News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

ඔබේ බලාපොරොත්තු සුන් විය හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1718 Views


ඔබේ බලාපොරොත්තු සුන් විය හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 03 අඟහරුවාදා

රාහු කාලය පෙ.ව 02.58 සිට 04.28

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: බස්නාහිර

 

මේෂ ලග්නය

ඔබගේ කෝපය හදිසි තීරණ මුල් කොට ගෙන ඔබ ලැබිය යුතු ආදායම ඔබට නොලැබී යන්න පුළුවන්. ඔබ අද එළියෙන් අදුර කරා ගමන් කරන්න තියෙන දිනයක්. හරිම පහසුවෙන් මිතුරන් මුල් කොට ගෙන රැවටීමට ලක් වීමට ඉඩකඩ තියෙනවා. ඔබගේ අනවබෝධය අතපසු කිරීම් කෝපය මුල්කොට ගෙන ඔබ හදිසි තීරණ ගැනීමත් හේතු කොටගෙන අනිසි චෝදනා වලට ලක් වීමට හෝ නීති කරුණු වලට මැදිහත් වීමට ඉඩකඩ තියෙන දිනයක්. අන් අයගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් ඔබට අද ලැබෙන්නේ නම් නැ. දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් කරදර පීඩා වලින් තොර වීමට ධනාත්මක දැක්මකින් යුතුව ආගම දහමට බරව ඔබ අදහන සියලු දෙවිවරුන්ගේ උදව් උපකාර ලබා ඔබ ඔබගේ ජිවන ගමන යන්න අද දිනයේ උත්සහ කල යුතුයි.

ජය වර්ණය: සුදු පැහැය                  ජය අංකය: 09

 

වෘෂභ ලග්නය

අද ඔබ බලාපොරොත්තුවන ආකාරයෙන්ම ඔබගේ වෘත්තීය කටයුතු සාර්ථක කර ගැනීමට අන් අයගේ සහයෝගය ලැබෙන්නේ නම් නැ. ඔබගේ කෝපය හදිසි තීරණ මුල් කොට ගෙන අද ඔබට හරිම පහසුවෙන් ජිවත් වීමට නම් ලැබෙන්නේ නැහැ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කට්ට කාගෙන ජීවිතය ජය ගන්න ඔබ උත්සහ කල යුතුයි. එසේ නොමැති වුනොත් අන් අයගේ චෝදනා වලට ඔබ ගොදුරු විය හැකියි. නීති කරදර වලට ඔබ ගොදුරු විය හැකියි. අපකීර්තියට පත් වීමට ඔබට ඉඩකඩ තියෙනවා. ඔබ ඔබගේ කෝපය මනා ලෙස පාලනය කරගෙන ශුරත්වයකින් යුතුව අන් අයගේ උදව් උපකාර ලබා ගෙන ඔබ ඔබගේ ඉලක්ක කරා යන්න උත්සහ නොකලොත් අද දිනය ඔබට කරදර පීඩා වැඩි වෙන දිනයක්.

ජය වර්ණය: සුදු පැහැය                  ජය අංකය: 08

 

මිථුන ලග්නය

ඔබට අන් අයගේ සහයෝගය ලැබී ඔබට ඔබගේ සියලු උසස් ඉගෙනීමේ කටයුතු විදෙස් ගමන් දුර ගමන් පිං අතේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා. අද ඔබ කිර්තිය යසස ලබන කෙනෙක්. හවුල් කටයුතු වලින් කොටස් වෙළදපොල කටයුතු වලින් මහජනයා සමග කරන කටයුතු වලින් හා මංගල සේවා කටයුතු වලින් ඔබට පැහැදිලි සාර්ථකත්වයක් හා ලාභදායී තත්වයක් ඇති කර ගන්න පුළුවන්. නමුත් ඔබ බලාපොරොත්තුවන ආකාරයේ කටයුතු සිදු නොවීම නිසා ඔබට සිත් තවුල්ද ඇති වෙනවා.

