News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

අද වියදම් අධික දිනයක් – ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1666 Views


අද වියදම් අධික දිනයක් – ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 06 සිකුරාදා

රාහු කාලය පෙ.ව 10.28 සිට11.59

සුභ දිශාව – උතුර

මරු සිටින දිශාව – ගිනිකොණ

 

මේෂ ලග්නය

ඔබගේ යාළුවන් අද දවසේ ඔබට එරෙහිව නැගී සිටින දවසක්. යාළුවන් පිලිබදව සැක සහිත තත්වයක් ඇති වෙනවා. සියුම් චිත්ත පිඩා මානසික අසහනකාරී තත්ව ජලාශ්‍රිත පරිසර වලදී අනාරක්ෂිත වීම් ඇති විය හැකියි. හදවත ආශ්‍රිත රෝග වලින් පීඩාවන් ඇතිවිය හැකියි. රැකිරක්ෂා ආශ්‍රිත කටයුතු ක්‍රමානුකුලව පවත්වා ගෙන යා හැකියි. වෙළද ව්‍යාපාරික කටයුතු ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරනවා. හවුල් ව්‍යාපාර කටයුතු වල යම් ආකාරයක මන්දගාමී ස්වභාවයක් ඇති වුනත් යම් මට්ටමක සාර්ථකත්වයක් ඇති වෙනවා.

ජය වර්ණය – රන්වන් පැහැය                       ජය අංකය – 02

 

වෘෂභ ලග්නය

ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වෙනවා. අධ්‍යාපන හැකියාවන් දියුණු වෙනවා. තමන්ගේ දූ දරුවන් පිලිබදව සතුට සපිරුණු දේ අහන්න දකින්න ඔබට අවස්ථාව හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔවුන්ගේ සතුට දැකලා ඔබට සතුටු වෙන්න පුළුවන්. අන් අය වෙනුවෙන් උදව් උපකාර කරන හැකියාවක් පවතිනවා. ව්‍යාපාරික කටයුතු දියුණු වෙනවා. ජලාශ්‍රිත පරිසර වලදී දියරමය දේ අලෙවි කිරීම් වලින් ඔබට බොහෝ ධන ලාභ උපයා ගැනීමේ හැකියාව පවතිනවා. කලාකාමී කටයුතු වලට යෝග්‍යයි. ලෙඩ රෝග ආදී වලින් පිඩාවට පත් වෙලා හිටපු කෙනෙක් නම් නිරෝගී සුවය ලබා ගත හැකි වෙනවා.

ජය වර්ණය ක්‍රීම් පැහැය               ජය අංකය 07

 

මිථුන ලග්නය

ඔබගේ ගෘහ ජීවිතය ආශ්‍රිත කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්. අලුත් පොත්පත් මිලදී ගන්න අලුත් යාන වාහන මිලදී ගන්න ඔබගේ පරිසරය නිවැරදි පරිදි සකස් කරගන්න අද දවසේ අවස්ථාවන් හිමි වෙනවා. තමන්ගේ විවාහ ජීවිතය ආශ්‍රිත බාධා කම්කටොලු තිබුණානම් ඒ බාධා දුරු කර ගැනීමේ ඉඩකඩත් පවතිනවා. වියදම් අධික වීමේ ස්වභාවයක් පවතිනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව ජලය පානය නොකිරීම නිසා හට ගන්න රෝග තත්ව උත්සන්න වෙන්න පුළුවන්කමක් පවතිනවා. ධන ශක්තිය ඉහල මට්ටමක පවතින නිසා වාසනාවන්ත දිනයක්.

ජය වර්ණය දීප්තිමත් කොළ පැහැය                      ජය අංකය 05

 

කටක ලග්නය

පෞද්ගලිකව ඔබේ වික්‍රමය ඉහල නංවා ගැනීමේ හැකියාව පවතිනවා. පවුලේ සාමාජිකයන් අතර ඔබ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. ඔවුන් බොහෝ විට ඔබගෙන් උදව් උපකාර අපේක්ෂා කරනවා. ඔබගේ ධන ශක්තිය ඉහල යනවා. සමාජ ගෞරවය උසස් මට්ටමකට පත් වෙනවා. පෙර පින ඉස්මතු වෙනවා. මව්පස ඥාතීන්ගේ උදව් උපකාර ඔබට නිරන්තරයෙන්ම ලැබෙනවා. අතහැරලා දාල තිබුන බොහෝ කටයුතු යලි ආරම්භ කිරීමේ වාසනා ශක්තිය පවතිනවා. මුල්‍ය පරිපාලන හැකියාව ඉතාම උසස් මට්ටමක පවතිනවා. ග්‍රන්ථකරණය ආදී කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි.

