News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

සින්දු කියන සංගීත් විජේසුරිය, සටන් කරන හැටි මෙන්න…

1895 Views


සින්දු කියන සංගීත් විජේසුරිය, සටන් කරන හැටි මෙන්න…

” සංගීත් විජේසුරිය ” ඔබ දන්නේ WAYO කණ්ඩායමේ නායකයා විදිහට. එත් සංගීත් මේ ඉන්න තැනට ආවේ Blue Shadows සංගීත කණ්ඩායමෙන්. ඒ දවස්වල සංගිත්ගේ ජනප්‍රියම සින්දුවක් වුනේ ” සිරියලතා” සින්දුව. පස්සේ කාලෙක ස නි ධ ප නමින් ඔහුගේම සංගීත කණ්ඩායමක් ඔහු පටන් ගත්තා. මේ කණ්ඩායම ප්‍රසංග වේදිකාවේ සුපිරි වෙනසක් කරන්න සමත් වුන කණ්ඩායමක්. මේ කණ්ඩායමේ ජනප්‍රියත්වය ඉහලම තියෙන තැනකදී තමයි සංගීත් එයාගේ අලුත්ම සංගීත කන්ඩායම WAYO පටන්ගත්තේ. WAYO කණ්ඩායමට ඔහුගේ පුතා කෞශාන් ඩ්‍රම්ස් වාදකයෙක් විදිහට වැඩ කරනවා. කොහොම වුනත් WAYO සංගීත කණ්ඩායම අලුතෙන් පටන්ගත්තත් තාමත් ස නි ධ ප සංගීත කණ්ඩායමෙන් ඉවත්වෙලා නැහැ කියල තමයි සංගීත් කියන්නේ.

ඉතින් සංගීත් විජේසුරිය අපි දන්නේ දක්ෂ ගායකයෙක් කියලා විතරයි. එත් ඔහු එහෙම නෙමෙයි කියල ඔප්පු කරන Video එකක් මේ දවස්වල සමාජ ජාල වල Share වෙනවා. ඒ සංගීත් පහුගිය දවසක ඉදිරිපත් කල තායි චී සටන් සංදර්ශනයක කොටසක් විදිහට. මේ ගැන හොයල බලද්දී සංගීත් මේ තායි චී සංදර්ශණයට සහභාගී වෙලා තියෙන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබුන 68 වන චීන ජනරජ දින සැමරුම් උත්සවයේදී.

එම අවස්ථාවේ Video පහතින් නරඹන්න.


News Articles
Latest Videos
Most Popular Post