ශ්‍රී ලංකා, පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් අති විශිෂ්ඨ ජයක් වාර්තා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුනා. මාස ගානකට පස්සෙ ලබපු මේ ජයග්‍රහණය ඊයේ දවසෙත්, මේ වෙද්දිත් සමාජ ජාල වල ප්‍රමුඛ මාතෘකාව වෙලා ඉවරයි. මේ විදිහට යන ක්‍රිකට් මාතෘකාව අස්සේ අවධානය යොමු කල යුතු විශේෂ දෙයක් අපි දැක්කා. ඒ තමයි දේව මෑණියන් ලෙස පවත්වාගෙන යන Facebook Page එකකින් දාලා තිබුන FB Update එක.
ඉතින් මේ Page එකෙන් කියන විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සිද්ධ වුනේ දේව මෑණියන් කරපු පිළිවෙත් වලින්. ඒකට සාක්ෂි විදිහට චන්දිමාල් එක්ක ඉන්න Photo එකකුත් Page එකේ FB Update එකට දාලා තිබුනා. මේකේ තියෙන විදිහට අපේ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් දේවමෑණියන් ලඟට ගිහින් පිලිවෙත් කරගෙන තියෙනවා. ඒ වගේම මේ සඳහා කණ්ඩායම් නායකයා යොමු කලේ ක්‍රීඩා අමාත්‍යවරයා කියලත් සඳහන්.
පහතින් තියෙන්නෙ දේව මෑණියන් Page එකෙන් දාපු FB Update එක.