අපි කොච්චර ක්‍රිකට් ක්‍රීඩකයින්ට බැන්නත් ඒ අයට තියෙන ආදරේ අබ මල් රේණුවකින්වත් අඩුවෙලා නැහැ . ඒ බව ඊයේ සාක්ෂි ඇතුවම ඔප්පු වුනේ Excel World එකේ තිබුණු මන්චි සමග සියත මැජික්ලන්තයෙදී. ලෝක ළමා දිනය වෙනුවෙන් සියත සංවිධානය කරපු මේ මැජික්ලන්තයට විශේෂ ආරාධිතයෙක් විදිහට ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකරත් සහභාගී වුණා.
මැජික්ලන්තය සමාරම්භක අවස්ථාවෙදි පොඩ්ඩො වෙනුවෙන් ලස්සන කතාවකුත් නුවන් කරා. හැබැයි ඒ සමාරම්භක අවස්ථාවෙන් පස්සෙ හරි අපූරු දෙයක් සිද්ධ වුනා. මැජික්ලන්තයට ඇවිත් හිටපු දරුවො සහ දෙමව්පියෝ නුවන් කුලසේකරව වටකරගෙන Selfie ගහන්න පටන් ගත්තා. පැය භාගයක් විතර යද්දි දෙමව්පියෝ ඔක්කොම වගේ තමන්ගේ දරුවෝ එක්ක Photos අරන් ඉවර වුනා. ඒ පැය භාගය ඉවර වෙනකන්ම නුවන් බොහොම නිහතමානීව සිනහ මුසු මුහුණින් Photos වලට මුහුණ දුන්නා. ඉතින් ඒක දැකපු හැමෝම වගේ නුවන්ට කිවුවේ ඔයා හරි සිරියාවන්ත කෙනෙක්, හිනාව හරි ලස්සනයි කියලයි.
මේ තියෙන්නේ මැජික්ලන්තයෙදී නුවන්ව වටකරගෙන දරුවෝ සහ දෙමව්පියෝ Selfie ගහපු හැටි FB Live එකේ සටහන් වුන හැටි.
https://www.facebook.com/siyathafmsrilanka/videos/1428933863849246/