News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
1

රංගන කඩුලු 400 පේන මානයේ. පාකිස්තාන දඟ පන්දු උගුලට මුල් පෙළ බිලිවෙයි.

3212 Views


රංගන කඩුලු 400 පේන මානයේ. පාකිස්තාන දඟ පන්දු උගුලට මුල් පෙළ බිලිවෙයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස අද. අද දවසෙත් දෙපිලම කරට කර සටනක යෙදෙනවා බලාගන්න පුළුවන් වුනා.

කඩුලු 4ක් දැවී ලකුණු 266 ක් අතැතිව පාකිස්තානය අද පිටියට ආවේ. ඒ වුනාට ශ්‍රී ලංකා පිලේ දඟයා, රංගන හේරත්ගේ පන්දුවෙන් බේරෙන්න පාකිස්තාන පිතිකරුවන්ට බැරි වුනා. හේරත් අද කඩුලු 4ක් දවා ගත්තා. ඉතිරි කඩුලු 2 සුරංග ලක්මාල් ලබා ගත්තා. හැබැයි ලංකාවේ පළමු ඉනිමේ ලකුණු ගණන ඉක්මවා යන්න පාකිස්ථානය සමත් වුනා. ඔවුන් පලවෙනි ඉනිමට ලකුණු 422 ක් රැස් කරා. අසාර් අලී ලකුණු 85 යි. සොහයිල් ලකුණු 76 යි. නායක සර්ෆාස් අහමඩ් ලකුණු 18 කට දැවී ගියා. හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් එක්ක හසන් අලී වේගවත් ලකුණු 29 ක් රැස් කරා.

පාකිස්තාන පලවෙනි ඉනිමේ කඩුළු 6 ක් ම දවා ගන්න රංගන හේරත් සමත් වුනා. ඔහුට ටෙස්ට් කඩුලු 400 ඉලක්කය සපුරා ගන්න තව කඩුලු 5 ක් විතරයි ඕන. සුරංග ලක්මාල් කඩුලු 7 යි.

ලංකාවේ දෙවෙනි ඉනිමේ ආරම්භයත් අසාර්ථක වුනා. පළවෙනි ඉනිමේ වැඩ පෙන්නපු දිමුත් ලකුණු 10 කට දැවී ගියා. තිරිමාන්න ලකුණු 7 කට ක්‍රීඩාගාරයට හරවා යවන්න පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වුනා. කෞෂාල් සිල්වා ලකුණු 25 යි.

ලංකාවේ පළවෙනි ඉනිම ගොඩගත්ත නායක චන්දිමාල් ලකුණු 7 කට දැවී ගියා. අද දවසට තරගය නතර කරද්දී කුසල් මෙන්ඩිස් ලකුණු 16 ක් සහ සුරංග ලක්මාල් ලකුණු 2 ක් ලබාගෙන ඉන්නවා. යශීර් ෂා කඩුලු 2 ක් දවා ගත්තා. ශාෆික් සහ සොහාලි එක කඩුල්ල බැගින් ලබා ගත්තා.

කොහොම වුනත් අද තරගය නතර කරද්දි ලංකාව හිටියෙ අසීරු තත්වයක. හෙට තරගයේ අවසන් දිනය. ලංකාවට තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන්න නම් හෙට තේ පානය වෙනකන් වත් ක්‍රීඩා කරන්න වේවි.


News Articles
Latest Videos
Most Popular Post