News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

එංගලන්තයේ ඡන්දයෙන් සංගක්කාරට තවත් සම්මානයක් හිමිවෙන ලකුණු…

2504 Views


එංගලන්තයේ ඡන්දයෙන් සංගක්කාරට තවත් සම්මානයක් හිමිවෙන ලකුණු…

ඩොනල් බ්‍රැඩ්මන්ට සම කරන්න පුලුවන් එකම ක්‍රීඩකයයි ලෝකෙටම ඉන්නෙ. එ් කුමාර් සංගක්කාර. එ් ගැන කිසිම විවාදයක් නෑ. සංගක්කාර මේ වෙද්දි ජාතික සහ එංගලන්ත පලමු පෙල තරග වලින් සමු අරන් ඉන්නෙ. ක්‍රිකට් වෙනුවෙන් ලොකු සේවයක් කරපු සංගාට එ් වෙනුවෙන් සම්මාන රැසක් ලැබිලා තියෙනවා.

සංගට තවත් සම්මානයක් ලැබෙන්න යනවා කියල අාරංචියක් අාවා. එ්කත් ලේසි පහසු එකක් නෙවෙයි. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානයට තමයි නිර්දේශ වෙලා තියෙන්නෙ. මේ සම්මානයේ විශේෂත්වය තමයි අනිත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඡන්දයෙන් මේ සම්මානයට සුදුස්සා තෝරන එක. සංගක්කාරට අමතරව මේ සම්මානයට එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ ජිම් පෝටර්, ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායමේ කොලින් ඉන්ග්‍රෑම් සහ නොටිංහැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ සමිත් පටෙල්ද මේ සම්මානයට නිර්දේශ වෙලා ඉන්නවා.

 


News Articles
Latest Videos
Most Popular Post