අද 2017 ඔක්තෝම්බර් මාසයේ 02 සඳුදා
රාහු කාලය: පෙ.ව 07.28 සිට 08.58
සුභ දිශාව: නැගෙනහිර
මරු සිටින දිශාව: වයඹ
මේෂ ලග්නය

බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. අන් අයව ආකර්ෂණය කර ගන්න පුළුවන් විදියට ඔබට වචන භාවිත කිරීමේ හැකියාව පවතිනවා. ජලාශ්‍රිත පරිසර වලදී දියර අලෙවි කිරීම් වලදී ඖෂධ අලෙවි කිරීම් වලදී පොත්පත් ආශ්‍රිත කටයුතු වලදී බොහෝ ජයග්‍රහණ ලබා ගත හකියි. සුරතල් සතුන් සමග කටයුතු කිරීමේදී තමන්ගේ ආරක්ෂාව පිලිබදව සිතා බලන්න. ආමාශගත රෝගී තත්ව තිබුණානම් එවැනි රෝගී තත්ව වලින් පවා නිදහසක් හමු වෙනවා. ගෘහාශ්‍රිත කටයුතු පිලිබදව තවමත් පවතින්නේ බාධාකාරී ස්වභාවයක්. කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ව විටින් විට ඇති වීමේ අවධානමක් පවතිනවා. හවුල් ව්‍යාපාර වලින් නම් ජයග්‍රහණ හිමි වෙනවා.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 03
වෘෂභ ලග්නය

සියුම් සතුරු කරදර ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. ඒ නිසා දෛනික කටයුතු වලට බාධා ඇති වෙනවා. නමුත් ඔබගේ උගත්කමට සරිලන ආකාරයට කටයුතු කිරීමේ හැකියාව රැකිරක්ෂා ස්ථාන වල කාන්තා පාර්ශවයේ උදව් උපකාර ලැබීම නිසා යම් සහනයක් ලැබිය හැකියි. ගෙදර දොරේ කටයුතු වලදී පුංචි බාධා කම්කටොළු ඇති වුනත් තමන්ගේ ශරීර සෞඛ්‍ය වෙනදට වඩා යහපත් මට්ටමක පවතින නිසා බොහෝ ගැටළු වලට අවසානයේදී උත්තර හොයා ගන්න පුළුවන්. අසල්වාසීන් සමග කරන ගනුදෙනු වලින් යම් ජයග්‍රහණයක් ඇති වෙනවා. සැලසුම් සහගතව දවසේ කටයුතු ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 06
මිථුන ලග්නය

පෙර පින ඉස්මතු වෙනවා. මව්පස ඥාතීන් ගෙන් උදව් උපකාර හිමි වෙනවා. ප්‍රිය මනාප කාන්තාවන්ගේ ඇසුර අද දවසේදී වැඩි වශයෙන් හිමි වෙනවා. ඔබගේ ජයග්‍රහණ ඒ අයගේ උදව්වෙන් ඔබ සතු කරගත හැකියි. අසල්වාසීන් සමග මතභේද මතගැටුම් තිබුණානම් ඒවා සියල්ල නිමා වෙලා සතුට සමාදානය සපිරෙන දවසක් නිර්මාණය වෙනවා. කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදෙනවා. දුර බැහැර ගමන් සදහා ඔබට ආරාධනා ලැබෙනවා. ගෙවල් දොරවල් අස්පස් කරනවා පිරිසිදු කරනවා ඒවා අලංකාර කර ගන්න ඔබ යම් ආකාරයක උනන්දුවක් වෙනදට වඩා දක්වනවා. ඔබගේ අධ්‍යාත්මික ශක්තිය දියුණු වෙනවා වගේම ඔබගේ දැනුමත් දියුණු වෙනවා. සතුරු බාධා තිබුණානම් ඒවා යටපත් කරගන්න වැඩිහිටියන්ගේ උදව් උපකාර හිමි වෙන දවසක්.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 03
කටක ලග්නය

