News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
1

ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාව මෙන්න.

1727 Views


ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාව මෙන්න.

අන්තර්ජාලය කියන්නෙ අද කාලයේ මිනිස්සුන්ට ඔක්සිජන් වලට වඩා අවශ්‍ය දෙයක් වෙලා. ඒ නිසාම අන්තර්ජාල සේවාවත් දවසින් දවසම වැඩි දියුණු වෙනවා. 90 දශකයේ ඉපදුන අයට නම් හොදට මතක ඇති ඒ දවස්වල website එකක් Load වෙන්න කොච්චර වෙලා ගියාද කියලා. ඒකට අද Click කරන පරක්කුව විතරයි. ලංකාවෙත් දැන් 5G තාක්ෂනය දෙන්න පරීක්ෂණ කරගෙන යනවා.

හැබැයි මේ කියන්න යන අන්තාර්ජාල සේවාව නම ඊට වඩා සියගුණයක් විතර වැඩි. මේ වැඩේට අත ගහලා තියෙන්නෙ Facebook සමාගමයි Microsoft සමාගමයි. ඊට අමතරව දුරකථන පහසුකම් සපයන ටෙලසිස් සමාගමත් මේ වැඩේට හවුල් වෙලා තියෙනවා. ” මරේයා ” විදියට නම් කරපු මේ ව්‍යාපෘතිය 2016 මැයි මාසයේදී තමයි පටන් ගත්තෙ කිලෝමීටර් 6600 ක් දුරින් පිහිටලා තියෙන ඇමරිකාවේ වර්ජීනියාව සහ ස්පාඤ්ඤයේ බිල්බාම් මුහුදු තීරය හරහා තමයි මේ කේබල් පද්ධතිය ස්ථාපනය කරලා තියෙන්නෙ.

තත්පරයකට ටෙරාබයිට් 160 ක් දත්ත ප්‍රමාණයක් හුවමාරු කරගන්න මේ අන්තාර්ජාල සේවාව හරහා පුළුවන්. ඒ කියන්නෙ එක මොහොතකින් High Quality වීඩියෝ මිලියන හැත්තෑ එකක් හුවමාරු කර ගන්න පුළුවන්. හිතාගන්නත් බෑ නේද. මේ වැඩසටහන ඉදිරියේදී අප්‍රිකානු රටවල් වලට වගේම ආසියානු රටවලටත් ගේනවා කියලයි එහි නිර්මාණකරුවන් කියන්නෙ. ඒ කියන්නෙ ඉස්සරහට ලංකාවේ අයටත් විදුලි වේගයෙන් අන්තර්ජාලයේ සැරිසරන්න පුළුවන් වේවි.


News Articles
Latest Videos
Most Popular Post