ජය වර්ණය: සුදු පැහැය                ජය අංකය: 07

 

කටක ලග්නය

බාධක ගැටළු අනතුරු තුල ඔබ පිඩාවට කරදරයට පත් වෙන්න පුළුවන් දිනයක්. ඔබ දුකින් බොහෝ සංවේදී වෙන්න තියෙන දිනයක්. දුක දරා ගන්න බැරි වෙන්න තියෙන දිනයක්. ගංගා වැව් පොකුණු වලින් නාන්න හොද නැති දිනයක්. අවිශ්වාස තැන් වලින් කන්න බොන්න හොද නැති දිනයක්. සුව නින්දකට උරුමයක් නැති දිනයක්. ඔබගේ කෝපය ඔබට පාලනය කර ගන්න බැරුව ඔබ ආදරය තුල දුකට පත් වෙන්න තියෙනවා. ඉගෙනීම ක්‍රීඩා කලා කටයුතු වල අඩපණ වෙනවා. ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන්ම අන් අයගේ සහයෝගය ලබන්න ඔබට බැරි වෙනවා. ඔබ විවාහක නම් ඔබගේ බිරිදගේ ස්වාමියාගේ ශරීර සෞඛ්‍ය ගැන ඔබ විමසිලිමත් විය යුතුයි. අන් අයගේ සහයෝගය නොලැබී යන්න තියෙන දිනයක්.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 06

 

සිංහ ලග්නය

ඔබගේ නුවණ හා බුද්ධිමත්කම මුල් කොට ගෙන ඔබට සියලු හවුල් කටයුතු වලින් කොටස් වෙළදපොල කටයුතු වලින් මහජනයා සමග කරන වැඩ කටයුතු වලින් මංගල සේවා කටයුතු වලින් ඔබට පැහැදිලි සාර්ථකත්වයක් ලැබීමට ඉඩකඩ තියෙනවා. ඉගෙනීම ක්‍රිඩා කලා කටයුතු තුලින් ඔබට පැහැදිලි සමර්ථකම් දක්වා ඉහල ලාභදායී තත්වයක් හා සාර්ථකත්වයක් හා ඇතිකර ගැනීමට ඉඩකඩ ඇතිකර ගැනීමට පුළුවන්. ගෙදරදොර වැඩ කටයුතු වලදී ඔබ ඔබගේ කෝපය මනා ලෙස පාලනය කරගත යුතුයි. රාජ්‍ය අංශය උදව් ලබන්න ඔබට නොහැකි වෙනවා. ගුරු වෘත්තියේ හෝ රාජ්‍ය සේවයේ යෙදී සිටින ඔබගේ හිතේ තිබුන බලාපොරොත්තුවක් කඩා බිද වැටෙන්න තියෙන දිනයක්. මවට අසනීප ගති වැඩි කරනවා.

ජය වර්ණය: සුදු පැහැය                  ජය අංකය: 05

කන්‍යා ලග්නය

ඔබ ඔබ ගැනම පමණයි සිතන්නේ. අන් අය ගැන නොසිතන දිනයක්. ඒ නිසාම ආදරය කරන ඔබලා අතර අමනාපකම් වැඩි වෙනවා. ඉගෙනීම ක්‍රීඩා කලා කටයුතු වල දියුණුවට අවහිරකම් ඇති වීමෙන් ඔබ බොහෝ පිඩාවට පත් විය හැකියි. නමුත් ඔබට අවංකව හා පුරුෂ වීර්යයෙන් වැඩ කටයුතු කර ඔබගේ හිතේ තිබු බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගැනීමට හැකියාව වාසනාව පවතිනවා. ගෙදර මවට සුභදායී දිනයක්. මවගේ උපදෙස් තුල ඔබට යහපත උදා කරනවා.

