News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
2

රංගනගෙන් වාර්තා පිට වාර්තා. සිංහයින් යළි හිස ඔසවයි.

1780 Views


රංගනගෙන් වාර්තා පිට වාර්තා. සිංහයින් යළි හිස ඔසවයි.

පරාජයේ නියඟයට අහුවෙලා හිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද ජයග්‍රහණයේ මල් වැසි වැස්සා. එ් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය එක්ක. ඉන්දියාවෙන් වයිට් වොෂ් වුන ලංකාව ඩුබායි බලා ගියේ ජයග්‍රහණය හොයාගෙන. කාලෙකට පස්සෙ මුළු කණ්ඩායමම දක්වපු දක්ෂතා නිසා පළවෙනි ටෙස්ට් තරගය තියුණු තරගයකින් පස්සේ ජයග්‍රහණය කරන්න ලංකාව සමත් වුනා.

ලංකාව පළවෙනි ඉනිමට ලකුණු 419 ක් රැස් කරා. දිමුත් ලකුණු 93 යි. පළමු ඉනිමේ කොදුනාරටිය වුන නායක චන්දිමාල් නොදැවී ලකුණු 155 යි. දික්වැල්ල ලකුණු 85 යි. අමීර් සහ මොහොමඩ් අබ්බාස් කඩුලු 2 බැගින් දවා ගත්තා. හසන් අලී කඩුලු 2 යි.

පළවෙනි ඉනිමට පාකිස්තානය ලකුණු 422 ක් ලබා ගත්තා. මසෝඩ් ලකුණු 59 යි. සමී අස්ලාම් ලකුණු 51 යි. පාකිස්තාන ඉනිම ශක්තිමත් කරපු සොහයිල් ලකුණු 76 යි. හසන් අලී වේගවත් ලකුණු 29 ක් රැස් කරා. පාකිස්තාන පළමු ඉනිමේ කඩුලු 5 ක් දවා ගන්න හේරත් සමත් වුනා. ලක්මාල් සහ ප්‍රදීප් කඩුලු 2 බැගින් ලබා ගත්තා.
ලකුණු 3 ක් පිටුපසින් ඉදන් පටන් ගත්ත ලංකාවේ දෙවෙනි ඉනිම ලකුණු 138 කට සීමා කරන්න පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වුනා. දෙවෙනි ඉනිමේ ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වුන දික්වැල්ල ලකුණු 40 යි. කෞෂාල් සිල්වා ලකුණු 25 යි. ලංකාවේ පළවෙනි ඉනිමේ වැඩ පෙන්නපු චන්දිමාල් ලකුණු 7 කට දැවී ගියා. යසීර් ෂා ලංකාවේ පන්දු යවන්නන් අසරණ කළේ කඩුලු 5 ක් දවාගෙන. මොහොමඩ් අබ්බාස් කඩුලු 2 යි.
ලකුණු 135 ක ඉතා පහසු ඉලක්කයක් හඹා යන්න පිටියට අාපු පාකිස්තාන පිතිකරුවන් අන්ද මන්ද කරන්න රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා සමත් වුනා. අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවුන රංගන හේරත් අායේත් සැරයක් ලංකාවේ අභිමානය රැක ගත්තා. හේරත් දෙවෙනි ඉනිමේ කඩුලු 6 ක් ලබා ගත්තා. ඔහුට හොද සහයක් ලබා දුන්න දිල්රුවන් කඩුලු 3 යි. පාකිස්තානයේ වැඩිම ලකුණු ලාභියා වුන සොහයිල් ලකුණු 34 යි. ෂායික් ලකුණු 20 යි. පැරදෙන්න ගියපු තරඟය ගොඩදාපු හේරත් තරඟයේ වීරයා වුනා. එ් ලෝක වාර්තාවකුත් එක්ක. ටෙස්ට් කඩුලු 400 ඉලක්කය සපුර ගත්ත ලෝකයේ පළවෙනි වමත් දඟ පන්දු යවන්නා විදියට. එ් වගේම ටෙස්ට් කඩුලු 400 ක් ලබා ගත්ත 4 වෙනි පන්දු යවන්නා වෙන්නත් ඔහු සමත් වුනා.

 


News Articles
Latest Videos
Most Popular Post