තරමක බාධා ඇති වෙනවා. මව්පස ඥාතීන්ගේ හෝ කාන්තා පාර්ශවයේ ඥාතීන්ගේ අසනීප උපද්‍රව වලට අද දවසේ ඔබට මුදල් වියදම් කරන්න සිදු වෙනවා. ඔබට අනවශ්‍ය වියදම් ඉහල යාමේ ස්වභාවයකුත් පවතිනවා. ඒ නිසා කල්පනාකාරීව මුදල් පසුම්බිය හැසිරවීම ඔබ කල යුතුයි. උස් ස්ථාන තෙත් ස්ථාන අනාරක්ෂිත ස්ථාන වල කටයුතු කරන්න ඔබට සිදු වුනොත් වෙනදට වඩා ඔබගේ ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වන්න. ඔබගේ රිය ධාවනය කරනවානම් වෙනදට වඩා කල්පනාකාරී වෙන්න. ඔබගේ සතුට වගේම අන් අයගේ සතුට ගැනත් සැලකිලිමත් වෙන්න. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව ඇතිවිය හැකියි. අධ්‍යාපනික කටයුතු වල පුංචි පුංචි බාධා ඇති වෙනවා. ගෘහස්ථ කටයුතු වල යම් ආකාරයක දියුණුවක් ඇති කරනවා. වෘත්තිමය කටයුතු වලටත් යම් බාධාකාරී තත්ව ඇති වුනත් සහනශීලි බවකුත් ඒ හරහා උදා වෙනවා.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 07
සිංහ ලග්නය

ප්‍රේමනීය සම්බන්ධතා තුල බොහෝ ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්. වචන භාවිතා කරන අලෙවිකරණ වැනි වෘත්තීන් වල කටයුතු කරන අයගේ ජයග්‍රහණ ලැබිය හැකියි. ආදායම් මාර්ග විවර කර ගැනීමේ ඉඩකඩ ඔබගේ මානසික ශක්තිය මතම තීරණය වෙනවා. ඒනිසා ඔබගේ පෞරුෂය සහ මානසික මට්ටම ඉතාමත්ම යහපත් මට්ටමක පවත්වා ගැනීම වඩාත් වැදගත්. විවාහ ජීවිතය තුල බාධා කම්කටොළු තිබුණානම් එවැනි දේවල් දුරුකර ගත හැකියි. කලාකාමී කටයුතු වල නිරත වෙලා ඉන්න අයගේ එවැනි කලාකාමී කටයුතු දියුණු වෙනවා. අන් අයගේ ආකර්ෂණය හිමිවන නිසා බොහෝ ස්ථාන වලදී ඔබට ප්‍රමුඛතාවය හිමි වෙනවා. සෙම් සහිත රෝග වලින් පුංචි පුංචි බාධා ඇති වේවි. ආහාර නොදිරවීම් තත්ව ඇති වීමේ අවධානමක් පවතිනවා. දුර බැහැර ගමන් යන්න බලාපොරොත්තුවක් තිබුණානම් එවැනි ගමන් වලින් ඔබට ධන ශක්තිය වර්ධනය වෙනවා.
ජය වර්ණය: ලා දම්පැහැය ජය අංකය: 04
කන්‍යා ලග්නය

පහුගිය කාලපරිච්චේදය තුල සිදුවුණු අත්වැරදි අද දවසේ හදා ගැනීමේ හැකියාව පවතිනවා. විදේශගත වීමේ සිහින ඔබට තිබුණානම් ඒ සිහින යථාර්තයක් බවට පත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. රැකිරක්ෂා වෙළදාම් කටයුතු සදහා නිවසින් පරිබාහිරව ඔබට කටයුතු කරන්න සිදු වෙනවා. විපතකට කරදරයකට පත් වුණු තමන්ගේ යාලුවෙක් වෙනුවෙන් ඔබට කාලය මිඩංගු කිරීමට සිදු වෙනවා. මේ සියල්ල කළමනාකරණය කර ගත්තොත් අද දවස පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. කලපනකාරී වෙන්න. පපුව ආශ්‍රිත දණහිස ආශ්‍රිත රෝගී තත්ව ඇති විය හැකියි.
ජය වර්ණය: ලා කොළපැහැය ජය අංකය: 05
තුලා ලග්නය

