News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

කෝඩුකාර සදීර වේගවත් වාර්තාවක් තියද්දී දිමුත් ලංකාවේ පළමුවෙනියා වුනු හැටි.

5553 Views


කෝඩුකාර සදීර වේගවත් වාර්තාවක් තියද්දී දිමුත් ලංකාවේ පළමුවෙනියා වුනු හැටි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂි තරගයක් ඊයේ ඩුබායි වලදී අාරම්භ වුනා. එ් ශ්‍රී ලංකාව සහභාගී වුන ප්‍රථම දිවා රාත්‍රී ටෙස්ට් තරගය. එ් වගේම ලංකාව මේ තරගයට අාවේ, පාකිස්තානය එ්ක්ක තියෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමේ අරමුණින්. කාසියේ වාසිය දිනා ගත්ත ලංකාව මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා.
අාරම්භක සබඳතාව ලකුණු 63 ක් වෙද්දි කෞෂාල් ලකුණු 27 කට දැවී ගියා. ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත්ත 142 වෙනි ක්‍රීඩකයා වෙන්න සදීරට පුළුවන් වුනා. ඔහු වේගවත් ලකුණු 38 ක් රැස් කරේ පන්දු 35 කදී. ඊට 4 පහර 5 ක් සහ එක් 6 පහරක් අැතුලත් වුනා. නැවතත් අසාර්ථක වුන කුසල් මෙන්ඩිස් එක ලකුණකට දැවී ගියා.
පලවෙනි ටෙස්ට් තරඟයේ මෙන්ම මේ තරඟයෙත් දිමුත් සහ චන්දිමාල් නොදැවුනු ශතක සබඳතාවක් ගොඩනැගුවා. මේ තරඟයෙත් තමන්ගේ පිත්ත ක්‍රියාත්මක කල දිමුත් නොදැවී ලකුණු 133 යි. එ් 4 පහර 15 ක් සහ එක් හයේ පහරක් සමගින්. නායක චන්දිමාල් නොදැවී ලකුණු 49 යි. යසීර් ෂා ලංකාවේ කඩුලු 2 ක් දවා ගත්තා. අමීර් කඩුලු 1 යි.
පළවෙනි දවසට තරඟය නතර කරද්දී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 254 ක් ලබා ගෙන ඉන්නවා. එ් වගේම මේ තරඟයේදීත් වාර්තා කිහිපයක්ම අලුත් කරන්න ලංකාවට පුළුවන් වුනා.
* මංගල ටෙස්ට් තරගයේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩිම ලංකාවේ ක්‍රීඩකයා වෙන්න සදීරට පුළුවන් වුනා.
* දිවා රාත්‍රී ටෙස්ට් තරඟයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් වාර්තා කළ පලවෙනි පිතිකරුවා වෙන්න දිමුත්ට පුළුවන්  
වුනා.
අද තරඟයේ දෙවෙනි දවස. මේ රිද්මයෙන්ම ක්‍රීඩා කලොත් ලංකාවට ලකුණු 500 ක් ලබා ගන්න බැරි වෙන්නෙ නෑ.
ඊයේ තරඟයේ Highlights මෙතනින් බලන්න. (විනාඩි 3 යි )


News Articles
Latest Videos
Most Popular Post