ජය වර්ණය: සුදු පැහැය                  ජය අංකය: 04

තුලා ලග්නය

අධ්‍යාපනය ක්‍රීඩාව කලා කටයුතු සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබ තිබු බලාපොරොත්තුවක් අද ඔබට ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ඒ නිසා තදින්ම තම හදවතට අවාසනාවන්ත කම දැනෙන්න තියෙන දිනයක්. ආදරය කරන ඔබල අතර අවංක ගතිගුණ යටපත් වෙලා වංක ගතිගුණ ඉස්මතු කරගෙන අමනාපකම් ඇති වෙන්න පුළුවන්. ඔබේ ආදරයට මවගේ හෝ දෙමව්පියන්ගේ විරෝධයක් ඇති කරන්න පුළුවන්. ගෙදර අය සමග තියෙන අමනාපකම් වැඩි වෙන්න තියෙන දිනයක්. දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් සහෝදරයන් සමග සමගි සම්පන්නව කටයුතු කලයුතු වෙනවා. උත්සහවන්ත විය යුතුයි. නමුත් අන් අය සමග එකට එක නොකළ යුතුයි.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 03

වෘශ්චික ලග්නය

 

ගෙදරදොර දියුණුව වෙනුවෙන් අද ඔබ ගන්නා උත්සාහයන්ට බාධක අවහිරකම් හේතු කරගෙන ඔබ අසාර්ථකත්වයට පත්විය හැකියි. ගෙදර දොර ඉඩකඩම් දේපොළ වල දියුණුව අඩු විය හැකියි. ඔබ හා සහෝදරයන් අතර දැඩි ලෙස අමනාපකම් ඇති විය හැකියි. ඔබ හා අසල්වැසියන් පිය පක්ෂයේ නෑයන් අතර අමනාපකම් ඇති වීමට හේතු කරුණු කාරනා යෙදෙනවා. තම උත්සාහයන්ට අවහිරකම් ඇතිවීම හේතු කොට ගෙන ඔබ පිඩාවන්ට ලක් වෙනවා. කෙටි ගමන් බිමන් ඔබට ප්‍රථිපල දායක වෙන්නෙ නැහැ. දිනයේ දියුණුව වෙනුවෙන් ඔබ ඔබගේ වචනය සංවර කරගෙන කටයුතු කරන්න. හිතට ගතට දැනෙන සියලුම පීඩාවන් දුරු කර ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි.

ජය වර්ණය: සුදු පැහැය                  ජය අංකය: 02

 

ධනු ලග්නය

අද ඔබ උත්සාහය ජය ගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසාම සිය සහෝදරයන්ගේ අසල්වාසීන්ගේ පිය පක්ෂයේ නෑයින් ගේ පැහැදිලි ගෞරවයකට පත්විය හැකියි. ලියන මුද්‍රණ විද්‍යුත් කාර්මික අංශයේ යෙදී සිටින ඔබගේ සියලු උත්සාහයන් අද සාර්ථක වෙනවා. කෙටි ගමන් බිමන් ඵලදායී වෙනවා. ඔබගේ වචනය නම් සංවර වෙන්නෙ නැහැ. ඔබ අන් අයගේ වැරදි හොයන්න හොද නැති දිනයක්. මන්ද ඔබ වාචික අගෞරවයකට පත්විය හැකි දිනයක්. ඔබට ලැබිය යුතු ධනය නොලැබී යන්න හේතු කාරනා පවතිනවා. නමුත් ඔබ අවංකව හා පුරුෂ වීර්යයෙන් වැඩ කටයුතු කලොත් ඔබට මවගේත් ආශිර්වාදය ලැබී ගෙදරදොර ඉඩකඩම් දේපල වල දියුණුවක් ඇතිකර ගැනීමට වාසනාව පවතිනවා.

