ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පහුගිය කාලය පුරාම පසු බැහැලා තිබුනේ. එ් නිසා ලංකාවේ ඩුබායි සංචාරයේ නිල රූපවාහිනී විකාශන අයිතිය ගන්න අනෙකුත් රූපවාහිනී නාලිකා අදිමදි කරා. එ් වෙලාවේ තමයි සියත ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් සහ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් වුනේ. ලොකු මූල්‍ය අවධානමකුත් අරන් තමයි සියත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟාවලියේ විකාශන අයිතිය ගත්තෙ.
හැබැයි ගොඩක් අය එ්කට අනං මනං කිව්වා. එ්ත් අපි එ්ක සද්ද නැතුව අහගෙන හිටියා. හැබැයි ඒ මොන කතා කිව්වත් අපි දැන් ඉන්නේ බොහොම නිහතමානී සතුටකින්. මොකද තවත් කාලෙකට ගොඩ එන්නේ නෑ කියපු ක්‍රිකට් ඉක්මනට ගොඩ ඇවිල්ලා. මේ විදිහට දිගටම රැල්ලේ යන්න ලංකා කණ්ඩායමට සියත සුභ පතනවා. මේ බව අද උදේ සියතේ අරවින්දත් කිව්වා. එ් වගේම එක එක කතා කියපු අයට හොඳ පිළිතුරක් අද සියතේ අරවින්ද දුන්නා. මේක කාටවත් රිද්දන්න කියපු කතාවක් නෙවෙයි. අැත්තටම කොහොමද සියත තරගාවලියේ විකාශන අයිතිය ගන්තෙ කියල පැහැදිලිවම මේකේ තියෙනවා. මේක බලලා පොඩ්ඩක් හිනාවෙන ගමන් අැත්ත මොකක්ද කියන එකත් තේරුම් ගන්න.