News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
1

මැච් එක Draw වෙන ලකුණු ද?

2628 Views


මැච් එක Draw වෙන ලකුණු ද?

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස අද. අද දවසේ තරඟය ආරම්භ කරේ පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලකුණු 266 ක් අතැතිව.

අද දවසේදී පාකිස්තාන පිතිකරුවන්ව පන්දුවෙන් දඩයම් කරන්න හේරත් සහ ලක්මාල් සමත වුනා. දිවා ආහාරය සදහා තරඟය නතර කරවිට ඔවුන් දෙදෙනාම කඩුලු 2 බැගින් ලබා ගත්තා. මේ තරගයේ මේ දකාව හේරත් කඩුලු 4 ක් දවාගෙන තියෙනාව. ටෙස්ට් කඩුලු 400 සීමාව පහු කරන්න ඔහුට තව කඩුලු 8 ක් ඕන. සෙමින් වුනත් ශක්තිමත් ඉනිමක් ක්‍රීඩා කල අසාර අලී ලකණු 85 කට දැවී ගියා. නායක සර්ෆාස් අහමඩ් ලකුණු 18 යි. මොහොමඩ් අමිර් ලකුණු 4 යි. යසීර් ෂා ලකුණු 8 යි.

හරිස් සොහයිල් නොදැවී ලකුණු 44 ක් ලබා ගෙන ක්‍රීඩා කරනවා. තාමත් පාකිස්ථානය ලංකාවට වඩා ලකුණු 59 ක් පිටුපසින් ඉන්නෙ. හැබැයි ඔවුන්ට තව කඩුලු 2 ක් තියෙනවා. ලංකාවේ පන්දු යවන්නන් හරි තැනට බෝලේ දා ගත්තොත් ඒ කදුළු දෙකත් ඉක්මනටම දවා ගන්න එක නම් කජ්ජක් නෙවෙයි.


News Articles
Latest Videos
Most Popular Post