News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

රංගන ඊළගට අයිතිකර ගන්න වාර්තා මෙන්න.

6533 Views


රංගන ඊළගට අයිතිකර ගන්න වාර්තා මෙන්න.

ලෝකයේ දක්ෂම දකුණත් දඟ පන්දු යවන්නා වගේම වමත් දඟ පන්දු යවන්නත් ඉන්නෙ ලංකාවේ. එකේ කිසිම විවාදයක් නෑ. මුරලි දකුණු අතින් වැඩ දාද්දි හේරත් වම අතින් කඩුලු දඩයම් කරා. පහුගිය දා පාකිස්තානය එක්ක තිබ්බ තරගයේදී හේරත් වාර්තා රැසක්ම තිබ්බා. දැන් හේරත්ට කඩන්න ඉතුරු වෙලා තියෙන්නෙ තවත් ටෙස්ට් වාර්තා කිහිපයක් විතරයි. රංගන හේරත් තව අවුරුදු 2 ක් ටෙස්ට් ක්‍රිකට් සෙල්ලම් කලොත් මේ වාර්තා ටික බිඳ හෙලන එක නම් කජු කනවා වගේ වැඩක්.

* ටෙස්ට් ඉනිමකදී වැඩිම කඩුලු 5 බැගින් ලබා ගත්ත පන්දු යවන්නන් අතර දෙවෙනියා වෙන්න හේරත්ට ඕන තව කඩුලු 5 ඒවා 4 ක් විතරයි. පාකිස්තානය එක්ක තිබ්බ පළවෙනි තරගයේ දස්කම් ඉතිරි තරඟ තරඟයේදීත් පෙන්නුවොත් මේ වාර්තාව ලේසියෙන්ම තියන්න පුළුවන්.

* තරඟයකදී වැඩිම කඩුලු 10 බැගින් ලබා ගත්ත පන්දු යවන්නන් අතර දෙවෙනි තැනට එන්න හේරත්ට ඕන තව කඩුලු 10 ඒවා 2 ක් විතරයි. පාකිස්තාන තරගාවලියේදී හේරත් ඒ වාර්තාවත් අලුත් කරාවි කියලා අපිට විශ්වාසය තියා ගන්න පුළුවන්. වැඩිම කඩුලු 10 ඒවා ගණනක් ලබා ගෙන තියෙන්නෙ මුරලි. ඒ 22 ක්. හේරත් තව අවුරුදු 2 ක් සෙල්ලම් කලොත් මේ වාර්තාවත් ලේසියෙන්ම අලුත් කරන්න පුළුවන්.

* 4 වෙනි ඉනිමේ වැඩිම කඩුලු ලාබින් අතර දෙවෙනි තැනට එන්න හේරත්ට තව කඩුලු 7 ක් විතරයි ඕන. පලවෙනි තැනට එන්න තව කඩුලු 39 ක් විතරයි ඕන. තව අවුරුදු 2ක් හේරත් ටෙස්ට් කිකට් සෙල්ලම් කලොත් ඒ වාර්තාවත් හේරත්ගේ නමට ලිය ගන්න එක සුළු දෙයක්.

* හේරත් පාකිස්ථාන ටෙස්ට් තරඟාවලියේ ඉතිරි තරග දෙකේත් ඉනිම් 4 ම කඩුලු 5 බැගින් දවා ගත්තොත් එකපිට වැඩිම ඉනිම් ගණනකදී කදුළු 5 ඒවා ලබා ගත්ත ක්‍රීඩකයන් අතර පළවෙනි තැනට එනවා. ඒ වගේම එවැනි දස්කමක් කරපු ලෝකයේ දෙවෙනි ක්‍රීඩකයා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post