News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

දිමුත් පාකිස්තානයට පිත්තෙන් සලකද්දී, ශ්‍රී ලංකාව පළමු වරට රෑ කෑම කයි.

7316 Views


දිමුත් පාකිස්තානයට පිත්තෙන් සලකද්දී, ශ්‍රී ලංකාව පළමු වරට රෑ කෑම කයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ, රන් අකුරෙන් ලියවෙන දවසක් අද. එ් ශ්‍රී ලංකාව පළවෙනි වතාවට දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක් සඳහා සහභාගී වුන නිසා. පාකිස්තානය එක්ක පැවැත්වෙන මේ තරඟය තියෙන්නෙ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. ලංකාවේ වෙලාවෙන් හවස 3.30 ට අාරම්භ කරපු මේ තරඟයේ තවත් විශේෂත්වයක් තමයි රෝස පාට පන්දුවක් භාවිතා කරන එක. එ් වගේම වෙනදට තරඟය අතරතුරදී දිවා අාහාරය ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී අාහාරය තමයි ලබා ගත්තෙ.

මේ තරඟයෙත් කාසියේ වාසිය දිනා ගන්න නායක චන්දිමාල් සමත් වුනා. ලංකාවේ අාරම්භක පිතිකරුවන් වුනේ දිමුත් සහ කෞෂාල් සිල්වා. පළවෙනි කඩුල්ලේ සබඳතාව 63 ක් වෙද්දි ලංකාවේ පළවෙනි කඩුල්ල විදියට කෞෂාල් දැවී ගියා. එ් ලකුණු 27 කට. අද දවසේ ටෙස්ට් වරම් හිමිකර ගත්ත සදීර සමරවික්‍රම වේගවත් ලකුණු 38 ක් රැස් කරා. කුසල් මෙන්ඩිස් එක ලකුණකට දැවී ගියා. මිට සුළු මොහොතහකට කලින් සිදු වුන අද තරඟයේ විශේෂත්වය වෙන්නේ දිමුත් කරුණාරත්න ඔහුගේ 7 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීම.

මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලේ රැඳී සිටියොත් මේ තරඟයෙනුත් ජයග්‍රහණයේ බලාපොරත්තුවක් ලංකාවට තියාගන්න පුළුවන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post