ඔබ කරන කියන කටයුතු බොහෝ කලාකාමීව කිරීමේ ඉඩකඩ අද දවස පුරාම පවතිනවා. අධ්‍යාපනික කටයුතු වල පැහැදිලි දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. හැබැයි මනස විටින් විට වෙනස් වීම නිසා තමන් ගන්න තීන්දු තීරණ වෙනස් වීමේ ස්වභාවයක් ඇති කරනවා. ඔබගේ ආර්ථිකය ගැන සැලකිලිමත් වන්න. වියදම් පාර්ශවය ඉහල යාමේ ඉඩකඩකුත් පවතිනවා. පරිනතභාවය කටයුතු කරන්න ඔබ උත්සහ කරනවා. සමාජය තුල කැපී පෙනෙන්න ඔබ කැමති වෙනවා. රැකිරක්ෂා කටයුතු වෙළදාම් කටයුතු තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු වලදී මුල්‍ය පරිපාලන කටයුතු වලදී ඔබට වාසනාව පවතිනවා. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් වලදී අත්සන් තැබීම වලදී වෙනදට වඩා සැලකිලිමත් වෙන්න. තාක්ෂණික මෙවලම් මිලදී ගැනීමටත් අද දවස යෝග්‍යයි. සහෝදර ඥාතීන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී කල්පනාකාරී වන්න.
ජය වර්ණය: රෝස පැහැය ජය අංකය: 09
වෘශ්චික ලග්නය

මිල මුදල් මුද්‍රණය ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වෙනදට වඩා බහුල වෙනවා. තමන්ට වඩා උසස් නිලධාරීන් සමග උරෙන් උර ගැටී කටයුතු කිරීමේ ඉඩකඩ හිමි වෙනවා. ඒ හරහා බොහෝ උසස් නිලධාරීන්ව හොදින් හදුනා ගන්න ඔවුන් සමග යාලුහිතමිත්‍රකම් ගොඩ නගා ගන්න වාසනාව පවතිනවා. කල්පනාකාරීව කටයුතු කරොත් බොහෝ ජයග්‍රහණ හිමි කර ගන්න පුළුවන්. එක් වැඩක් නිමා වෙන්න පෙර තවත් වැඩක් ඔබ මත පැටවෙනවා. ඒ නිසා අධික කාර්යබහුල දවසක් උදා වෙලා. සෙම් සහිත රෝග පපුව ආශ්‍රිත රෝග හිතට දුකක් දැනෙන කටයුතු වලට අද දවසේදී ඉඩ වෙන් වෙනවා. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් පුංචි බාධා ඇති වෙනවා. ප්‍රේමනීය සම්බන්ධතා තුලින් චිත්ත පිඩා ඇති විය හැකියි.
ජය වර්ණය: ලා නිල්පැහැය ජය අංකය: 05
ධනු ලග්නය

බාධා කම්කටොලු තිබුනත් ඒවා ජය ගැනීමේ උවමනාව ශක්තිය ඔබ තුල නිර්මාණය වෙනවා. ඇතැම් කටයුතු සාර්ථක වෙන්නෙ පෙර පිනෙන්. මව්පස ඥාතීන්ගෙන් කලාකාමී හිතවතුන්ගෙන් ඒවගේම සහෝදර ඥාතීන්ගෙන් ඔබට බොහෝ උදව් උපකාර හිමි වෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව වලින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් තරමක් කල්පනාකාරී වෙන්න. ආහාර ගැනීමේ රටාව පිලිබදව සැලකිලිමත් වෙන්න. දණහිස ආශ්‍රිත රෝගී තත්ව ඇතිවීමේ පුංචි ඉඩකඩක් පෙන්නුම් කරනවා. රැකිරක්ෂා කටයුතු වල යම් ආකාරයක දියුණුවක් උසස් නිලධාරීන් සමග කරන ගනුදෙනු කිරීම් වලදී වාසි සහගත තත්වයක් තමන්ගේ ආර්ථික කටයුතු වෙනදට වඩා හොදින් කරගැනීමට ඉඩකඩ විවර වීමක් සිදු වෙනවා. මුල්‍ය පරිපාලන කටයුතු ඉතාමත්ම යහපත් මට්ටමක පවත්වා ගෙන යාමේ ඉඩකඩ වෙන් වෙලා පවතිනවා.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 08
මකර ලග්නය

ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු කරගන්න එතරම් යහපත් දිනයක් නොවේ. කල්පනාකාරීව කටයුතු කරන්න තීන්දු තීරණ ගන්න. ගන්න තීන්දු තීරණ හිතුවක්කාර ආකාරයෙන් ගත්තොත් වරදින්න තියෙන ඉඩකඩ වැඩියි. අනවශ්‍ය වියදම් ඉහල යනවා. දකින දකින දේ මිලදී ගන්න හිතල ඔබ ඔබගේ මුදල් අනවශ්‍ය විදියට වියදම් කරගන්නවා. ඒ වගේම අන් අය තුල ආකර්ෂණයක් නිර්මාණය කර ගන්න සමාජය තුල කැපී පෙනෙන්න ඔබ උත්සහ කරනවා. එවැනි කටයුතු නිසා ඔබගේ යාළුවන් ඔබ සමග උරණ වෙන්න පුළුවන්. වචන භාවිත කිරීමේදී සැලකිලිමත් වෙන්න. මුල්‍ය පරිපාලන කටයුතු වලදී නම් යම් ආකාරයක සහනයක් හිමි වෙනවා. පිය පාර්ශවයේ ඥාතීන් සමග කරන ගණුදෙනු කිරීම් වලින් වාසි සහගත තත්ව අත් වෙනවා. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලින් යම් යහපතක් ඇති වෙනවා.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 01
කුම්භ ලග්නය

ඔබ තුල ආකර්ෂණයක් ගොඩ නැගෙනවා. ඔබ කරන කියන හැම දෙයක්ම සමාජය තුල යහපත් කතාබහකට ලක් වෙනවා. සමාජය තුල පෞරුෂය ගොඩ නැගෙනවා. අලුත් ආදායම් මාර්ග විවර වෙනවා. ඔබගේ ධන ශක්තිය ඉහල යනවා. ඒ වගේම කලාකාමී කටයුතු දියුණු කර ගැනීමේ ඉඩකඩ පෙන්නුම් කරනවා. බොහෝ කාලයක් බලාපොරොත්තු වුණු යමක් අද ඔබට දිනා ගත හැකි වෙනවා. ඒ තුල සමාජ ගෞරවය වගේම ආර්ථික ශක්තිය යහපත් මට්ටමකට පත් වෙනවා. මානව සම්පත් කළමනාකරණය පිඩාවට පත් වුණු මිනිස්සු වෙනුවෙන් කරන කටයුතු වලට ඉතාමත්ම යහපත්. ගුරුවරුන්ගේ ආශිර්වාදය නිබදවම ඔබට හිමි වෙනවා. පියපස ඥාතීන් සමග කරන ගණුදෙනු කිරීම් වලින් පවා යම් සහනශීලි තත්වයක් උදා කර ගත හැකියි. මුල්‍ය පරිපාලනමය කටයුතු වලදී කල්පනාකාරී වෙන්න. මුද්‍රණ කටයුතු වලදී තරමක් කල්පනාකාරී වෙන්න. රහසිගත ඥාන ශක්තින් වර්ධනය කර ගැනීමට පවා හැකි වෙනවා.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 08
මීන ලග්නය

චිත්ත පිඩා මානසික අසහනකාරී තත්ව පොරොන්දු ගිවිසුම් පවා වෙනස් කරන්න හිතෙන දිනයක්. කායික ශක්තිය වර්ධනය වෙනවා. මානසික ශක්තිය දුර්වල වෙනවා. කල්පනාකාරීව කටයුතු කරොත් ජයග්‍රහණ ලැබිය හැකියි. වැඩිහිටි ඥාතිවරියන්ගේ උදව් උපකාර බොහෝ පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ගුරුවරුන් සමග කරන මත ගැටුම් එතරම් යහපත් වෙන්නෙ නැහැ. වෘත්තීය කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. රැකිරක්ෂා වෙළදාම් කටයුතු වල මන්දගාමී ස්වභාවයක් ඇති වුනත් ඔබගේ ආර්ථිකය ක්‍රමානුකුලව ඉහල නංවා ගැනීමට ඉඩකඩ පවතිනවා. තමන්ගේ ඥාතිවරියකගේ අසනීප තත්වයක් මුලික කරගෙන ඔබට රෝහල්ගත වීමකට සිදු වේවි. කල්පනාකාරීව ඉවසිලිවන්තව කටයුතු කරන්න.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 09
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය: 076 67 65 353