ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහ ගත කරන්න තමන්අන්තිම පාරටත් උත්සාහ ගන්නවා කියලා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන කිවුවා. මේ කතාව මහේල කියන්නේ පහුගිය කාලේ ක්‍රිකට් හදන්න, ගොඩ ගන්න ගත්ත උත්සාහයන් හරි නොගිය හිත් වේදනාවෙන්. හැබැයි හොදම දේ, ඔහු අන්තිම පාරටත් ක්‍රිකට් ගොඩ ගන්න උත්සාහ කරන එක. කට කතා සියල්ලක්ම පුස්සක් කරලා අරවින්ද,සංගා එක්ක මහේලත් ඊයේ ක්‍රීඩා ඇමතිතුමාව මුණ ගැහුනා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා පත් කරපු ස්වාධීන උපදේශන මණ්ඩලයේ සාමාජිකයන් හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අතර පළමු වරට තිබුන සාකච්ඡාවේදී.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පත් කරපු මේ ස්වාධීන කමිටුවේ සභාපති වෙන්නේ හිටපු ක්‍රිකට් අන්තර්වාර කමිටු සභාපතිවරයෙකු වන හේමක අමරසුරිය. එතකොට මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා, අනුර තෙන්නකෝන් යන හිටපු ක්‍රිකට් නායකයෝ මේකේ සාමාජිකත්වය දරනවා.
කමිටුවේ සාමාජිකයන් හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සැලැස්මක් ක්‍රීඩා ඇමතිවරයා වෙත පළමුව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව තමයි සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යවේදීන්ට අදහස් දක්වපු මහේල ජයවර්ධන කිවුවේ.
“ඒ ගන්නා වූ කෙටි කාලීන සැලසුම් ස්ථාවර කර ගැනීම සඳහා දිගු කාලීන සැලසුම් කිහිපයක් තිබෙනවා, ඒ වගේම අප සාමාජිකත්වය දරන කමිටුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ කමිටුවක් නොවෙයි. ඒ සැලසුම් ක්‍රියාවට නංවන්න ඕන ඔවුන්. එසේ නැති වුනොත් අප මේ වැය කරන කාලයෙන් සහ මේ හමුවීම්වලින් වැඩක් නැහැ. අවසාන ප්‍රයත්නයත් යොදවලා බලමු. මේක මගේ අවසාන උත්සාහය. මේ සැලසුම් ක්‍රියාත්මක වුනේ නැතිනම් නැවත නැවත පැමිණ ඒ දේ කරන්න උත්සාහ කරන එක මටත් අපහසුයි” කියලයි මහේල වැඩි දුරටත් මාධ්‍යට කිවුවේ.
අදාළ කමිටුව සම්බන්ධයෙන් අදහස් දක්වපු හිටපු නායක කුමාර් සංගක්කාර කියා කිවුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිහීමට “පැලැස්තර අලවනවා වෙනුවට” නිසි දීර්ඝ කාලීන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම වඩාත් හොඳයි කියලයි.
“අපිට එක සාකච්ඡාවකින් ඒ වැඩේ කරන්න බැහැ. හරියට සාකච්ඡා කරලා සියලු අදහස් එකතු කරලා බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් කිවුවා.
එම කමිටුවේම සාමාජික හිටපු නායක අරවින්ද ද සිල්වා එහිදී අදහස් දක්වමින් කිවුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සහ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් යම් කිසි කාර්ය භාරයක් සිදු කිරීම තමන් ඇතුළු පිරිසේ මූලික අරමුණ බවය.
මේ තියෙන්නේ BBC සිංහල සේවයේ පළවූ මහේල, සංගා සහ අරවින්ද අදහස් දැක්වූ Video එක.