ජය වර්ණය: නිල් පැහැය               ජය අංකය: 03

 

මකර ලග්නය

ඔබගේ වෘත්තීය ව්‍යාපාර හේතු කරගෙන වැඩි ලාභ උපයන්න පුළුවන් දිනයක්. ගෘහ හා විවාහ ජීවිතය වෙනුවෙන් වගකීම් දැරීම ඔබ නිසිලෙස ඉටු කරනවා. ඔබට ප්‍රධානීන්ගේ උපකාර ලබන්න පුළුවන්. අද ඔබ වෘත්තීය සම්බන්ධයෙන් සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වුනත් ගිය දවසෙම එය සමත් වෙනවා. සමාජීය වගකීම් දැරීමට මිතුරු ආශ්‍රයට යහපත් වෙන්නෙ නැහැ. නමුත් උසස් ඉගෙනීමට දුර ගමන් වල‍ට පින්කම් කිරීමට ආගම දහමට ලැදිව කටයුතු කිරීමට අද හොද දිනයක් උසස් අය ඒ තුලින් ඔබට හමු වීමට හැකියි. ඔබගේ කතාව මුල්කොට ගෙන වැඩි වැඩියෙන් ධනය උපයන්න පුළුවන්. ඔබ අන් අයට උපදෙස් දීමට දක්ෂ වෙනවා. ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක කර ගන්නවා. අද දිනය පුරාවටම බැංකු මුල්‍ය අලෙවි ක්ෂේත්‍රයේ යෙදෙන ඔබට ඉතාම ජයග්‍රාහී දිනයක්.

ජය වර්ණය: නිල් පැහැය               ජය අංකය: 02

 

කුම්භ ලග්නය

මානසික වශයෙන් ඔබ ප්‍රබෝධමත් වෙන දිනයක්. ඔබ සතු නායකත්වය හා වගකීම් දැරීමේ හැකියාව මුල්කර ගෙන පැහැදිලි ලෙසම වෘත්තීය හා ව්‍යාපාරවල ලාභදායී තත්වය වැඩි කර ගැනීමක් ගෞරවයකට පත් වීමක් අද ඔබට අත්පත් කර ගන්න පුළුවන්. ඔබ තම දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට නිසි යුතුකම් ඉෂ්ට කරනවා. ආදායම් වැඩි දියුණුවට පත්කර ගන්න පුළුවන්. මිතුරු ඇසුරට වැඩිමහල් සහෝදර ආශ්‍රයට ඉතාම යහපත් දිනයක්. ඔබගේ ආගම දහම වෙනුවෙන් ආගමික ස්ථාන කරා පියමන් කරන්න පුළුවන් දිනයක්. ඔබට උසස් අයගේ ආශ්‍රය ලබන්න පුළුවන්. උසස් ඉගෙනීමේ කටයුතු විදෙස් ගමන් දුර ගමන් සාර්ථක කර ගන්න පුළුවන්.

ජය වර්ණය: නිල් පැහැය               ජය අංකය: 01

මීන ලග්නය

දුක කනස්සල්ල හමුවේ වාසනාවන්තයෙක් වීමට ඉඩකඩ තියෙනවා. ආගම දහමට ලැදිව ධනාත්මක ස්ථිර සාර බව හේතුකොට ගෙන ඔබට උසස් අයගේ උදව් උපකාර ලැබීමට හැකියාව වාසනාව පවතිනවා. තම කෝපය පාලනය කොටගෙන නිශ්ශබ්දතාවය රැකගෙන කාලයට ඉඩදෙමින් වැඩ කටයුතු කලයුතු වෙනවා. උසස් ඉගෙනීමේ කටයුතු වලින් දුර ගමන් හා විදෙස් ගමන් වලින් සාර්ථකත්වය ලබන්න පුළුවන්. දේශපාලනයේ යෙදී සිටින ඔබට ජයක් ලැබෙනවා.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 09

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ස් සේනානායක

දුරකථන අංකය: 076 67 65 353

 


News Articles
Latest Videos
Most Popular Post