ එක්වුන අසාර් අලී සහ ෂාෆික් ලකුණු 79 ක සබදතාවක් ගොඩනැගුවා. ෂාෆික් ලකුණු 39 යි. බාබර් අසාම් ලකුණු 28 කට දැවී යාමත් එක්ක අද දවසට තරගය නතර කරා. පාකිස්තාන ඉනිමේ ගැලවුම්කාරයා වුන අසාර් අලී නොදැවී ලකුණු 74 ක් ලබාගෙන ඉන්නවා.
අද දවසේ පාකිස්තාන පිතිකරුවන්ව මෙල්ල කර ගන්න පුලුවන් වුනේ රංගන හේරත්ට විතරයි. හේරත් කඩුලු 2 ක් දවා ගත්තා. නුවන් ප්‍රදීප් සහ දිල්රුවන් පෙරේරා කඩුල්ල බැගින් ලබා ගත්තා. අද තරගය නතර කරද්දී පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලකුණු 266 ක් ලබාගෙන ස්ථාවර තත්වයක ඉන්නවා. හැබැයි ඔවුන් තාමත් ලංකාවට වඩා ලකුණු 153 ක් පිටි පස්සෙන් ඉන්නෙ. එ් නිසා ලංකාවට තාමත් පොඩි වාසියක් තරගයේ තියෙනවා.
හෙට තරගයේ 4 වෙනි දවස. ලංකාවට ජයග්‍රහනය ගැන බලාපොරොත්තුවක් තියා ගන්න නම් හෙට උදේ වරුවෙම පාකිස්තාන ඉනිම නිමා කරන්න වෙනවා. කොහොම වුනත් තරගය කවුරු දිනනවද ජය පරාජයෙන් තොරව නිමා වෙනවද කියන එක හෙට දවසේදී තීරණය වේවි.