ජය වර්ණය දීප්තිමත් කහ පැහැය              ජය අංකය 06

 

සිංහ ලග්නය

වාග් ශක්තිය ප්‍රභල වෙනවා. ඔබගේ චින්තන හැකියාව වර්ධනය වෙනවා. ඔබ භාවිතා කරන වචන වලට අන් අය වසග වෙනවා. ඔබගේ දැනුම පුළුල් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව පවතිනවා. මානව සම්පත කළමනාකරණය කිරීමේ හැකියාව ඉතාමත්ම යහපත් මට්ටමක පවතිනවා. අන් අයව විශ්වාසවන ආකාරයට ගණුදෙනු කරන්න පුළුවන්. මුල්‍ය පරිපාලන කටයුතු ලිපිලේඛන ආශ්‍රිත කටයුතු ඉතාමත්ම උසස් මට්ටමක පවතිනවා. අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න යහපත් දවසක්. අන් අයගේ ආකර්ෂණය වසගතාවය වර්ධනය වෙනවා. අන් අය වෙනුවෙන් ඔබ බොහෝ උදව් උපකාර කරනවා. ඒ උදව් උපකාර වලට ඔබ පෙරලා ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙනවා. ප්‍රති උපකාර නොලැබීම හේතු කොට ගෙන චිත්ත පිඩා ඇතිවිය හැකියි.

ජය වර්ණය ලා නිල් පැහැය                      ජය අංකය 08

 

කන්‍යා ලග්නය

දැනුම වර්ධනය කරගන්න සෑම කටයුත්තකින්ම බොහෝ ප්‍රයෝජන ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අධ්‍යාපන උපකරණ අලෙවි කිරීම් වගේම එවැනි වෘත්තීන් වල නිරත වෙලා ඉන්න සෑම කෙනෙක්ගේම කටයුතු පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. මුද්‍රණ කටයුතු සන්නිවේදන කටයුතු මුල්‍ය පරිපාලන කටයුතු ලේකම් ධුර වැනි කටයුතු වලටත් ඉතා යහපත්. නීතිමය වෘත්තියක ඔබ කටයුතු කරනවානම් ජයග්‍රහණ ඔබ සතු කරගත හැකියි. ධන ශක්තිය පහසුවෙන්ම වර්ධනය කරගත හැකියි. අලුත් අධ්‍යාපනික කටයුතු පිලිබදව ඔබ සිහින දැක්කානම් ඒ කටයුතු පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. අන් අයගේ උදව් උපකාර හිමි වෙනවා. සමාජ ගෞරවය හිමි වෙනවා. පුංචි පුංචි පාද ආශ්‍රිත රෝග හිමිකර ගෙන සෞඛ්‍යට බලපෑම් ඇති වෙනවා.

ජය වර්ණය දීප්තිමත් කොළ පැහැය                      ජය අංකය 03

 

තුලා ලග්නය

වියදම් ඉහල යා හැකියි. යාලුවන්ගේ කටයුතු වලට මැදිහත් වෙලා ඇපවිම් වැනි දේවල් වලට ඔබ මුහුණ දීලා ඔබගේ වියදම් පාර්ශවය ඉහල නංවා ගන්නවා. කල්පනාකාරී වීම මුල්‍ය පරිපාලනයේදී වැඩිදුර විමර්ෂණය කිරීම වඩාත් වැදගත් වෙනවා. ඔබට යමක් මිලදී ගන්න අවශ්‍ය නම් දවසක් දෙකක් එය කල් දමන්න. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලට ඉතාමත්ම යහපත් දවසක්. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු භූගත සම්පත් වලිනුත් ඔබට ධන ශක්තිය වර්ධනය් කරගත හැකියි. සියුම් පපුව ආශ්‍රිත රෝගී තත්ව ඇතිවිය හැකියි.

ජය වර්ණය ලා දම් පැහැය                       ජය අංකය 04

 

වෘශ්චික ලග්නය

 

ගැටලුකාර ස්වභාව ඇති වුනත් ඒ දෝෂ තත්ව යටපත් කර ගැනීමේ හැකියාව පවතිනවා. නීතිමය අර්බුද ඇතිවිය හැකි තැන් වලදී ඔබ ප්‍රවේසම් විය යුතුයි. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලදී ඇගලුම් ක්ෂේත්‍ර යකඩ ගොඩනැගිලි ඉදිකිරීම් වැනි ද්‍රව්‍ය  අලෙවි කිරීම් කටයුතු වලදී කල්පනාකාරී වෙන්න. අලුත් ඉදිකිරීම් වැනි කටයුතු වලදී ශරීර සෞඛ්‍යට පිඩා ඇතිවිය හැකියි. අධ්‍යාපනික කටයුතු වෙනස් වේවි. මනසට සුළු වෙනස් වීමක් ඔබ නිතර අපේක්ෂා කරනවා. ප්‍රේමනීය සබදතා වලදීත් එක සිතකින් පසු වෙන්න පුළුවන් කමක් නැ. කල්පනාකාරීව කටයුතු කරන්න.

ජය වර්ණය දීප්තිමත් රතු පැහැය               ජය අංකය 07

 

ධනු ලග්නය

අලුත් ආයෝජන වලට ඔබව පොළඹවනවා. පරිපාලනමය හැකියාව ඉතාමත්ම යහපත් මට්ටමකට පත් වෙනවා. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා වැනි කටයුතු වලින් ඔබගේ තත්වය දියුණු කරගන්න පුළුවන්. එවැනි උදවියගෙන් ඔබට නිරායාසයෙන් උදව් උපකාර ලැබෙනවා. කල්පනාකාරීව කටයුතු කරන්න. ඉවසිලිවන්ත වන්න. භාෂාව භාවිතා කලයුතු තැන් වලදී වචන භාවිතා කලයුතු තැන් වලදී ඔබ අනිවාර්යෙන්ම වචන භාවිතා කරන්න. උසස් නිලධාරීන්ගේ ආකර්ෂණය සමාජීය ගෞරවය ඔබේ දියුණුවට අත්වැලක් සපයාවි.

ජය වර්ණය විසිතුරු පැහැය                      ජය අංකය 06

 

මකර ලග්නය

පෙරපින ඉස්මතු වෙනවා. අතහැරලා දාලා තිබුණ කටයුතු යලි ආරම්භ කරන්න හැකි වෙනවා. නිවසින් පරිබාහිර ගමන් වලට යන්න ඔබට ආරාධනා ලැබෙනවා. ආධ්‍යාත්මික ශක්තිය ඔබට වර්ධනය වෙනවා. දුර බැහැර ඥාතීන්ගෙන් පවා ඔබට උදව් උපකාර හිමි වෙනවා. අගමානුකුල පරිසරයක කටයුතු කිරීමට ඔබ කැමැත්තක් දක්වනවා. මනස සන්සුන්ව පවත්වා ගෙන යාමට ඔබ උත්සහ කරනවා. අන් අයගේ ආකර්ෂණය හිමි වෙනවා. ගොඩනැගිලි ඉදිකිරීම් යන්ත්‍රසුත්‍ර ආශ්‍රිත කටයුතු වලින් යම් ආකාරයක ගැටලුකාරී ස්වභාවයක් ඇති වෙනවා. විශේෂයෙන්ම තාක්ෂණික මෙවලම් භාවිතා කිරීමේදී කල්පනාකාරී වන්න.

ජය වර්ණය ලා නිල් පැහැය                     ජය අංකය 08

 

කුම්භ ලග්නය

සැගවුණු ශක්තින් වර්ධනය කරගන්න ඉතාමත්ම යහපත්. එළිපිට කරන ක්‍රියාකාරකම් වලට වඩා සැලසුම් සහගත ක්‍රියාකාරකම්වල නිරත වීම වඩාත් සාර්ථක වෙනවා. ව්‍යාපාරික ආදී කටයුතු වලට ආයෝජනය කිරීම වැනි දේවල් වලට ඉතාමත් යහපත්. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් වලට යහපත්. ඒවගේම මුල්‍යමය තත්වය යහපත් කර ගැනීමට ණය ඉල්ලන්න යහපත්. අලංකාරය උදෙසා කරන කටයුතු වලින් යම් ආකාරයක පාඩු ඇතිවිය හැකියි. ආමාශගත රෝගී තත්වයකින් ඔබ පිඩාවට පත් වෙලා හිටියනම් එයින් නිදහස් විය හැකියි. වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ ආශිර්වාදය හිමිවන දිනයක්. වියදම් ඉහල යා හැකියි.

ජය වර්ණය විසිතුරු පැහැය                       ජය අංකය 05

 

මීන ලග්නය

කලාකාමී කටයුතු වල නිරත වෙලා ඉන්න අයට පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වුනත් සන්නිවේදන වෘත්තිකයන්ට ඉතාමත්ම යහපත් දවසක්. තමන්ගේ සබදතා ශක්තිමත් කරගන්නත් අද දවස වඩාත් යෝග්‍යයි. තරගකාරි කටයුතු වලින් යහපතක් උදා වෙනවා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලින් තමන්ගේ ශක්තිය වර්ධනය වෙනවා. ජලය පානය නොකිරීම නිසා හටගන්නා රෝගී තත්ව වලින් කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ව වලින් පිඩා විදිනවා. දියරමය දේවල් වැගිරෙන සුළු දේවල් අලෙවි කිරීම් වල නිරත වෙනවානම් එයින් ඔබගේ ධන ශක්තිය වර්ධනය කර ගන්න පුළුවන්.

ජය වර්ණය ලා දම්                               ජය අංකය 08

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 0766765353

 

 

 


News Articles
Latest Videos
Most Popular Post